"අතෑරලා දාන්න..!"
මම තිගැස්සී ඔහු දෙස බැලුවා...
"මටද කිව්වේ..?"
"ඔව්..."
බස් නැවතුමේ මා
හැරුණු කොට සිටියේ ඔහු විතරයි... දිගින් දිගටම අසාර්ථක වුණු වෙළඳ ගනුදෙනුවක්
හඹා යෑමෙන් හෙම්බත්ව උන් මා සිත තුල වූ පෙරළිය ඔහු දැනගත්තේ කෙසේදැයි මා දැන සිටියේ නැහැ..
"මම යකඩයක් වගේ
මිනිහෙක්... යමක් හිතුවොත් කරලා තමයි පස්ස බලන්නේ... දුර්වලයෙක් වගේ අතාරින එක මගේ
පොතේ නෑ..."
මම කියද්දී ඔහු සිනාසුනා...
“ඉතිං ඔහේ හරිම දුර්වලයෙක් නේන්නම්... ඔහේට ශක්තියක් නෑ යමක් අතෑරලා ඒකේ ප්රථිපලයට
ශක්තිමත්ව මූණ දෙන්න... පරාජයක් හිනාවෙන් පිළිගන්න... අලුත් අභියෝගයක් හඹායන්න...”
ඔහු කියවාගෙන ගියේ මම කට ඇරගෙන අහගෙන සිටිද්දීයි...
“අතෑරලා දාන්න..!”
ලියා එව්වේ - බීට්ල් (http://akurublog.blogspot.com)