මේට්‍රික්ස් චිත්‍රපටියෙ කියවෙන මේට්‍රික්ස් එක මිනිස්සුන්ට පෙන්වන මායාවක්. ඒක ඇතුලෙ මිනිස්සුන්ගෙ සියළු ප්‍රශ්ණ වලට විසඳුම් තියෙනව. මිනිස්සුන්ට තමන්ගෙ ඇත්ත ජීවිතේ ගැන කිසිම හැඟිමක් නැතිවම මේට්‍රික්ස් එක ඇතුලෙ පවතින්න පුළුවන්.
ඒක සම්පූර්ණයෙන් ස්වායක්ත පද්ධතියක්! ඒ නිසාම ඒක ඇතුලෙ ඉන්න කෙනෙක්ට ඒකෙ තියෙන ප්‍රශ්ණ තේරෙන්නෙ නෑ. ඒක ප්‍රශ්ණ කරන්න නොතේරෙණ තරමටම මිනිස්සු ඒ මායාවට අහුවෙලා.
ඇත්තටම මිනිස්සු කියන්නෙ යන්ත්‍රවලට බලය සපයන බැටරි කියල එයාල දන්නෙ නෑ.
ඇත්තටම අපි ඉන්නෙ මේට්‍රික්ස් එකක නොවුණට අපේ ජීවිතේ ඇතුලෙ අපි ප්‍රශ්ණ නොකරම ගැට ගැහිල ඉන්න දේවල කොයි තරම්ද?
ජාතිය, ආගම, ආදරය, දේශපාලනය, මතවාද, සමාජය, සම්මතය, පෞද්ගලිකත්වය, විලාසිතා, ස්ටයිල්?
සේරම අපිව මුලා කරගෙන!
ඇත්තට අපි මේට්‍රික්ස් ගොඩක!
ලියා එව්වේ - hare :-)
Showing posts with label සමාජය. Show all posts
Showing posts with label සමාජය. Show all posts
Friday, April 20, 2012
Tuesday, June 21, 2011
විප්ලවය? බම්බුව තමයි!
කුමාරයි මමයි හෝල්ට් එක මගඇරලා මුල්ලකට ගියේ තිත තියපු භාණ්ඩයක් එක්ක.
අපි නිහඬවම ඒ ආශ්වාදය වින්දා.
ප්‍රොෆෙෂනල් හිඟන ඇඳුමක් ඇඳගෙන වයසක මනුස්සයෙක් වෙව්ලමින් ආවා...
"අනේ මහත්තයෝ.. තේ එකක් බොන්න කීයක් හරි..."
ඒ මිනිහ අත පෑවා.
මම අහක බලාගත්තා.
කුමාර සාක්කුවෙන් විස්සක් ඇදල අරන් ඒ මිනිහට දුන්නා. මිනිහ කුමාරට වැඳල යන්න ගියා.
"උඹට පිස්සුද බං?" මම ඇහුවා.
"ඇයි?"
"උන්ට ඔහොම කලාම තවත් හිඟන්නු වැඩි වෙනවා."
"ඉතිං?"
"ඉතිං කියන්නේ? අපි හිඟන්නු නැති සමාජයක් හදන්නයි ඕන..."
"බම්බුව තමයි...!!!"
කුමාර කිණ්ඩියට හිනා වුණා.
"උඹගෙ ඔය හිඟන්නු නැති සමාජෙ හැදෙනකල් අර මනුස්සය බඩගින්නෙ ඉන්නද...?"
කුමාර විස්සෙ කොටේ විසි කලා.
"උන්ට ඕන අද දවසෙ ජීවත් වෙන්න"
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Tuesday, May 3, 2011
මැයි පලවෙනිදාට පසු දිනය...
හැමවෙලේම සිස්ටම් එක වෙනස් කරන්න විවිධ මගුල් නටන අපි අධිරාජ්‍යවාදයටත් එරෙහිවෙලා ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න කියලා පෙත්සම් ගහනකොට අපි සිස්ටම් එක ඇතුලේ ඉන්න ගමන් ඒක පෙරලන්න මාන බලද්දි මනුස්සකම මාකට් එකොනොමි එක ඇතුලේ ගොඩදාන්නේ බෑ! කියන එක එන්න කලින් අපි අනික් මනුස්සයාට කරන උදව් එයාගෙන් ආයි බලාපොරොත්තු වෙන්න නැතුව එයාගෙන් වෙන අයට ඒ දේ වෙන්න දිරිගැන්වුවොත් අපි එකිනෙකාට උදව් කරන සමාජයක් ඇතිවෙයි කියලා හිතුවත් හැමෝම අවංක වෙන ඒ වගේ සමාජයක් ගැන අපිට බලාපොරොත්තු තියාගන්න බැ කියලා හිතන එක හරියට නිකං සිරසට බනින උන්දැලා කියන බයිලා පිලිගන්න ගමන් සුපර් ස්ටාර් බලනවා වගේ නේද කියලා හිතෙද්දි විලියම් කැතරීන් එක්ක හනිමූන් ගියානේ ආයුබෝං.....
