Showing posts with label වරුණි. Show all posts
Showing posts with label වරුණි. Show all posts

Wednesday, November 3, 2010

"හොරා කෑම"

“අම්මා.... මෙන්න අයියා....”
ඊට වඩා මොනවත් කියන්න ලැබුනෙ නෑ..අයියා අත් දෙකින්ම බදලා මගේ කට වැහුවා... මං දැගලුවේ මට හුස්ම ගන්න බැරිව මැරෙයි කියන බයට..
“කෑ ගහන්නේ නැතිව ඉන්නවා යෝදියේ.. ඔයාටත් කෑල්ලක් දෙන්නම්”
“අන්න එහෙම එන්න.. හැබැයි මට ලොකු කැල්ලක් ඕන”
මම අතින් ලොකු කැල්ල පෙන්නුවා..
“පෙරේති ආ ඉතින්”
කේක් කෑල්ලක් දෙන ගමන් එහෙම කිව්වේ ආදරේට කියලා මං දන්නවා..
“හරි ෂෝක් අයියයි නංගියි”
පිටිපස්සෙන් ඇහුන කටහඩට මං විතරක් නෙමෙයි අපේ සුපර් හීරෝත් ගැස්සුනා....අම්මා ඉනට අත් දෙකත් තියාගෙන බලන් ඉද්දි බොරුවක් හදාගන්නවත් වෙලාවක් තිබුනෙ නැ.
“නෑ අම්මා මේ නංගිට බඩගිනි කිව්වා ඒකයි”
“යකෝ මේකා කියන බොරු.... තරහටම මං වැලමිටෙන් ඇන්නා හොද පාරක්

ලියා එව්වේ - වරුණි (http://akikaruhitha.blogspot.com/)

Thursday, October 14, 2010

අයිතිය

“ඔයා දැන් පොඩි එකෙක් නෙමෙයි....... බොරුව‍ට හුරතල් වෙනවා...”
“එහෙනම් මොන එහෙකටද මට චූටි දුව කියන්නේ”
මමත් පරදින්න කැමති නෑ.. දිගටම වාද කරනවා... මං අනිත් අයත් එක්ක ඕනම දෙයක් බෙදා ගන්නම්... ඒත් ඔය ආදරේ නම් බෙදා ගන්න බෑ...
“නපුරු වෙන්න එපා...එයා තාම පොඩි දරුවෙක්.. එයා ගැන අපි බලන්න ඕන...”
“එතකොට මං ගැන බලන් නැද්ද?
එයා ඔයාගේ මිණිබිරි.. මම දුව... වැඩි අයිතිය මටයි..”
දැන් ඇස් වල කදුළු පිරෙනවා.. හිත හයිය කරන් ඉන්න හැදුවට නිකම්ම කඩා වැටෙනවා... “කවුරුත් මට ආදරේ නෑ....”
මං පුංචි බොනික්කා තුරුල් කර ගත්තා..
ඔයාට අමතක වුනාට මෙයාව මට ඔයා ගෙනත් දුන්නේ
අවුරුදු 20කට කලින් අද වගේ දවසක..
මගේ උපන්දිනේට........

ලියා එව්වේ - වරුණි (http://akikaruhitha.blogspot.com/)

Friday, October 8, 2010

නික්ම යෑම

මම ඔයා දිහා බලන් හිටියා. ඔයා පොඩි එකෙක් වගේ නවත්තන්න බැරි රළත් එක්ක පොර බැදුවා..
“ඔයා හැමදාම ආදරේ කලේ නොලැබෙන දේවල් වලට”
මට එහෙම කියන්න හිතුනත් මං එහෙම නොකීවේ ඔයාට රිද්දන්න බැරි හින්දයි........
රළත් එක්ක ඔට්ටු වෙලා මහන්සි වුන ඔයා මං ලගට ආවා...
“අපි අයිස් ක්‍රිම් කමුද?”
මම “හා අපි කමු” කියන්නත් කලින් ඔයා අයිස් ක්‍රිම් ගේන්න දිව්වා... ඔයා ඇතට යනවා දකිද්දී මගේ හිත ගැස්සුනා...
මම ඔයාව දාලා යනවා...
කදුළු කැටයක් මට ඔයාව නොපෙන්වන්න උත්සහයක් ගත්තා...
කෑගහලා අඩන්න හිතුනත් කදුළු වලට එන්න නොදී හිර කරගත්තා....
මම ඔයාව දාලා එන්න හැරුනේ
ඔය ඇස් ඉස්සරහ ඉදන් ඔයාව දාලා යනවා කියන්න බැරි නිසා..

ලියා එව්වේ - වරුණි (http://akikaruhitha.blogspot.com)

Related Posts Plugin for WordPress, Blogger...