කම්මුල් දෙපස රත්පැහැවී ඇති බවට නලල මත හීනියට මතුවුනු දාඩිය බිඳු කියා පෑවේය! එකවර බොහෝ දෙනෙකුගේ අවදානයට ලක්වීම කෙතරම් නුහුරු හැඟිමක්දැයි දැන් මා දනිමි! එහෙත් ජීවිතයට ගතයුතු ලොකුම තීරණය හමුවේ මෙලස මහ පොලොවට දෙනෙත් යොමා සිටීමෙන් අවාසිය මා හටම බව මා දනිමි!
මම හොරැහින් ඔහු දෙස බැලීමි, අරුමයකි! ඔහුගේ හොරය මට හසුවිය, කෙලින් නොබලන ඔහු දුරකතන කැමරාවේ මාගේ සිරි විඳියි!
“ගෑණු ළමයෙක් ගාව තියෙන්න ඔනි ඒවගේ උත්සහයක් උනන්දුවක්, ඒ දේ තියෙනවා කියන්නේ පවුල් ජීවිතේ සාර්ථක වෙනවා“
“පුදුම වාසනාවන්ත පෙනුමක් තියෙන්නේ“
“කෙල්ල ඉන්න තැනට කිරි උතුරනවා වගේ උතුරනවා“
වැඩිහිටියන් බර කතාවකය
මෙයාටද කියන්නේ?
ඔහු අසයි
නෑ අපි කිව්වේ මේ චංගුමී ගැන!
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)
Showing posts with label සුදු හංසි. Show all posts

Wednesday, February 6, 2013
Wednesday, January 9, 2013
ආදරේට වද දෙන දුක
මම ඇගේ නොඉවසිලිවන්ත දෙනෙත් දෙස එක එල්ලේ බලා උනිමි, අළුතින් හැඩ කර තිබූ ඇහිබැම හකුලවමින් ඇය මාවතේ ඇත කොන දෙස බලාහිඳී. තත්පරයෙන් තත්පරයට ඔරලෝසුව දෙස බැලීම ඇගේ නොඉවසිලිවත්න කමට හේතු සොයන්නට මා පෙළඹවීය.
“මොකද පාර බලන්නේ...“
“නුවන් එනවා කිව්වා නෙතූ.. මට නම් දැන් ඇති වෙලා මේ පාර බැලිල්ල.. හාදාමත් ආදරේ නිසා මං වින්දේ දුක්ම විතරයි කවදා කොහෙන් සැනසීමක්ද.. ඇයි මන්දා නුවන්ට කවදාවත් වෙලාවට එන්න බැරි..“ මහත් කලකිරිමකින් යුතුව ඇය කියවාගෙන ගියාය.
“එන්න පරක්කු වීමයි ආදරෙයි අතරේ සම්බන්දේ මොක්කද ප්‍රියා!?“
“ඒක දුකක්!“
“නැහැ.. ඒක නෙවෙයි,
බලාගෙන ඉන්න එකයි
තනිකමයි
නුවන්ව තැති වෙයි කියන බයයි
ඔයාගේ හිතේ සැකයයි
මිසක් ආදරේ නෙවෙයි ප්‍රියා“
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)
“මොකද පාර බලන්නේ...“
“නුවන් එනවා කිව්වා නෙතූ.. මට නම් දැන් ඇති වෙලා මේ පාර බැලිල්ල.. හාදාමත් ආදරේ නිසා මං වින්දේ දුක්ම විතරයි කවදා කොහෙන් සැනසීමක්ද.. ඇයි මන්දා නුවන්ට කවදාවත් වෙලාවට එන්න බැරි..“ මහත් කලකිරිමකින් යුතුව ඇය කියවාගෙන ගියාය.
“එන්න පරක්කු වීමයි ආදරෙයි අතරේ සම්බන්දේ මොක්කද ප්‍රියා!?“
“ඒක දුකක්!“
“නැහැ.. ඒක නෙවෙයි,
බලාගෙන ඉන්න එකයි
තනිකමයි
නුවන්ව තැති වෙයි කියන බයයි
ඔයාගේ හිතේ සැකයයි
මිසක් ආදරේ නෙවෙයි ප්‍රියා“
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)
Monday, December 31, 2012
ගණිත පාඩම
යාබද නිවසට කුලී පදනම මත පැමිණි පවුලේ සතර වයස් වියැති සුරතල් දියණියක් සිටී! සුරතල්බවින් මෙන්ම වයසට වඩා පිරිනත දැනුමකින්ද සමන්විත ඇය, ළදරු පාසැලේ ඉගැන්වීම්වලට අමතරව බාලාංශ පුවත්පත්ද මිලට ගෙන ඒවාගේ ක්‍රියාකාරකම් කරයි.
