මං අතරමං වෙලා... අතීතයත් වර්තමානයත් අතර අතරමං වෙලා...
එදා "හැම දෙයක්ම දාලා මං ළගට එන්න.මං පුංචි සුදු රෝස මලක් වගේ ඔයාව බලාගන්නම්" කිව්ව ඔයාම "ඔයත් එක්ක ජීවත් වෙන එක මහ කරුමයක්" කියන්න තරම්," මගේ ජීවිතේ සම්පූර්ණ වෙන්නෙ ඔයා මං ළග නම් විතරයි" කියපු ඔයාම "ඔයා නිසයි මට හැම දෙයක්ම නැති වුනේ.. ඔයා එක්ක ඉන්න එක අමාරුයි නෙවෙයි, ඉන්න බෑ" කියන්න තරම්,මගෙන් වුණු වැරැද්ද මං තාම හොයනවා.
මමත් වැරදි ඇති.. ඒත් මෙච්චර හිත රිද්දන්න තරම්, මගෙන් මිදිලා ඈතට යන්න හිතන්න තරම් වරදක් නම් කරලා නෑ මං.
මට උදවු කරන්න පුළුවන් නම්, ආයෙමත් ඒ ලස්සනම ලස්සන හීනයක් වගේ අතීතයට යන පාර හොයාගන්න..
ලියා එව්වේ - Smiles Tears
Showing posts with label පළමු. Show all posts
Showing posts with label පළමු. Show all posts
Wednesday, November 17, 2010
Monday, October 25, 2010
සමනලයා..
මලෙන් මලට පියාබලා
අන්තිමටම
රෝස මල ලඟ...
මම බලාන හිටියා
ලස්සන සමනලයෙක්
ඊටත් වඩා ලස්සන රෝස මලක් ලඟ....
සුලගත් එක්ක
දෑනුන සුවද
ඔයා මගේ ලගමයි කිව්වා
මම හැරිලවත් බෑලුවෙ නෑ...
තිගැස්සුන සමනලයා
ඈතට ගියා
දාල යන්න බැරි ලෝභ කමකින්....
සමනලයා ආයෙත් රෝස මල ලග....
ලියා එව්වේ - නුවනි නිසල්යා ඉරුගල්බණ්ඩාර
අන්තිමටම
රෝස මල ලඟ...
මම බලාන හිටියා
ලස්සන සමනලයෙක්
ඊටත් වඩා ලස්සන රෝස මලක් ලඟ....
සුලගත් එක්ක
දෑනුන සුවද
ඔයා මගේ ලගමයි කිව්වා
මම හැරිලවත් බෑලුවෙ නෑ...
"බලන්න ...."ඔයා කිව්වා
"බෑ"හෑමදාම කියන වචන ටික.......
"ඇයි"
"බැරිනිසා"
"ආදරෙයිද??"
"දන්නෙ නෑ"
"ඇයි"
"හිතුවෙ නෑ තව"
"හිතනවද"
"බලමු..."
"මම යන්නද??"
"හා"
"කෝල් කරන්න..."
"හිතුනොත්...."
"ඕනෙම නෑ...."
"මම යනවා..."
"එන්නෙම නෑ...."
තිගැස්සුන සමනලයා
ඈතට ගියා
"පව්...."ඔයා කිව්වා
"මට හිතුනා....."
"ඈස් දෙකට කදුලු පිරුන..."
"ආයෙත් සුපුරුදු සුවද"
"ලගටම ඈවිත්"
"මම හැරිල බැලුව....."
"හොදට හිතල උත්තරයක් දෙන්න......"
“හා“මම කිව්ව
දාල යන්න බැරි ලෝභ කමකින්....
සමනලයා ආයෙත් රෝස මල ලග....
ලියා එව්වේ - නුවනි නිසල්යා ඉරුගල්බණ්ඩාර
Monday, October 11, 2010
001 මගේ පළමු බ්ලොග් ලිපිය
මට මුලින්ම බ්ලොගර් කෙනෙක් වෙන්න හිතුනෙ මරණෙගේ ෆේස්බුක් පොස්ට් දැක්කට පස්සේ. ඒ අසාව තවත් වැඩි උනා සිංහල බ්ලොග් අවකාශයේ පළකරලා තිබුන බ්ලොග්ස් කියවනකොට. කොහොම උනත් පාසලේ වැඩ සහ ටියුෂන් පන්ති නිසා ඒ ආසව ටිකක් යට ගියා.
ඒ සේරම ඉවර කරල නිදහසේ ඉන්නකොට තමා “100” බ්ලොග් සයිට් එක ගැන මරණෙගෙම පොස්ට් එක දැක්කෙ. මගෙ පළවෙනි බ්ලොග් ලිපිය 100 පොස්ට් කරන්න හිතුනෙ 100 අනිත් පැත්තට ගත්තම 001 නිසයි.
ඉතින් අද ඉඳන් ඉඩක් සහ ලියන්නට දෙයක් ලැබෙන හැම වෙලවකම බ්ලොග් ලිපියක් ලියන්න හිතගෙන ඉන්නවා. මගෙ ප්‍රාර්ථනාව 100වෙනි බ්ලොග් එකත් 100ටම ලියන්නයි. අද ඉඳන් මමත් බ්ලොගර් කෙනෙක් කියලා හිතෙනකොටත් ගොඩාක් සතුටුයි. එක අමුතුම හැඟීමක්.
ලියා එවුවේ - සජිත් රූපසිංහ

Subscribe to:
Posts (Atom)