නිමිත්ත : දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයට ගෙන ආ එළවළු කිලෝ තිස් දහසක් විකුණා ගැනිමට නොහැකිව කුණු ගොඩට විසිකර දමයි.
කන්න නැතිව දුප්පත් උන් වේලෙනවා
ලොක්කො එකතුවී සුර සැප වලඳිනවා
සොක්කො සැමට කන බත් පත වරදිනවා
අහෝ අපිත් මේ විදිහට විඳවනවා
එදාවේල කන්නේ හරි අමාරුවෙන්
බස් රථයේ යන්නේ දුක් මහන්සියෙන්
එලවලු අහෝ මේ විදිහට වීසි කරන්
ගොවියන් යන්නෙ සුසුමක් හදවතේ දරන්
තක්කලි මෑකරල් වම්බටු වට්ටක්කා
දඹුලු පොලට ගෙනවිත් ගොයියෝ වික්කා
ලාබ ගන්න බැරි බව දැනගත් අක්කා
පොහොරට දෙන්න ගෙනියනවා බණ්ඩක්කා
ගමේ අපට ඔය කිසිවක් නොදැනේවා
කොස් අල බතල වැඩි වැඩියෙන් වැවේවා
හිතේ දුකට යලි කවි නම් නොලියේවා
මහජන සම්පතක්වත් හෙට ඇදේවා
ලියා එව්වේ - කිරිපුතා (http://kiriputha.blogspot.com/)