මේ බලන්න චූටි පුතේ... "අ" යන්න අම්මා..
ආ... චූටි පුතා කියන්න බලන්න "අ" යන්න.... මේ ඉන්නේ අ..ම්.මා
ඊයේ රෑ යාලුවෝ කට්ටිම බෝතල් දෙක තුනක් හිස් කරනකල්ම නට නටා.. හිටපු පොඩි එකා, දැන් මොකද මූ කට හොල්ලන්නෙ නැත්තේ. කට්ටිය වටවෙලා ඉන්න නිසා බයවෙලාද?
"ම්..හ් අම්මා කිව්වේ නැත්තන් අලියාහරි පෙන්නන්න කිව්වා" පොඩි එකාගේ අම්මා මිතුරාගේ කනට කරලා කිව්වා...
මෙන්න පුතා අලියා... "අ" යන්න අලියා
පොඩි එකා පොල්තෙල් පහන දිහා බලාගෙන ඉන්නවා.. සද්දයක් නෑ. අම්මටයි තාත්තටයි ෆුල් අප්සෙට්
මෙන්න පුතේ "අ" යන්න.... පොඩි එකාගේ අම්මා කිව්ව විතරයි ලග තිබුන පොල්තෙල් බෝතලය දිහා බලල හිනාවෙලා පොඩි එකා කිව්වේ එක වචනයයි
"අ ල ක් කු"
ලියා එව්වේ - නොම්මරේ (www.nommaraeka.blogspot.com)