ඔහු කියා දුන්නේ ගොඩ අඩු කරගැනීමටය.
අපි හැමදාම ගොඩ වැඩි කරගන්නේ කෙසේදැයි මාන බලන්නෙමු.
ඔහු සතුරන්ටද මෛත්රී කරන්නට ආදර්ශමත් විය.
අපි සතුරන් නසා ප්රීතියෙන් සමරන්නෙමු.
ඔහු නැවත ඉපදීම නැමැති මුදුන් පරාලය සින්දේය.
අපි පෙර ආත්මත් ඉදිරි ආත්මත් පටලවාගෙන මේ ආත්මයේ දුක් විඳින්නෙමු.
ඔහු පංච සීලය සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගය සරල ජීවිතයකට මගක් ලෙස විග්රහ කළේය.
අපි ඒවා කටපාඩම් කර උදේ සවස මෙනෙහි කරමින් ඉන් පරිබාහිර දේම කරමින් සිටින්නෙමු.
ඔහු අන් මතයන් ඉවසීය.
අපි ඔහුගේ නාමයෙන් අන්මත දරන්නන් සුන්නද්ධූලි කරන්නෙමු.
ඔහු සියල්ල නැසෙනසුළු බව ප්රත්යක්ෂ කළේය.
අපි එය කිසිදා නොපිළිගෙන රැකීම උදෙසාම රකිනා දෙය විනාශයට රැගෙන යන්නෙමු.
ලැයිස්තුවනම් තව බොහෝ දිගය.
ලියා එව්වේ - බ්ලොග්කාරයා (http://asinhalablogger.blogspot.com/)
Showing posts with label වෙසක්. Show all posts
Showing posts with label වෙසක්. Show all posts
Thursday, May 19, 2011
Wednesday, May 18, 2011
ගුගල්ලාගේ වෙසක් තිළිණය
බ්ලොගර් මත බ්ලොග් ලිවීම කරපු හැමෝටම පහුගිය දවසක දෙකකදි මුහුණ දෙන්න වුණ සිදුවීම අමතක නැතිව ඇති. ලංකාවෙ අපි කරක් ගහන ෆේස්බුක් එකේ ස්ටේටස් මැසේජ්, ට්විටරයේ ට්වීට් එක්ක ගුගල්ලගෙම බස් එකේ පෝස්ට් දමමින් හැමෝම ඒ ගැන දුක් වුණා.
හරියට කන්න ලැබුණෙ නෑ වගේ හැමෝම හිටියෙ. හැමෝටම දැණුන යාළුවෙක් නැතිවුණා වගේ දුකක්. කියවන්න දේකුත් ඒ දවසට දෙකට තිබුණෙ නෑ වැඩිය. සිංහල බ්ලොග්වලින් ගොඩක්ම තියෙන්නෙ බ්ලොගර් උඩ ලියවෙන ඒව නිසා ඒ එකක්වත් අප්ඩේට් වුණේ නෑ. ආසාවට කමෙන්ට් එකක් දාගන්න විධියක් තිබුණෙ නෑ.
ඇත්තටම ගුගල්ලට උවමනා කරල තියෙන්නෙ හැමෝටම වෙසක් තිළිණයක් දෙන්න. අනිත්ය මෙනෙහි කරවන්න, ඉවසීම ප්රගුණ කරන්න.
ඒ ගැන හැමෝම ගුගල්ලාට පිං දෙමු.
ලියා එව්වේ - රජී (http://rajisometimes.blogspot.com/)

Tuesday, May 17, 2011
ටීවී එකෙන් එන්නෑලු!
සමුද්රා මේ පාර වෙසක් පෝයට පන්සලේ සිල් ගන්න හිතුවෙ කාලෙකින්. හැමදාම කාර්යාලෙ පීඩනයකින් පෙලෙන හිතට සිල් ගැනීමෙන් පොඩි සහනයක් ලැබෙයි කියලයි එයා හිතුවෙ.
මේ පාර සිල් වැඩසටහන ටීවී එකෙන් සජීවීව දෙනව කියල ආරංචියක් තිබුණා.
ඒක තමන්ට කරදරයක් වෙයි කියල හිතපු සමුද්රා සිල්ගන්න හිටපු සෙනග පීරගෙන ගිහින් බෝ මළුව කෙලවරක හෙවණක සුදු රෙද්ද එලාගත්ත.
හැම පෝයටම සිල් ගන්න ආච්චිල කණ්ඩායම තමයි ධර්මාසනය කිට්ටුවෙන්ම ඉඳගෙන හිටියෙ.
පන්සලේ පුංචි හාමුදුරුවො ඇවිත් කියපු දෙයක් නිසා ඒ ආච්චිල කලබල වුණා. කීප දෙනෙක්ම නැගිට්ටා.
මැගිලින් ආච්චිත් එතනින් නැගිටල කඩිමුචියෙ සමුද්රා කිට්ටුවට ආව.
“මේ මම හැමදාම සිල් ගන්න තැන. ඔයා ටිකක් එහාට වෙන්න දුව. ටීවී එකෙන් එන්නෑලු”
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Saturday, December 25, 2010
උන්ගේ නත්තල.... (සත්ය කථාවක් ඇසුරෙන්)
ඒ අනෝරා වැස්සෙන් හේදීගිය බිත්තිවල කෙතරම් දැනුම් සම්බාරයක් කිඳාබැස ඇද්දැයි හිරිපොද වැස්සේම විද්යාපීඨ අතරින් බස්නැවතුම්පල කරා දුවන මට හිතුණා.
"..වෙසක් සැරසිල්ලකට ඔහොමත් ගහගන්නවද මං අහන්නෙ.."
"..ඔය ඉගෙනගෙන වැඩි හින්ද නොවැ.."පාපුවරුවෙන් බැසීමට මොහොතකට පෙරාතුව කණ වැකුනු දෙබස මනසතුල දෝංකාර දෙන්නේ ඇයිදැයි සිතමින් අඩියට දෙකට ගේට්ටුව කරා පැමිණි මා පියවි ලොවට පිවිසියේ ඔහුගේ ආමන්ත්රනයෙන්.
"..campus එක ආයෙ අරින දවසක් කිව්වද මහත්තයො..."
"..තාම නෑ"
"බලන්නකො මහත්තයො, මේ සැරේවත් පුංචි එවුන් එක්ක හොඳට නත්තල් කන්න හිටියා, දැන් අපිට එදාවේලත් නෑ..."විශ්වවිද්යාලය අසල බත්පැකට් විකිණූ ඒ සුන්දර මිනිසාගේ නෙතු වැසූ අඳෝනා වල අරුත් කියන්නට මාගේ තෙවැනි වසරේ දැනුම ප්රමාණවත් නැතැයි තෙතබරිතවූ සුළඟ කොඳුරා කිව්වා.
Labels:
Campus,
Dilan Dhananjaya,
JVP,
නත්තල්,
වලි,
විශ්වවිද්යාල,
වෙසක්
Subscribe to:
Posts (Atom)