ලෝකෙම ප්‍රසිද්ධ මහා ප්‍රාඥයෙක් කවියක් ලිව්වා.
ඒක හරිම සංකීර්ණයි. බැලූ බැල්මට නිකංම නිකං නොගැලපෙන වචන ගොඩක් විතරක් වුණාට ඒ කවි පේලි අතර හිතාගන්න බැරි ගැඹුරක් තිබුණා.
හැමෝම කවිය ගලපගන්න උත්සාහ කලා. කවිය ගැන එක එක මත හැමදාම එක එක විචාරකයො ලිව්වා.
“ඒක බොහොම හොඳ කවියක්.”
පත්තර වලින් ඒ කවියෙ කෑල්ලෙන් කෑල්ල වර්ණනා කලා. ඒ වුණාට ඒ ටක්කෙටම විශ්වාසෙ පිට නෙවෙයි. කාටවත් කවිය තේරිල තිබුණෙ නෑ. ඒත් හැමෝම ඒක ගැන හොඳ කිව්වා.
සති කීපයක් වෙරිමතින් හිටපු ප්‍රාඥයා එකපාරම ඇහැරුණා. මිනිහ දැක්ක හැමෝම තමන් ගැන කියවන්න අරන් විත්තිය. මිනිහ බැලුවා කවිය දිහා...
“අහ්... මේකෙ අර්ථය තේරෙන්න උවමනාම වචන පේලිය මම ලියල නෑනේ...”
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)
Showing posts with label මාධ්‍ය. Show all posts
Showing posts with label මාධ්‍ය. Show all posts
Saturday, June 4, 2011
Monday, February 7, 2011
ජාත්‍යාලයට මෙඩිකල් එකක්!
අමාරුවෙන් හිටගෙන හිටපු සමාලි ඉවසන්න බැරිම තැන ඉඳගත්තෙ පසුබිමින් ඇහෙන ජාතික ගීය අමතක කරලා....
කුසේ ගෑස් අදත් ඇයට කරදර කරන්න අරන්...
“ජාතික ගීය වැයෙද්දි නිදාගෙන හිටපු එක බරපතල වරදක්”
“වසම වැරැද්ද මේක ටීවී එකේ පෙන්නපු එක... දැන් අමාත්‍යංශෙ ලේකම්තුමා මගේ ඔළුව කන්න යනවා...”
සමාලිගෙ ඇස්වලට කඳුළු ඉනුවා...
“මෙඩිකල් එකක් අරන් එන්න එදා අසනීපෙන් හිටිය කියල... එහෙමවත් බේරෙන්න බලමු...”
ලියා එව්වේ - h (http://living.hartstuff.com/)
කුසේ ගෑස් අදත් ඇයට කරදර කරන්න අරන්...
උදේ දරුණුවට තිබුණෙ නෑ. කවුද හිතුවෙ කාර්යාලෙට ආපු ගමන් මේ තරම් වැඩි වෙයි කියලා...
සමාලි කුසට අත් දෙක තද කරන් මේසෙ ඔළුව තියාගත්තෙ ඉවසන්න බැරිකමට...
...............................
තර්ක විතර්ක ගැරහීම් ගොඩකට පස්සෙ සමාලිට කැඳවීමක් ලැබුණා.
“ජාතික ගීය වැයෙද්දි නිදාගෙන හිටපු එක බරපතල වරදක්”
අධ්‍යක්ෂතුමා කණ්නාඩිය ගලවලා පිහිදන ගමන් සමාලි දිහා බැලුවෙ රවාගෙන...
“වසම වැරැද්ද මේක ටීවී එකේ පෙන්නපු එක... දැන් අමාත්‍යංශෙ ලේකම්තුමා මගේ ඔළුව කන්න යනවා...”
“මෙඩිකල් එකක් අරන් එන්න එදා අසනීපෙන් හිටිය කියල... එහෙමවත් බේරෙන්න බලමු...”
ලියා එව්වේ - h (http://living.hartstuff.com/)
Thursday, September 16, 2010
මීඩියා කයිය.
පත්තරයකුයි ටීවී චැනලයකුයි කයියට වැටුණා.
"අග්‍රවාල් කොම්පැනියේ විසාල ස්ට්‍රයික් එකක්ලු. රස්සාවෙන් දොට්ට දමනවලු එකසිය ගාණක්? මම නම් පිටු දෙකක් පුරා දැම්මා."
"අග්‍රවාල් තමයි අපට වැඩියෙම ඇඩ් දෙන්නේ. ඇදලා ප්‍රෝග්‍රෑම් දැම්මොත් ඇඩ් කපල දායි. "
"මම අර ජොබ් නැති වෙච්ච අයගේ ඉන්ටවීව් ටිකක් පත්තරේට දමන්නම්. උඹ අග්‍රවාල් ලොක්කා එක්කල ඉන්ටවීව් එකක් විකාශනය කරපන් රස්සාවල් නැති කරපු එක ගැන සාධාරණීකරණය කරල අපේ පත්තරේට බැනලා."
"එහෙනම් උඹ අපේ චැනල් එකටත් බැනල ලියපන්. අපිත් නිවුස් වලටයි සංවාද වැඩසටහනෙනුයි උඹලයි පත්තරේට බැනල දාන්නම්."
"ඔව් එතකොට පත්තරෙන් ස්ට්‍රයික්කාරයෝ ටික උඩ දමන එක නවත්තන්න අග්‍රවාල් කොම්පැනියෙන් අපේ පත්තරේට ඇඩ් ලැබෙද්දි ස්‍ට්‍රයික්කාරයින්ට බම්බු ගහන්න කියලා අපි දෙගොල්ලම ගොඩ යමු. ".
ලියා එව්වේ - ලලින්ද්‍ර පෙරේරා

Labels:
ටීවී,
පත්තර,
මාකටිං,
මාධ්‍ය,
ලලින්ද්‍ර පෙරේරා,
වෙලඳ දැන්වීම්
Subscribe to:
Posts (Atom)