අන්නාසි, ඇපල්, බෙලි, පේර, දිවුල්, කෙසෙල්ගෙඩි, මිදී, සීනි කැකිරි වගේ තෝරා ගත්ත පලතුරු කිහිපයක් වට්ටියක පිළිවෙලට තියල රතු නැත්නම් නිල් පාට මල් මාලයක් දානවා. සමහර පලතුරු තියන්නේ දෙකට කපල. ඒත් සමහර පලතුරු වර්ග පොත්ත පිටින්ම තියනවා. ඒ මදිවට එක උඩින් බුලත් කොලයක් තියලා, එකටත් උඩින් ඉස්සර නම් වර්නසේන රාසපුත්‍රම් අත්සන් කරපු සීයේ කොලයක් තියනවා. දැන්නම් දාහෙන් උඩ කොලයක් තමයි තියෙන්න ඕනේ. ඇත්තටම මේ දෙවියෝ මේ වගේ පලතුරු කෑලි ටිකකට අහු වෙන හැටි දැක්කහම වෙලාවකට හිතෙනවා දෙවියොත් මේ මනුස්සයෝ වගේ ජරාවට බර පොරවල් ටිකක් කියලා. නැත්නම් රුපියල් දෙතුන්දාහකට අහු වෙලා එක එක පොරොන්දු ඉෂ්ට කරන්න බාර ගනීද? සල්ලි දෙවියන්ගේ මල්ලි නෙව.
ලියා එව්වේ - ඇවිද්ද පය (http://awidda-paya.blogspot.com)
Showing posts with label සල්ලි. Show all posts
Showing posts with label සල්ලි. Show all posts
Wednesday, January 2, 2013
Wednesday, May 2, 2012
හිඟන්නෝ
“මහත්තයෝ මට පිලිකාවක්…” බස් රියට නැඟුනු හිඟන්නා මට ඇහිලම කටපාඩම් වුණු සුපුරුදු දේශනාව පටන්ගත්තා…
“…මගේ පවුලටත් ඇදුම…” අතපාමින් පැමිණි ඔහු නැවතුනේ මට පසෙකින් වාඩිවී උන් මනුස්සයා සාක්කුවට අත දැමූ නිසයි…
“මිනිහා අලි හොරෙක්… මම දන්න කාලේ ඉඳන් පිලිකාවක් කියලා සල්ලි ඉල්ලනවා...”
මම ඔහුට කිව්වේ හිඟන්නා ගියාම…
“හැමදාම රෑට අර බාර් එකෙන් කුණුවෙන්න බීලා ඉස්ටේශමේ නිදාගන්නේ… ඇදුමක් හැදෙන්න ඔය මිනිහට ඇති පවුලක් නෑ… අපරාදේ සල්ලි…”
මම අනුකම්පාවෙන් කියද්දී අසුනින් නැගිටලා රාක්කයෙන් ගමන් මල්ල ගත් ඔහු පළවෙනි වරට කටහඬ අවදි කලා…
“මමත් දන්නවා මල්ලී…”
“එහෙනම් සල්ලි දුන්නේ…???” මට එහෙම අහන්න බැරිවුනේ ඔහු තෙරපෙන සෙනග අතරෙන් සුළඟක් වගේ දොර දෙසට අතුරුදහන් වුණ නිසයි...
ලියා එව්වේ - බීට්ල් (http://akurublog.blogspot.com)

Tuesday, March 22, 2011
ඉගනීමේ අගේ
ඔයාට ඇයි මෙච්චර කියලත් තේරුම් ගන්නෙ නැත්තෙ ශාම
ආයෙත් පාරක් විභාගෙ කරන්න.ඇයි ඔයාට මේකෙ අගේ තේරෙන්නෙ නැත්තෙ
මම මොනව කරල හරි ඔයාට සල්ලි හොයල දෙන්නම්
ඔව් මම කිව්ව වගේම කුලීවැඩ කරල හරි ඔයාට පන්ති යන්න සල්ලි වියදම් කලා
මට ඒකෙ අමාරුවක් දැනුනෙ නෑ.ඒ අපි දෙන්නගෙ අනාගතේ ස්ථාවර බව දැනෙනකොට
මට ඔයා ගැන පව් කියල හිතෙනව ධනුක
මට ගෙදර නවතින්න හිතෙනව
ඔයා එහෙම කියල කැම්පස් නොයා ඉන්න හැදුවෙ ඉගනීමෙ වටිනාකම තේරුම් නොගත්ත නිසා වෙන්න ඇති
ඒත් උපාධිය ඉවර වෙත්දි මටත් වැඩිය හොදට ඔයාට ඒක තේරුනු නිසා වෙන්න ඇති ඔයා ඉංජිනේරුවෙක්ම තෝරගත්තෙ
ඔයාට විතරක් නෙමෙයි
අද මටත් මම පව් කියල හිතෙනව
ලියා එව්වේ - සහෝධරයා