වයසට අනූව හරි හැටි ඉලක්කම් විස්සක් හෝ නොදැන උන්නද එකතුකිරීම අඩුකිරීම වැනි ගණිත කර්මයන් ඉතා පහසුවෙන් කිරීමටද ඇය හපනියෙකි, නමුත් ගැටලුව ඉතා ඉක්මනින් අමතකවීමයි, වැඩිහිටියන් ලෙස අප විසින් සිදු කල යුත්තේ උදාහරණයක් දක්වා සුලු සහයක් ලබාදීම පමණි.
දිනක් ඇයට අඩුකිරීම අමතකව තිබුණි,
“හරි දැන් තාත්තා ඔයාට ටොෆී හතරක් දෙනවා... ඔයා ඒ ටොෆී හතරම කෑවම ඔයා ලඟ මුකුත් ඉතිරි වෙන්නේ නැහැනේ... ”
“හෑ!!!.. නෑ පිස්සුද? එතකොට කොල හතර කෝ????”
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)
වයසට අනූව හරි හැටි ඉලක්කම් විස්සක් හෝ නොදැන උන්නද එකතුකිරීම අඩුකිරීම වැනි ගණිත කර්මයන් ඉතා පහසුවෙන් කිරීමටද ඇය හපනියෙකි, නමුත් ගැටලුව ඉතා ඉක්මනින් අමතකවීමයි, වැඩිහිටියන් ලෙස අප විසින් සිදු කල යුත්තේ උදාහරණයක් දක්වා සුලු සහයක් ලබාදීම පමණි.
දිනක් ඇයට අඩුකිරීම අමතකව තිබුණි,
“හරි දැන් තාත්තා ඔයාට ටොෆී හතරක් දෙනවා... ඔයා ඒ ටොෆී හතරම කෑවම ඔයා ලඟ මුකුත් ඉතිරි වෙන්නේ නැහැනේ... ”
“හෑ!!!.. නෑ පිස්සුද? එතකොට කොල හතර කෝ????”
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)
Monday, December 24, 2012
සිංහල සින්දු
කවියක්, ඔව්!!
නමක් නැති කවියක්,
අරමුණක් නැති පද වැලක් ලඟ
එලිසමය වැට හැඩට බඳවන
නමක් නැති කවියක්,.............
තනුවක්, ඔව්!!
එය සුපිරි තනුවක්
කනට හුරු නැති, දනන් නොමදත්
විශාරදයෙකු ගොතපු තනුවක්,
වෙන රටක තනුවක්...............
නිළියක්,ඔව්!!
මනබඳින නිලියක්,
පියරු අතුරා පාට තවරා
අංගනා රූසිරි ප්‍රගුණ කල
අපි දන්න නිලියක්..................
මිතුරෙක්, ඔව්!!
අතිජාත මිතුරෙක්,
ඔහුත් නොමදත් අපත් නොමදත්
වදන් වැකි වේගයෙන් කියවන
එයා රොක් තරුවක්..................
දිනයක්, ඔව්!!
ජනහිතැති දිනයක්,
බොහෝ මිනිසුන් විවේකෙන් හිඳ
රූප පෙට්ටියේ අසල හිඳගත්
නොන් පීක් දිනයක්..................
වලියක්, ඔව්!!
මම ලියපු කව, මගේ අදහස,
මගේ පිරිවැය, මගේ සිහිනය,
හරි ජයට වලියක්...................
ගීයක්, ඔව්!!
හෙලබසින් ගීයක්,
හොරාගත් තනුවලට නිමැවුනි
සිරිලකේ ගීයක්........................

