Showing posts with label ඔබා මාමා. Show all posts
Showing posts with label ඔබා මාමා. Show all posts

Friday, June 1, 2012

ඔබා මාමා

එදා ඇවිත් හිටියත් සයිබර් සැණකෙළියේ
ඔබා මාමා නැත මා හට හමු වූයේ
වරද මගෙ බව දනිමි අද දිනයේ
පිරිවර වට කරන් නෙව මාමා හිටියේ

දුටුවෙමි ඔබෙ සිනා යනෙනා විටදී
හිතුනද දොඩන්නට මාමේ ඔබ ලඟදී
දිරියක් නොම වීය මේ ළදරුව හට එහිදී
හිඩැසක් තිබේ මගෙ හිත තුල අද දිනදී

ඔබා කවුරුන්ද යන බව මම අද දනිමී
ලැබ තිබු ගෞරවය හැම තැනදීම මම දුටිමී
කමෙන්ට් දමා හැම දෙන හට නොම ඉදිමී
නිහතමානි ඔබහට මම හිස නමමි

ඉන්නා තැනක සිට අප දෙස ඇස යොමපන්
කොලු-කෙලි පැටව් ටික නුබගේ යයි සිතපන්
යනවා නම සිත් තොසින් ඔබ ලැබ අමා නිවන්
එය සතුටකී පතනෙමු ඔබට නිවන්

ලියා එව්වේ - ඇවිද්ද පය (http://awidda-paya.blogspot.com)

Related Posts Plugin for WordPress, Blogger...