Showing posts with label පොත්. Show all posts
Showing posts with label පොත්. Show all posts

Friday, December 21, 2012

ඒ විරාමයෙන් පස්සෙ

විරාමයෙන් පස්සෙ ඔබ ආයෙත් එකතු වෙන්නෙ මෙවර සාහිත්‍ය උළෙලෙදි හොඳම නවකතාවට සම්මානය හිමිකරගත් සයිමන් මහත්මයා සමග කතාබහ කරන ශනිදා උදා හෝරාවත් සමගයි. සයිමන් මහත්මය මම ඔබේ පොත කියවල බොහොම තදින් කම්පණයට පත් වුණා. මම බොහොම කැමතියි අර දුම් බීමෙන් මිදෙන චරිතයට. ඔහු ඒ ඇබ්බැහිවීමෙන් මිදෙන ආකාරයට. දුම් බීමේ ආදිනව ඔබ බොහොම අපූරුවට ඒ චරිතයෙන් නිරූපණය කරල තියෙනවා. ලස්සන ජීවිතයක් ඒ ඇබ්බැහිය නිසා විනාශ වෙන්න යන විධිය හරිම ශෝචනීයයි... ඔබ ඒ චරිතය ගොඩනංවල තියෙන්න විධියට වෙලාවකට සැකයකුත් ඇතිවෙනව ඔබත් දුම් පානය කරන්නෙක්ද කියල. සමාවෙන්න මෙහෙම අහනවට... ඔබ දුම් පානය කරල තියෙනවද කවද හරි?

නැතුව...? දැනුත් බොනවා... සිගරට් නොබී කොහොමද පොත් ලියන්නේ...?

ලියා එව්වේ - hare :-)

Friday, March 16, 2012

මුතුන්මිත්තන්ට රක්ෂණ ඔප්පුවක්

“එක එකාට ඕන විධියට නටන්න දෙන්න බෑ”

“ඇයි මචං මොකක්ද අවුල?”

"නෑ බං... බලපං මුං කරන දේවල්...? එක එකා තම තමන්ට ඕන විධියට නටනවනේ...”

“ඉතිං ඒකෙ මොකක්ද අවුල...? උඹ නටන විධියට හැමෝටම නටන්න බෑනෙ.”

“උං ඕන නැටුමක් නටාගත්තට කාරියක් නෑ... අපි ආරක්ෂා කරන දේවල් විනාස කරන්නෙ නැතිව.”

“දැං උඹල මොනවද ආරස්සා කරන්නෙ?”

“ඇයි අපේ මුතුන්මිත්තො රැකල දීපුව. ඒව රකින එක අපි හැමෝගෙම වගකීම”

“මුතුන්මිත්තො රැකල දීපුව කෝ...?”

“ඇයි ඔය පොත්පත්වල තියෙන්නෙ... ඒව අපි රකින්න ඕන දායාද”

“ඉතිං උඹ කියවල තියෙනවද ඒව?”

“පිස්සුද බං ඕව කියවන්න වෙලා තියෙන්නෙ කාටද? අනික කියෙව්වට තේරෙන්නත් එපැයි!”

“හ්ම්.....”

“ඒ වුණාට ඒව අපි පරෙස්සමෙන් රකින්න ඕන.”



ලියා එව්වේ - hare :-)

Tuesday, July 12, 2011

නැටි මාක්

රෑ දොලහට
මට හිස නමා ආචාර කෙරුමට එන
පුංචි සුරතල් මීරාළ
මොනවා දොඩනවාද
මේ සමයං රෑ මට

තාත්තාගේ පොත් රන් වටී
නොතේරෙන කුරුමිණි අඩු
ඇයි බලන්නේ ඔය තරමට

අම්මාගේ කාමරය
ඈ අත ඇරියේ සෙල්ලමට
මීයෙකුට මොකටද
අලි විසාලෙට ඔතරම් ඉඩ

මගේ ඇදවත ලිස්සන සුලු
මදුරු දැල බැදි තංගුස් නූල
සර්කස් පෙන්වන්න කදිම තැන

රෑ දොළහට
මී සර්කස්
කඩවසම් මී දෙනෙත
ආලයෙන් නොබලන්න
මිනිස් ගැහැනුන්
මීකතුරු ගැන දැන උගත්

මගේ ඇද පාමුල
අහිංසක ගිවිසුම මා ලියූ
කෙටි අස්සන
නැටි මාක් සමඟින්
තබා යනු

මිනිස් ගැහැනුන් ප්‍රයෝගකාරී
අල්ලා කූඩුවකලා
කුණු ඇළට වීසි කළ
පරණ පොතකුත් ඇති
කියවනු හැකි නම්

ඒ අසළ
පුංචියට


ලියා එව්වේ - කාංචනා අමිලානි

Related Posts Plugin for WordPress, Blogger...