Monday, December 17, 2012
සම්මතයට එරෙහි අසම්මතය
වේගයෙන් ඇදුනු රුහුණු කුමාරියේ හඬට මුතූ කියන කිසිම දෙයක් මට ඇහෙන්නේ නැහැ, ඒත් මම උනත් හිතෙන්නේ එයා කෑ ගහලා කියන්න හදන දේම තමයි
“හැම තැනම මිනිස්සු, වෙරළේ යන මිනිස්සු, රේල්පාරේ යන මිනිස්සු, පේලි ගෙවල් ලේන් වල ඇවිදින මිනිස්සු, උන් ඔක්කොම බලන්නේ අපි දිහාවේ, හරියට ගිලින්න වගේ.........., අනේ හැබෑටම මුන්ට බලන්න වෙන කිසිම දෙයක් නැද්ද....? මොනවද මුංට වෙලා තියෙන්නේ...? උන්ගේ ඇස් වලින් මිදෙන්න අපිට කිසිම ආවරණයක් නැහැ, මට කමක් නැහැ ඒත් මුතූ තාමත් පුංචි කෙල්ලෙක්, මට ආදරේ කරන පලියට ඒකි මුන්ගේ කතන්දර අහන්න ඔනිනෑ...”
අන්තිමේ මං තීරණයක් ගත්තා... මුන්ගේ ඇස්වලින් ඈතට යන්න.
“මුතූ අපි යමු Room එකකට ටිකක් නිදහසේ කතා කරන්න....”

Friday, November 9, 2012
සන්තෝශයේ ත්‍රිකොණමිතිය
ආදරය රාගයද නොවේ
රාගය යනු අදරයම නොවේ
රාගය විශ්වාසයත් නොවේ
නමුත් රාගය විශ්වාසය මත රඳා පවතී
අදරය යනු විශ්වාසයම නොවේ
අදරයේදී රාගය ඇතිවේ
රාගය ඇතිවන්නේ විශ්වාසය මතිනි
නමුත්
විශ්වාසය රාගය නිසාම ඇති නොවේ
සතුට නිසාම ආදරයට පැවැත්මක් නැත
රාගයෙන් තොර ආදරය බොහෝ දුර දෙයකි
නමුත් සතුට ආදරය මතින් ඇතිවේ
සන්තෝශය ඇතිකිරීමට ආදරයට හා රාගයට පමණක්ම නොහැකිය
සන්තෝශය ඇතිකිරීමට රාගයට හා විශ්වාසයටම පමණක්මද නොහැකිය
සන්තෝශය ඇතිකිරීමට ආදරයටම හා විශ්වාසයට පමණක්මත් නොහැකිය
රාගයෙහි පමණක්ම හැසිරීමෙන් ජීවිතය සතුටු නොවේ, නොඑසේනම් එය හුදෙක් සතුටක් නොවේ, ආදරය පමණ්ම ලැබීමත් විටෙක අසත්තෝෂයක් ඇති කරයි, විශ්වාසය පමණක්ම රැගෙන යන්නාට ආදරය සහ රාගයත් හමු වූ විටෙක, සන්තෝශය ඇතිවේ!

Friday, October 26, 2012
සමනල්ලු
ජයමංගල ගී හඬ මැද්දේ මංගල පෝරුව අසල
රෑදී සිටීම මානසික විඩාවකි. ඔහු මා
පසෙකින්ය, අද ඔහුගේත් මගේත් සිව් අවුරුදු ප්‍රේමය නිමා වේ. ඒ විවාහයකිනි.
නමුත්..
පෝරුවේ චාරිත්‍ර නිම කල වහා දැඩි
හදිසියක් මවා පාමින් හෝටලයේ වැසිකිලිය දෙසට දිවගියමි. කැඩපත ඉදිරියේ පෙනෙන මගේ දෙනෙත් කඳුලු බරවී තද රත් පැහැවී තිබිනි.
ඒවාට නිදහසේ ගලායාමට ඉඩ දිය යුතුය. සරසවිය පුරාවට අප ඇවිද ගිය තැන්, සති අන්තයේ අප
නැවතුනු සොඳුරු ඉසව්වන්. නෙත් මානයේ මැවි මැවි වේදනා මවද්දි දොරට තඩිබාමින්
හිරිහැර කරන්නේ කවුදැයි බලන්නට දෙනෙත් පිසදා පිට වුනෙමි.
මොනවද කරන්නේ... අරහේ උඹව හොයනවා.. මොකද මේ අඬලා.....??? විකාරද උඹට...
ගෘප් පොටෝ එකට බෙස්ට්මන්ව හොයනවා පලයන් ඉක්මනට.
