සමහර අය අවුරුදු 10 - 12 පිටරට සිට ලංකාවට පැමිණෙයි. පසුව ලංකාව තරං සුන්දර රටක් නැතිය කියා මෙහේ සිටන අයට දේශනා දෙන අතරේ තමන් සිටි රට ගැන පොර ටෝක් දෙති. හරියට ඒ රටේ ඉපදුනාක් මෙනි. ඒ රටේ නං මාර්ග නීති අකුරටම ක්‍රියාත්මක වෙයි කියමින් මෙහේ කහ ඉර පෙනි පෙනී වෙනතැන් වලින් ඔහේ පාර පනියි. කහ ඉර මැදම තමන්ගේ වාහනය නවත්වයි. එහේදී නං බීලා වාහන එලෙව්වොත් සොරි ඩොට් කොම් කියමින් මෙහේදී කන සාක්කුවට වැටෙන තුරු බී වාහන එළවයි. එහේ නං පාරේ කුණු පොදක් වත් නෑ කියම්න් මෙහෙදී කන බොන සියළුම දේවල් වල කොල, පැකට්, කඩදාසි ඔහේ පාරට දමයි. ලංකාව මෙතරම් සමච්චල්ද?
ලියා එව්වේ - තිළිණ - (thilinabuwa.blogspot.com)