Sunday, June 5, 2011

නම් තැබීම...

මේ කතාවේ පසුබිම, අවරුදු 35 කට විතර ඉස්සර බණ්ඩාරවෙල. ඒ කාලේ මං වගේ ලංගම ඉංජිනේරු අංශෙ වැඩ කොරපු, මං ඇප්රෙන්ටිස් ෂිප් එක කොරපු තැනින්ම අවුට් වෙච්ච, අපේ සෙට් එකක් ගෙදරක බෝර්ඩ් වෙලා හිටිය. ගෙදර හිටියේ, ගෙදර අයිතිකාර අම්මයි එයාගේ තරුණ වයසෙ දුවල හතර දෙනයි. ගෙදර හිටිය ස්ත්‍රී පරාණ පහට අරුන් දාල තිබුන නම්...

(1) අම්ම = මහානාම (ගෘහ මුලිකය නිසා)
(2) ලොකු දුව = බද්දිය (ගෙදර කුස්සිය ඉන් චාර්ජ්. කොටින්ම බත් දීම)
(3) දෙවෙනි දුව = කොණ්ඩඥ්ඥ (දිග කොණ්ඩයක් තිබූ නිසා)
(4) තෙවැනි දුව = අස්සජි (පෝනි ටේල් එක නිසා)
(5) බාලම දුව = වප්ප (පොඩි පහේ වපරයක් තිබූ නිසා)



ලියා එව්වේ - Observer (http://observer-nireekshaka-observer.blogspot.com)

18 comments:

  1. දැනට 35 කට කලින් කියන්නේ අයියත් කොල්ලා නෙව..නරක නැහැ බෝඩිම..කෙල්ලොම තුනක් එක්ක...

    ReplyDelete
  2. හික් හික්... මරු නම් සෙට් එක... ඉගෙන ගත්තු ළමයි ටිකක් :D

    ReplyDelete
  3. ඇහ් කෙල්ලො 4ක් ඉන්න තැනක මෙහෙමත් කොල්ලො බෝඩින් කරන්නවද හැබෑට.යසයි!!

    ReplyDelete
  4. අප්පා... ගින්දරයි පුළුනුයි එකතු කරලා ඇවිලුනේ නැතැයි....

    කෙල්ලන්ට දාලා තියන නම් වල හැටියට ෂුවර් එකටම ඔබා මාමගේ යාලුවා හොඳ උපාසක මහත්තයෙක් වගේ......

    ReplyDelete
  5. නම් දාපු එකා, ලංගම ප්‍රසිද්ධ චරිතයක්, පොර මේවා කියවන්නේ නැහැ කියල, සෑහෙන්න ෂුවර්,"බයිල පියා" කිව්වම ඕනෙ කෙනෙක් දන්නව. අන්තිමට දන්නෙ කොළඹ උතුර රීජන් එකේ ප්‍රධාන යාන්ත්‍රික ඉන්ජිනේරුව හැටියට වැඩ කල බව. මෑන් තමා "අස්සජි" ව බැන්දෙ.

    ReplyDelete
  6. ඔබ්සර්වර් අයියගෙ කොමෙන්ට් එකෙන්ම වැටහෙනවනෙ ඇයි ඒ ගෙදර කොල්ලො නවත්තගන්න බෝඩිමක් තිබ්බෙ කියල . . . .
    නොදන්නකමට අහන්නෙ අයියෙ . . . දැං එතකොට කොයි ගෑනු ළමයද ටීචර් ???

    ReplyDelete
  7. නම්බු නාම දෙන එකත් ලේසි නැහැ, ඒකත් කලාවක් නොවැ.

    ReplyDelete
  8. මේක ආයෙ කියවද්දි මතක් වුණේ ඉස්සර ගිය බෝඩිම ටෙලිය. ඒකෙ තියෙන්නෙත් ඔහොම සීන් එකක් තමයි!

    ReplyDelete
  9. වචන 100න් සිරාවට ලියලා.

    ReplyDelete
  10. ඕනයා පොයින්ට් එක අල්ලගෙන....!

    ReplyDelete
  11. මේ නම් ටික විහිලුවට ගත්ත එකේ හරි වැ‍රැද්ද ගැන හිතන එක පැත්තකින් තිබ්බම නම්... පට්ට creative මෑන්ස්ල ටිකක්.. :)

    ReplyDelete
  12. මේ පාර නම් කතාවට හොඳට හිනා ගියා.. මීට කලින් අහලම නැති නිසා..! මරු මරු මරු!!!

    ReplyDelete
  13. මටත් මතක් වුනේ බෝඩිම නාට්‍යයමය තමයි

    ReplyDelete
  14. මට පස්සෙ මීටර් වුණේ... ඔය කියපු කතාව බෝඩිම නෙවෙයි... බෝඩිම කියන්නෙ අර රොඩ්නි, ඇන්ටන් බොලොන්නේ, සුනිල් හෙට්ටිආරච්චි, ප්‍රියන්ත සෙනෙවිරත්න වගේ සෙට් එකක් රඟපාපු එකනේ... මේ නාට්‍යයේ හිටියෙ හේමසිරි ලියනගේ, සුමින්ද සිරිසේන, ශ්‍රියන්ත මෙන්ඩිස්, ප්‍රියා සෙනෙවිරත්න එක්ක තවත් දරුණු නළු නිලියො සෙට් එකක්... අර අයි නෝ ද ලෝ කෑල්ල තියෙන්නෙ ඒකෙනේ... ඒකෙ තමයි ඔය දුවල සෙට් එක බෝඩිමේ අයියලට සෙට් වෙන්නේ...

    ReplyDelete
  15. ඕක "අසල්වැසියෝ" කියනවට වඩා මතක තිබුනෙ "අය් නෝ ද ලෝ" කිව්වම

    ReplyDelete
  16. @ තාරක Dilsh@n,
    ආන්ටිගේ ගම බණ්ඩාරවෙල නෙමෙය්, ඒ වුනත් දිල්ශාන්ගේ කොමෙන්ට් එක ගැන කෝකටත් එයාට කියල තියන්නං.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...