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)
Friday, October 12, 2012
කඩ්ඩ තමා
විභාග ශාලාවෙන් පිටත එකම කසුකුසුවකි. තම තමන් ලියු පිළිතුරු සසඳමින්, ප්‍රතිථල අනුමාන කරමින් මිතුරු මිතුරියන් කතාබහේ යෙදෙද්දී හුදෙකලා මම තනිවම පඩිපෙල නැග ප්‍රධාන මාර්ගයට පිවිසුනෙමි. බස් නැවතුම කෙලවරක කසාවතින් සැරසුණු පැවිදි කෙනෙකි. මට පිටුපා සිටියේ මෙහෙනියක් බව හඳුනා ගැනීමට හැකිවිය.
සිතට දැනුනේ කවරාකාර හැඟිමක් දැයි සිහිකරන්නට වෙහෙසෙන නමුත් තවමත් පැහැදිලි නැත. ඇය හා කතා කාරීමේ බලවත් උවමනාවකින් දැවීගියෙමි. නමුත් මින් පෙර කිසිදාක මෙහෙනියක් හා කතා කොට නොමැත්තෙමි.
“ඔබ තුමින් විබාගෙට වාඩි උනාද?“
“ඔව්.. ඔයත් විභාගෙටද ආවේ“
“එහෙමයි“
“ලේසිද?“
“එහෙමයි, අමාරුම නැහැ පාස් වෙයි“
“ඊලඟ දවසේ ඉංග්‍රීසි මොනා කරන්නද මන්දා.. අනික්වා නම් ගොඩයයි කඩ්ඩ තමා චාටර්ම“
ඇය කියද්දි අමාරුවෙන් සිනාවක් මවාගතිමි!
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)
සිතට දැනුනේ කවරාකාර හැඟිමක් දැයි සිහිකරන්නට වෙහෙසෙන නමුත් තවමත් පැහැදිලි නැත. ඇය හා කතා කාරීමේ බලවත් උවමනාවකින් දැවීගියෙමි. නමුත් මින් පෙර කිසිදාක මෙහෙනියක් හා කතා කොට නොමැත්තෙමි.
“ඔබ තුමින් විබාගෙට වාඩි උනාද?“
“ඔව්.. ඔයත් විභාගෙටද ආවේ“
“එහෙමයි“
“ලේසිද?“
“එහෙමයි, අමාරුම නැහැ පාස් වෙයි“
“ඊලඟ දවසේ ඉංග්‍රීසි මොනා කරන්නද මන්දා.. අනික්වා නම් ගොඩයයි කඩ්ඩ තමා චාටර්ම“
ඇය කියද්දි අමාරුවෙන් සිනාවක් මවාගතිමි!
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)
Friday, September 14, 2012
ස්වතන්ත්‍රතාව
ඇසිපිය ගසමි,
ඔබේ ඇසිපිය කෙලවර සීමාවට මෙපිටින් සිට
සිත්සේ ගැඹුරු සුසුම් හෙලමි,
ඔබේ සුසුමක අවකාශයේ පරිමාවට අංශු මාත්‍රයක් මෙපිටින් සිට
දෑත් දෙපසට විහිදුවමි,
ඔබේ නාසයේ කෙලවරට සෙන්ටිමීටරයක් මෙපිටින් සිටින්නට
ඒය මාගේ නිදහස බව ඔබට පිලිගන්නට සිදුවේවි!!
ආදරණිය පාඨකයිනි, මම ඔබේ අදරණිය ලේඛකයා ලෙස මෙලෙස කියමි.
අසන්නට
දකින්නට
බලන්නට
සිතන්නට
ගොතන්නට
ලියන්නට
මා ලැබු සුචලනය පෑන් තුඩින් පිට කරමි, සහ එය ඔබේ දැන ගැනීම පිනිස ප්‍රකටීකරණය කරමි.
කියවන්නට
දැනගන්නට
තේරුමගන්නට
අභිනන්දනයට
පරිවාදයට
එකඟත්වයට
විවේචනයට
විතර්කයට
ආක්‍රෝශයට හෙවත් පරිභවයට
ඔබට අති විශාල අයිතියක් ඇත.
හේතුව අසා ඔබ ආඩම්බර විය යුතු මනාය. ආදරණිය පාඨකය, මාගේ ලේඛනයේ මෝක්ෂය ඔබගේ වාග්පරිචයේ මොක්ෂයට අනුලෝමව සමානුපාතික වේ.