Sunday, March 13, 2011
පින
"පුතා" දැන් ඉරුණු සල්ලි බැංකුවෙන් ගන්නෙ නැද්ද?
මැදිවියෙ වූ ඔහු අඩ නින්දෙන් වූ මා අවදි කරමින් ඇසුවේය..
"මහ බැංකු නිවෙදනයක් දුන්නා ගිය මාසෙ ඉරිච්චි නොට්ටු ගන්න එපා කියලා" .
බොහොදුරක් ගෙවා ආ බැවින් මහහන්සියෙන් පසුවූ මා නොකැමැත්තෙන් සේ පිළිතුරු දුන්නෙමි.
"දයාබර අයියෙ අක්කෙ නංගියෙ මල්ලියෙ" මම බොරුවක් වංචාවක් කරනවා නෙවෙ, මමත් කැමති ඔබතුමාලා වගෙ ලස්සනට ජීවත් වෙන්න"
සිඟමනට ආ තරුණ ගැටයෙකි.
"පොඩ්ඩක්" ඉඩදෙනවාද මම එහා හොල්ට් එකන් බහිනවා, මැදිවිය පුද්ගලයා පැවසීය.
සාක්කුවෙ තිබූ අවසන් රුපියල් දහය සිඟන කොල්ලාට දුන් මා නැවත නින්දට වැටුනි..
"බලන්න මේ බහින්න යන මේ මහත්තයත් මට රුපියල් දහකින් ආධාරයක් කලා"...
සිඟන කොලුවා පවසන අයුරු යාන්තමින් කනවැකුනි..!!
ලියා එව්වේ - මුදිත හර්ෂන දසනායක (http://www.sarawatiya.blogspt.com)

Saturday, January 22, 2011
අසරණී...
ඔයාට හොඳටම උණනේ
උදේ ඉඳන්ම තිබුණා
ඇය නිරුත්තරය
පැනඩොල් දෙකක් බීල ආවේ, උණ බහී..
උදේ ඉඳන්ම තිබුණා
ඇයි ඉතින් ආවේ
ඇය නිරුත්තරය
ඇඳේ ඇලවී උළු ගැන්නෙමි...
ඔයා පටන් ගන්නෙ නැද්ද?
මොකක්ද?
ඇයි අද ආවේ
නිවාඩු දවසනේ
ඉතින්,
ඔයාට උණනේ
පැනඩොල් දෙකක් බීල ආවේ, උණ බහී..
ඇගේ ජීවිත කතාව මිමිණුවාය...
ඌ මාව වික්කෙ 15000 කට, මම වැඩියෙන්ම විශ්වාස කරපු කෙනා, මුන් මාව අතින් අත මාරු කරනවා
මම යනවා, ඔයා ඕකට බෙහෙත් ගන්න...
ඔයා ඉන්න මට දන් හොඳයි, සල්ලි ගෙවලනෙ ආවේ අපරාදේ..
සල්ලි? මම ප්‍රතිරාව කළෙමි,
ඉන්න මම වොශ් එකක් දාගෙන එන්නම්
තෘප්තිමත් අවසානයක, අවසානයේ ඈ මට තුරුල්වී සිටියාය,
ආපු තුන් පාරම මාවම ඉල්ලුවේ ඇයි?
ඇඳුම් ටික දාගෙන එලියට බැස්සේ පෙට්ටිකඩය දෙස බලාගෙනමය....
ලියා එව්වේ - සටපික්වලයා
Subscribe to:
Posts (Atom)