Monday, June 6, 2011

අපේ ආච්චිට 100 පිරුණ දා...

ආච්චි කෙල්ල වගේ හිටියට පහුගියදා 100ක් පිරුණි. පාටියක් දාන්නට සිතුවත් ආච්චි වලත් එකයි ගොඩත් එකයි කියපු නිසා වැඩේ අතහැර දැම්මේ සිතේ මතු වූ මලපැනීමත් සමගය. ආච්චිගේ 100ට පාටියක් දුන්නා නම් අපේ කුජීත යාළුවෝ සෙට්එක රැස් කරගෙන පිස්සුවක් නැටීමට ඉඩ තිබුණි. ඒත් එයම ආච්චිගේ අවසානය වීමටද ඉඩ තිබුණු බැවින් වැඩේ අතහැර දැම්මෙමු.

"මට සීයක් වෙන එක හීනයක් වගේ බොල" ආචිචි හිනාවක් දමයි.

"ආච්චි සෙන්චරිය දාපු එක අපිටත් හීනයක් වගේ තමයි" මුණුපුරොත් හිනාව දායි.

"ඇයි බොල ඒ?"

"ඇයි පහුගිය ටිකේ අමාරුවුණ හැටියට අපි හිතුවේ එල්.බී.ඩබ්ලිව් වෙයි කියලා" මුණුපුරෝ හෙමින් කියති.

කොතරම් විහිළු කලද අප සැමගේ පැතුම අපේ ආච්චි දිගුකාලයක් යෙහෙන් වැජඹේවා යන්නයි.



ලියා එව්වේ - ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර (http://www.apeisawwa.blogspot.com/)

9 comments:

  1. පාටිට දුන්නනම් හිට් විකට් තමා...

    ReplyDelete
  2. අනේ පව් ආච්චි අම්මා

    ReplyDelete
  3. කොල්ලනේ කෙල්ලනේ ඩිල්ෂාන් 193 දී පොලු ගලවා ගත්තට අපේ ආච්චි තවමත් නොදැවී ක්‍රීඩා කරනවා..

    ReplyDelete
  4. ‍මොනව වුණත් කතාවෙන් පේන්නෙ එල මුණුපුරෝ සෙට් එකක් එක්ක ආච්චි හෙනම ආතල් එකේ ඉන්නව කියලයි. එහෙම වෙද්දි 100ත් කජ්ජක්ද?

    ReplyDelete
  5. ආච්චිට සුභ උපන්දිනයක් . . . .

    ReplyDelete
  6. අපෝ අපේ ආච්චි එහෙම තමයි..හෙණ රැඩිකල් චරිතයක්..අඩු බීරට තොප්පිය විතරයි..කවදහරි දවසක මැරුණම ගහනවා අපි තොරණක්..අපේ ආච්චීට අපේ විප්ලවීය ආචාරය කියලා

    ReplyDelete
  7. ආච්චිට සුභ උපන් දිනයක්!!!!

    ReplyDelete
  8. ආච්චිට සුභ උපන් දිනක් සහ තව තවත් උපන් දින සැමරීමට වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...