Friday, September 7, 2012
බ්ලීචිං ක්‍රීම්
සති අන්ත පුවත් පතක මංගල යෝජනා තීරය කියවීම විනෝදයකි, විවිධ තරාතිරමේ මනාලියන් හා මනාලයින් පිළිබඳ යෝජනා කියවමින් අවිවාහක අප විහිලුවට ලක්කරීම මිතුරියන්ගේ සුපුරුදු විනෝදාංගයකි.
“මට හොයන්න වයස 60ක විතර සල්ලිකාරයෙක්” විහිලුවට මෙන් කියමින් මාද ඔවුගේ විනෝදයට එක් වුනෙමි.
“බඳිනකල් ශේප්එකේ ඉන්න , මිනිහට සතුටටම හාට් ඇටෑක් හැදෙයි ඔයාව දැක්ක ගමන්” ඔවුන්ද සරදම් කලෝය.
“ ඒකනේ වෙන්න ඔනි... ඉක්මනට අන්තිම කැමැත්ත මගේ වාසියට ලියව ගන්නවා”
අප සියල්ලෝම සිනාසුනෙමු.
“මේකේ තියෙන්නේම සුදු දියණියන්ට මංගල යෝජනා. .. ආසාවට තලෙලු අයට මඟුල් යොජනාවක් නෑ”
“සුදු ලස්සනම පුතුට හැබෑම ලස්සන සුදු දියණියක්!! හම ගහන්න තමා වෙන්නේ කෙල්ලන්ව”
කියමින් අනෙක් පිට පෙරලීමි.
දැන්වීමක්
XXXX බ්ලීචිං ක්‍රීම්

Monday, August 27, 2012
හඳට ගල් ගහමු
Effort යනු කුමක්ද? සරලව ගත්තොත් ආයාසය නොඑසේනම් තමන්ගේ උපරිම හැකියාව පෙන්වීමට ගන්නා උත්සහය. ආයාසය මැනීම සඳහා ඔබ සතු ගුනාංග දෙකක් වැදගත් වේවි.
capability හෙවත් හැකියාව
capacity හෙවත් ශක්තිය
තමන්ගේ උපරිම ආයාසය පෙන්වීමට කල හැකි උපරිම දෙය කැමක්ද? .
උදාහරණයක් ලෙස, ඔබට කොපමණ දුරකට ගල් කැටයක් වීසි කල හැකිද?
උස් ගසක දල්ලට
වලාකුලක් සමීපයට
ලයිට් කණුවක මුදුනට
උස් ගොඩනැගිල්ලක මුදුනට
නැහැ. ඔබේ උපරිම ශක්තිය මැනිය යුත්තේ ඒ කිසිම ආකාරයකින් නෙවෙයි.
වීසි කරන ගල් කැටයේ මානය විය යුත්තේ අන්කිසිවක් නොව සඳයි. ඔබ සඳ දෙසට වීසි කරන ගල් කැටය අඩු තරමේ අහසේ උපරිම දුරට යනු ඇත. ඒ ඔබේ ආයාසයේ නිවැරදි මිනුම වනු ඇති.

Monday, August 6, 2012
දේශපාලන විසඳුම
බලාපොරාතුත් පරිදි මෝසම් වැසි නොලෑබි යාමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වල මේ දින වල පවතින නියඟය හේතුවෙන් ගොවි ජනතාව බොහෝ සෙයින් අපහසුතාවයට පත්ව සිටී. මේ පිළිබඳ අප කල විමසීමකදි ගොවි මහතුන් කියා සිටියේ තමාට රජයෙන් හෝ කිසිඳු සහනයක් නොලැබෙන බවයි.
අපි යල මහ දෙකෙන් ජීවත් වෙන මිනිස්සු අපිට ගොවි තැන් නැතිනම් ජීවත් වෙන්න වෙන විදියක් නෑ. අපි බලාගෙන ඉන්නේ රජයෙන් දේශපාලන විසඳුමක් දෙනකල්
-ගොවියෙක්-
රජරට පැත්ත වේලිලා. මේ ගොලේලෝ රට සවාරියේ. මම අහන්න කැමතියි කෘෂිකර්ම ඇමතිගෙන් මොනවද නියඟයෙන් අවතැන් වූන්ට දෙන සහනාධාර?
-විපක්ෂය-
රජරට වේලිලා. වැස්ස නැහැ. අපිට මිනිස්සු විඳින දුක දැක්කාම ඇස් වලට කඳුලු පිරෙනවා . ඇත්තටම ඇඬනවා!
