ගුගලා මුලින්ම ආවේ ඒ කාලෙ තිබුණ හැම ඊ-මේලයකටම වැඩි ඉඩක් නොමිලේ දෙමින්ය. අපි ගොඩක් අය ඊ-මේල් එකවුන්ටෙකේ ගිගාබයිට් තුන හතරකට වඩා පාවිච්චි නොකරත් අපේ පෙරේතකම ගුගලාගේ මේල් ගැටේ උනේය.
ඒ මේලය හදද්දී පරණ මේල් එකක්ද වෙරිෆයි කරන්නට දුන්නේය.
පස්සෙ කාලෙක ගුගලා ටූ වේ වෙරිෆිකේෂන් කියා අටමගලක් හඳුන්වා දී අපේ මොබයිල් පෝන් අංකයද ඩැහැගත්තේය.
අවුරුදු කීපෙක ඉඳන් ඇන්ඩ්‍රොයිඩ් ඉලව්වක් නිසා දැන් අපි යන එන තැන් ගැනත් ගුගලාට ඕනනං හොයන්ඩ පුළුහංය.
ඊයෙ පෙරේදා ඉඳන් මූට කලින් දුන් පෝන් අංකෙ මදි කියා තව එකක් ඉල්ලනවාය.
මුංගෙ රෙද්දෙ සෙකුරුටිය. දැන් නං ගුගලා ඕනවට වැඩිය.
ගුගලගෙ මාළු ගුගලගෙ ඇඟේ තබා කපන්න බැරි නිසා කට පියාගන්නවාය.
ලියා එව්වේ - hare :-)
Showing posts with label gmail. Show all posts
Showing posts with label gmail. Show all posts
Wednesday, February 19, 2014
Thursday, June 9, 2011
google +1
දන්නවනේ google +1 ගැන. නොදන්නවනම් මේ කියන්න යන්නෙ ඒක ගැන. google +1 කියන්නෙ අපට අන්තර්ජාලෙ භාවිතා කරන හැමදේකදිම පාවිච්චි කරන්න පුළුවන් ලකුණු දීමේ ක්‍රමයක්. ඒ කියන්නෙ google +1 පාවිච්චි කරන අඩවියක එහෙ මෙහෙ කැරකෙද්දි බොහොම හොඳ තත්ත්වයේ නිෂ්පාදනයක් අපට හම්බ වුණොත් අපට පුළුවන් ඒකට +1 එකක් එකතු කරන්න. එතකොට ඒ නිෂ්පාදනයට ඒක තියෙන ස්ථානයේදීම ලකුණක් එකතු වෙනවා. හරියට අර ෆේස් බුක් එකේ ලයික් එක වගේ.
ඒ එක්කම අපි එහෙම ලකුණු දීපු තැන් අපේ google profile එකේ පෙන්නනවා. එතකොට නිතරම අපේ profile එක ඇසුරු කරන කෙනෙක්ට අපි ලකුණු දුන්නේ මොනවටද කියල දැනගන්නත් පුළුවන්.
හැමෝටම gmail ගිණුමක් තියෙන නිසා වැඩේ නැගල යයි.
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Subscribe to:
Posts (Atom)