ඒ අනෝරා වැස්සෙන් හේදීගිය බිත්තිවල කෙතරම් දැනුම් සම්බාරයක් කිඳාබැස ඇද්දැයි හිරිපොද වැස්සේම විද්‍යාපීඨ අතරින් බස්නැවතුම්පල කරා දුවන මට හිතුණා.
"..වෙසක් සැරසිල්ලකට ඔහොමත් ගහගන්නවද මං අහන්නෙ.."
"..ඔය ඉගෙනගෙන වැඩි හින්ද නොවැ.."
පාපුවරුවෙන් බැසීමට මොහොතකට පෙරාතුව කණ වැකුනු දෙබස මනසතුල දෝංකාර දෙන්නේ ඇයිදැයි සිතමින් අඩියට දෙකට ගේට්ටුව කරා පැමිණි මා පියවි ලොවට පිවිසියේ ඔහුගේ ආමන්ත්‍රනයෙන්.
"..campus එක ආයෙ අරින දවසක් කිව්වද මහත්තයො..."
"..තාම නෑ"
"බලන්නකො මහත්තයො, මේ සැරේවත් පුංචි එවුන් එක්ක හොඳට නත්තල් කන්න හිටියා, දැන් අපිට එදාවේලත් නෑ..."
විශ්වවිද්‍යාලය අසල බත්පැකට් විකිණූ ඒ සුන්දර මිනිසාගේ නෙතු වැසූ අඳෝනා වල අරුත් කියන්නට මාගේ තෙවැනි වසරේ දැනුම ප්‍රමාණවත් නැතැයි තෙතබරිතවූ සුළඟ කොඳුරා කිව්වා.
ලියා එව්වේ -
Dilan Dadevil (http://dilandadevil-poems.blogspot.com/)