-රජයේ ඇමති-
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)
අපි යල මහ දෙකෙන් ජීවත් වෙන මිනිස්සු අපිට ගොවි තැන් නැතිනම් ජීවත් වෙන්න වෙන විදියක් නෑ. අපි බලාගෙන ඉන්නේ රජයෙන් දේශපාලන විසඳුමක් දෙනකල්
-ගොවියෙක්-
රජරට පැත්ත වේලිලා. මේ ගොලේලෝ රට සවාරියේ. මම අහන්න කැමතියි කෘෂිකර්ම ඇමතිගෙන් මොනවද නියඟයෙන් අවතැන් වූන්ට දෙන සහනාධාර?
-විපක්ෂය-
රජරට වේලිලා. වැස්ස නැහැ. අපිට මිනිස්සු විඳින දුක දැක්කාම ඇස් වලට කඳුලු පිරෙනවා . ඇත්තටම ඇඬනවා!
-රජයේ ඇමති-
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)
Friday, July 20, 2012
තිඹිරි ගෙය
බටහිර ඉවුරේ
දුශ්කර ගම්මානයක මීට දශක ගනනාවකට පෙර දිනයකි, එවකට මා ජීවිතය උගනිමින් උන්
ළදැරියකි. බැටළුවන් දක්කාගෙන තණ පිටියට
ගොස් නැවත පැමිනෙමින් සිටියෙමි. කවදත් ගුප්ත නිහැඬියාවක වෙලී තිබුණු නිවස දෙසින්
වේදනාකාරී කෙඳිරියක් ඇසුණි. මද විවේකයන් ගනිමින් නොනවත්වා ඇසුනු කෙඳිරිය ආසා
හිඳින්නට තරම් සිත සවිමත් නොවුනෙන් හඬ ඔස්සේ දිව ගියෙමි.
“ඔහෙන්
හිටපන්. ඇතුලට යන්න ඔනිනෑ..” අම්මාගේ කාමරයේ අසල උන් තාත්තා කෑගෑවේය. බිය නිසාම මා මිදුලට පසු
බැසීමි.
එහෙත්
කුතුහලය......
එකට
මිටි තමා බඳින ලඳ සිදුරු වලින් ආවරණය වු ජනේලයෙන් එබී බැලීමට තරම් නිර්භිත වීමි.
අළුත
උපන් බිළිඳෙකු තිඹිරි ගෙයි තුල මියයමින් සිටී.
“මේ
පාරත් කෙල්ලෙක්”
මවගේ වියලුණු දෙතොල් පෙති අතරන් පිටවුනි.
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)
Friday, July 13, 2012
පිළිතුරක්
අපි නො ලියූ කවි වලට කුමට හඬමුද
නැවුම් කවියක් ලියමු, හැඟුම් දෙමි මම
මං ගැනම නුඹ ලියන කුරුටු කවි වල
පද අරුත් පසඳින්න ඉඩ දෙන්න මට,
නුඹ ලියන පද සොයා වෙහෙස වෙන හිත
මගේ සිතැඟි ලෙස නැතිව විඳවනවා මම
පද වැලේ එළිසමය වෙන්න බැරිවාට
නුඹට පෙම් කරණ මම ලියමි කවි පද
කවි හිතට පෙම් කරණ කිවිඳියයි මම,
කවි හැඟුම් සගවනවා රුදුරු ඔය හිත,
මට හොරෙන් නුඹ ලියපු ප්‍රේම කවි වල
බොඳ අකුරු පුරාවට හිඳින්නෙත් මම
නිදි නැතිව කවි ලියන නුඹේ පනිහිඳ
තෙතක් නැති කවි ලියන රුදුරු ඔය හිත
මගේ පෙම් කවට ඉඩ නුදුන් පන්හිඳ
සොඳුරු කවියෙක් වෙන්න ඔබට සිත නැත,
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)
Wednesday, July 4, 2012
පණ්ඩිත කම
කොහොමද නිවාඩුව, මොකද කලේ?
මැක්සීම් ගොර්කිගේ පොතක් කියෙව්වා.
ෂා... නියමයිනේ... ඔයාලාටනම් පොත් හම්බ වෙනවා ඒකට මට, අපේ දිහා ලයිබ්‍රරියක් නෑනේ.
