Showing posts with label අයදුම්කරු. Show all posts
Showing posts with label අයදුම්කරු. Show all posts

Thursday, March 17, 2011

බ්ලාබ්ලාබ්ලාබ්ලා ආයතනය වෙත, (හිතවත් අයැදුම්කරුව ලිපිය හා බැඳේ)

බ්ලාබ්ලාබ්ලාබ්ලා ආයතනය,

පරිගනක මෙහෙයුම් පරිපාලක තනතුර හා සම්බන්ධවයි.

මා පිළිබඳව ගූගල් යන්තරයෙන් බොහෝ තොරතුරු ලබාගෙන, ෆේස්බුක් හරහා එවන්නට යෙදුනු මිතුරු ඉල්ලුම හැරෙන තැපෑලෙන් පිලි ගැනීමද, ගූගල් බස්හී මා බොහෝ සෙයින් කාර්යය බහුලවූ රියදුරු මහතකුවූ බැවින්ද, මාගේ ප්‍රොෆයිලය බොහෝ බ්ලොග්හි නිරතුරු දැකිය හැකිවීමද, මා දිනපතා බ්ලොග් ලියන්නකු වීමද, යන නොවැදගත් සාධක මත ඉහත තනතුර ප්‍රදානය නොකිරීමට ගත් අදූරදර්ශී තීරණයට මා කණගාටු වෙමි.

එය හුදෙක් මා ඉහත කී රැකියාව ගැන අනේකවිධ බලාපොරොත්තු පොදිබැද සිටීම නම් නොවේ. ෆේස්බුකියේ, ගූගල් බස් එකේ, බ්ලොග් අවකාශේ නිරතුරු රඟපාමින් වුවත් නියමිත සේවය 100% සැපයීමට හපන් සේවකයෙක් කෙදිනකවත් ආයතනයට නොලැබෙනු ඇති බව 200%ක් විශ්වාස කරමි.

ස්තූතියි,
මෙයට,
අයදුම්කරු.

ලියා එව්වේ - තනෝජා රාජපක්ෂ (http://thanojar.blogspot.com)

Wednesday, March 16, 2011

හිතවත් අයැදුම්කරුව

හිතවත් අයැදුම්කරුව,

පරිගනක මෙහෙයුම් පරිපාලක තනතුර හා සම්බන්ධවයි

එවනලද අයැදුම්පත සලකා බැලීමෙන් අනතුරුව අප ආයතනය විසින් තීරණය කරනු ලැබුයේ ඔබ වෙත ඉහත තනතුර ප්‍රදානය නොකිරීමටයි. නමුදු දිගින් දිගටම ඔබ විසින් කරන්නට යෙදෙන විමසීම් හේතුවෙන් අප තීරණයට හේතුව මෙසේ දන්වා එවමු.

ඔබගේ නම ඇතුලත්කර, ගූගල් සෙවීම් යන්ත්‍රය මගින් බොහෝ තොරතුරු ලබාගත හැකිවිය. ඒවා උපයෝගී කරගෙන, ෆේස්බුක් හරහා එවන්නට යෙදුනු මිතුරු ඉල්ලුම හැරෙන තැපෑලෙන් පිලි ගැනීමද, ගූගල් බස්හී ඔබ බොහෝ සෙයින් කාර්යය බහුලවූ රියදුරු මහතකුවූ බැවින්ද, ඔබගේ ප්‍රොෆයිලය බොහෝ බ්ලොග් අතර නිරතුරු දැකිය හැකිවීමද, ඔබ දිනපතා බ්ලොග් ලියන්නකු වීමද, යන තීරණාත්මක සාධක සළකා බැලීම අපගේ තීරණයට හේතුවිය.

ස්තුතියි,
මෙයට විශ්වාසී,
බ්ලාබ්ලාබ්ලාබ්ලා ආයතනය

ලියා එව්වේ - රන්දිල් (http://ranrandil.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...