ලියා එව්වේ - හේත්තුහාමි (http://heththuhami.blogspot.com/)
ලියා එව්වේ - හේත්තුහාමි (http://heththuhami.blogspot.com/)
Friday, December 10, 2010
මුළාවේ මෙවුල්දම්
හෝරාවක් අවසන හමාරවූ පෙම් හටනක නෂ්ටාවශේෂ අතරට බිම විසිරි ඇඳ ඇතිරිල්ලත්, අද්දරවූ මේස් යුගලත්, හැඩිවූ ඇඳත් වාගේම උන් දෙදෙනාත් අයිති විය. දහදියෙන් වැසී ගිය සිරුරේ සුන්දරත්වය තම අණසකට නතුව මෙපමණ වේලා රැඳුණේ කෙසේදැයි හිතාගත නොහී ඔහු ඇය දෙස බලා සුසුම් හෙළීය.
"...දන්නවද?..... මගේ බඩට දැන් මාස තුනයි" නිසල බව බිඳි ඈ එසේ කියද්දී පිළිතුරු බඳිනු වෙනුවට වහලේ උළු ගණන් කල හෙතෙම ලද විරාමයෙන්.. "පොඩි එකා මම වගේ වුණොත් තමයි වැඩේ" යැයි පවසද්දී එහිවූ ප්‍රශ්නාර්ථය වාතලයේ වැදී නින්නාද දුන්නේ කාමරයේ බිත්ති හතර තුළ නොව උන්ගේම හිත්වලය.
"නැහැ... එයා හීනෙකින්වත් හිතන්නෙ නෑ... එයාට මාව විශ්වාසයි........ සුමනෙ මට ආදරෙයි, සිරි" යැයි කවුදෝ පැවසුවේය.
ලියා එව්වේ - Dilan Dhananjaya (http://dilandadevil-poems.blogspot.com/ )
Labels:
Dilan Dhananjaya,
අනියම්,
රඟපෑම,
ලිංගිකත්වය,
විශ්වාසය,
ශෘංගාරය,
සමාජය
Monday, September 13, 2010
ධූරාවලි
“එයාට අක්ක කියල කියන්න එපා”
කාන්තා කාකාසවරියකට ‘අක්කා’ යැයි ඇමතූ විට විජේසේන මහත්මිය මාගේ කණට කර කීවාය.
“ඔයාල අළුත් නිසා මේව දැනගන්න ඕන. එයාලව කරට ගන්න එපා.”
අළුත් රාජකාරියට හුරුවන්නට මාස ගණනක් ගතවීමට ඉඩ තිබේ. සියල්ලට වඩා මේ බල ධූරාවලිය වටහාගැනීම දුෂ්කරය.
කාර්යාලයේ වසරක් සේවය කර අත්දැකීම් ලැබ මම පසක් කලෙමි.
කණිෂ්ඨ තනතුරුලාභීන්ට මහතකු හෝ මහත්මියක වීමටද වරමක් නැත.
තම මවගේ අභාවයට සහභාගි වූ කාර්යාලයේ සැමට ස්තූති කර ඊයේ එක් කණිෂ්ඨ සේවිකාවක් දැන්වීම් පුවරුවේ දැන්වීමක් පල කර තිබුණි.
දැන්වීම අවසන,
‘ස්තූතියි
එම්. චන්ද්‍රතිලකා මිය’
යනුවෙන් ඇගේ නම සඳහන් විය.
අද එහි වූ ‘මිය’ කොටස කවුරුන් විසින් හෝ කුරුටු ගා තිබුණි.
ලියා එව්වේ - h (http://living.hartstuff.com/)
Tuesday, September 7, 2010
ෆෑන් එක සහ ඉටිපන්දම
''අම්මලාට ගිය මාසෙ ලයිට් හම්බෙලාලු...''
''ආ..ඇත්තද.....''
''අපි ඒ පැත්තෙ ගිහින් එමුද හෙට අනිද්ද?''
බිරිඳගේ පෙරැත්තය නිසාම පසුගිය සති අන්තයක අපි ඇයගේ මහගෙදර බලා පිටත්ව ගියෙමු.
"අපි මොනවද අරන් යන්නෙ...?"
ඇය නගරයේ ලොකු සාප්පුවකින් stand fan එකක් උස්සගෙන ආවාය.
"තාත්තට සතුටු හිතෙයි..."
"හ්ම්.."
අප එහි යන විට රාත්‍රී හත අට පමණ වී තිබුණි. වහා ඇඟ සෝදාගත් මා රාත්‍රී ආහාරය ගනිමින් සිටියදීම හදිසියේ විදුලිය විසන්ධි විය. එකෙනෙහිම කාරුණික වූ නැන්දනිය ඉටිපන්දමක් දල්වා කෑම මේසයේ අප අසලින් තැබුවාය.
" අම්මේහ්... හරි ඌෂ්ණෙ..."
මාමණ්ඩිය මොහොතකින් කියන්නට විය.
"දූ ගෙනාව ෆෑන් එක දාන්නද...?"
නැන්දම්මා අසයි,
"ඔහේට පිස්සුද හැබෑට ඉටිපන්දම නිවෙනවනෙ..."
වහා කිපෙන සුළු මාමණ්ඩිය බෙරිහන්දෙයි.
ලියා එව්වේ - සුදර්ශන දිසානායක

Subscribe to:
Posts (Atom)