ඒවා දුර්ලභ පොත්. ලයිබ්‍රරි වල නෑ. අනික මම කියවන්නේ අනිත් අය ටච් නොකරන පැති. එහෙම උනාම තමයි තමන් පණ්ඩිතයෙක් කියලා පෙන්වන් පුළුවන්, මම ගන්නේ මිල අඩුම පොත්, දවසක් ඒවගේ තැනකින් පොත් වගයක් ගත්තා , ඒවා පාලියෙන් තිබුනේ.
හැබැට.. එකොට ඒකයි ඔයාගේ පණ්ඩිත කමේ රහස.
ඔව් හැබැයි එතනදි පරෙස්සම් වෙන්න ඔනි අනිත් අය නොකියවන දේවල් කියවන්න. දැන් ඔය ෆිල්ම් හේම බලද්දි බලන්න ඔනි උස්බෙකිස්තාන. සුඩාන වගේ රටවල ෆිල්ම්.
ඒ මොකද ?
ඇයි ඒවගේ කතා බ්ලොග් පෝස්ට් එකක හරි ලිව්වෑකිනේ කවුරුත් දන්නෑනේ.

Friday, June 29, 2012
රොන්ග් නම්බර්!!
මැදියමේ දුරකතනය නාද විය.. නිදිබර හඬින්ම ඇමතුවෙමි.
"හෙලෝ..."
එහා පිටින් ඇහුනේ ඉකිබිඳුමකි.
“පවන්...... මම යනවා..... යන්නම යනවා..... මට අයිතියක් නැතිනම් ඔයාගේ වෙන්න මම කොච්චියට පැනලා මැරෙනවා” පසුබිමින් දුම්රියක හඬක්ද ඇසේ.
"එපා මැරෙන්න... එපා!!... අපිට පුළුවන් අපේ වෙන්න.." කලබලේට මම කිව් දේවල් ගැන මටත් පුදුමයි.
"පවන්!!! ඔයා ඔය ඇත්තමද කියන්නේ.. අපේ හැම ප්‍රශ්ණයක්ම ඉවරද.. කියන්න පවන්."
"ඔව්.. ඉවරයි.. දැන් ඔයා යන්න ගෙදර... දැන්ම... අපි හෙට කතා කරමු.."
"යන්නම්... විශ්වාස කරන්නත් බෑ පවන්... මම ගෙදර ගිහින් ගන්නම් ඔයාට."
සැනසිලිදායක ගැහැණු හඬ දුරකතනයෙන් නෑසී ගියා.
මම සිහිඑලවා ගන්නට උන්සහ ගතිමි. මම පවන් නොවෙමි.
ඇයගේ නම නොඇසීම ගැන පසුතැවුනෙමි.
රොන්ග් නම්බර්!! කීවානම් පසුතැවිල්ලක් නැත.

Wednesday, June 20, 2012
නපුරිගේ ආදරේ
“මම සුරංගනාවියක් නෙවෙයි, ඒත් හැමදාමත් ඔයාට මාව පෙනුනේ එහෙම, මගේ ජීවිතේ මමවත් නොදැකපු වටිනාකමක් ඔයාට පෙනුනා. සමහර විට ඒක වෙන්න ඇති මට ඔයා ගැන ආදරයක් නොහිතෙන්නේ..”
“රන්දනා මම ඔයාට ආදරෙයි. ඒක වෙන්න ඇති මේ ලොකේ හොඳම කෙනා ඔයා විදියට පේන්නේ මම වැරදිද??”
“ඔව් කුසල් වැරදියි ඔයා හොඳටම වැරදියි. ඔයාගේම හිත රවටගෙන ආදරේ කරන එක වැරදියි, ඔයා මෙතනදි හැසිරෙන්නේ මහා මෝඩයෙක් වගේ මම කැමති නෑ ආදරේ හිඟාකන පිරිමින්ට”
“ඔයා නපුරු ආත්මාර්ථකාමී කෙල්ලකේ රන්දනා, මේ හැටි ආදරේ කරලාත් ඔයාට මගේ කිසිම වටිනාකමක් නෑ හිතක් පපුවක් නෑ ඔයාට”
“හ්ම්ම්ම්, ඔයා ඒත් මට ආදරේද කුසල්,”
“ඔය නපුරුකමත් දන්නවා, මම ඔයාගේ දුර්වලකම් දැනගෙනයි ආදරේ කරන්නේ”

Monday, June 4, 2012
උඹලාගේ කඩේ සම්බෝල
ඇය හෙල බස හසුරන්නේ නුහුරටය, පාසැලේදී මා ඇසුරු කරන එකම තැනැත්තිය වූ ඇය ඉතාමත් චතුර ලෙස ඉංග්‍රීසි බස හසිරුවාය. ඇතැම් විට ඇයගේ කතාව මට කරදරයක්ද විය.
