"දිගු දෑස දුටුවාම... හැඟෙනවා පෙර සේම.. උන්නු හැටි මගෙ ගාව... ඔය හිතට අමතක ද?... බිඳ දමා...."
"හෙලෝ"
"හෙලෝ කසුන්. අදුනගන්න පුලුවන්ද ..?"
"අහ්.... ඔය කටින් කියපු දේවල් අමතක කරන්න බැරි නම්... ඔය කටහඬ කොහොම අමතක වෙන්නද ජනනි?"
"මැට්ටෝ.. විකාර කියවන එක නවත්තනවා...
මේ ඒක නෙමෙයි... මම කෝල් කලේ මොකටද දන්නවද??"
"මම දන්නේ කොහොමද?"
"happy birth day කසුන්. studies කොහොමද දැන්? තාමත් කෙල්ලන්ට flirt කරනවා නේද?"
"මගේ උපන් දිනේ තවම මතකයි නේද ඔයාට?"
"මේ ලෝකේ ඉන්න ලොකුම මෝඩය ඉපදිච්ච දවස මම කොහොම අමතක කරන්නද?"
"මම තවම ඔයාට ආදරෙයි ජනනි... දන්නවා නේද?"
"හොඳට ඉන්න කසුන්.. මම තියනව.. හස්බන්ඩ් ආවා."
බීප්.... බීප්.... බීප්....