දිනක් දිවා අහාර වෙලාවේදී ඇය චතුර ලෙස ඉංග්‍රීසි බසින් මා හා රස කතාවක් කීවාය.
මම පුංචි කාලේ අපේ අල්ලපු ගෙදර සිංහල කඩයක් තිබුනා, දවසක් අම්මා මාව කඩේට යැව්වා බඩු වගයක් ගේන්න, මම කඩේට ගිහින් ඇහුවා උඹලාගේ කඩේ සම්බෝල තියෙනවාද කියලා, කඩේ කෙනා ආයි ආයි අහද්දි මම ඒකම ඇහුවා. අත්තිමට අම්මා එක්ක මට ආයිත් එන්න කිව්වා, එයාලා අම්මාගෙන් ඇහුවා ඇයි මේ ළමයා මෙහෙම අහන්නේ කියලා. ඊට පස්සෙයි අම්මා කිව්වේ මට ගේන්න කිව්වේ උම්බලකඩ සම්බෝල කියලා

Monday, May 28, 2012
මායාවක සිරගතව
“උඹට මොනවද ඕනි කියපං”
“අනුහස් අයියාව”
“හික්ස්.......... පිස්සි ඒකව හම්බ වෙන්නෑනේ වෙන දෙයක් කතා කරපංකෝ, එයා නැතුව වෙන මොනවද ඕනි?”
“එයා නැතිව මට වෙන මුකුත් එපා , මම ඉල්ලන්නේ ඉරයි හදයි තරුයි නෙවෙයි”
“ඉතින් ඔය මොනව උනත් එකයි නේ”
“ඒ ඉර හරි හඳ හරි තරුවක් හරි උනානම් මට අහිමියි කියලා ඉවසන් ඉන්නවා”
“ලැබෙන්නැත්තං මොනව කරන්නද උඹට කියලා හදන්න බෑ කෙල්ලෙ උඹට හැදෙන්න උවමනාවකුත් නෑ අනේ මන්දා මට තේරෙන්නෑ කෙල්ලෙ”
“මටත් තෙරෙන්නෑ මේක බොළඳ කමක් කියලා හිතන්න එපා බන් මම ජීවිතේ දකින්නේ මේ විදියට මගේ පපුව රිදෙනවා මම යනවා”
“උඹ දුක් විද විද හිටපං උඹට හැදෙන්න ඕනි නෑ උඹව හදන්නත් බෑ”

Monday, May 21, 2012
රොබරෝසියා මල් වසන්තය

හන්තාන ඉසව්වට රොබරෝසියා මල් වසන්තය උදාවෙලා, ඔයා දන්නවාද මගේ සිතුවිලි කොයි තරම්නම් අවුල් උනාද කියලා. ලා රොසපාට රොබරෝසියා යායාට එපිටින් ඒදිහා බලා උන්නු මම සිනිවිලි එක්ක අතීතියට ගිය මොහතෙක
රොබරෝසියා මල් වැස්සේ ඔයාගේ අතේ එල්ලිලා කැම්පස් එක පුරා ඇවිදපු දවස් වල මම අතරමන් උනා, කවුරුත් නොදන්න හේතුවකට ඔයා කොළඹ කොව්වියේ නැගිලා මාව පේරාදෙනිය ස්ටේෂන් එකේ දාලා ගිය ඒ දවස ඔයාට මතකද.. ආපහු අවිත් මේ රොබරෝසියා මල් ගහ යට ඉඳන් මම අඬපු තරම දන්නේ මායි මේ මල් ගහයි විතරයි.
මුළු හන්තානම රොබරෝසියා වසන්තයෙන් සුව විඳින කොට හැමදාමත් රොබරෝසියා ගහ යටට වෙලා අඬන මට ඔයාගේ ආදරෙත් දැනුනේ හුළගේ පාවුන රොබරෝසියා මල්ක් වගේමයි
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)
(පින්තූරය http://sun-ge-lookaya.blogspot.com වෙතින්)
Subscribe to:
Posts (Atom)