එහෙම මිනිස්සු ජීවිත කාලෙදිම ලබපු අත්දැකීම් එක්ක බොහොම සැහැල්ලුවෙන් ජීවිතේ වින්දනය කරන අය.
බ්ලොග් අවකාශෙත් එහෙම මිනිහෙක් හිටියා. හැමෝටම හිනාවෙලා කතා කරපු ඔහු කමෙන්ටුවක් ඇතුලෙත් පතුරු යන්න හිනාවුණ පොළොවෙ හිටපු මිනිහෙක්!
ඔබා මාමේ... ඔබ එහෙම මිනිහෙක්!
ඔහු සියය අඩවියට වචන 800ක් ලිව්වා. ලියපු බොහොම දෙනෙක්ව කමෙන්ටුවකින් දිරිගැන්නුවා. හැමෝටම වඩා හොඳින් හිනා වුණා.
ජීවිතේ කියන්නෙ අපි හිතාගෙන ඉන්න එකම නෙවෙයි කියලා ජීවිතෙන් ඔහු අපට පෙන්නුවා.
ඔබට නිවන් සුව!
මම මාරයගෙ බ්ලොග් එකෙන් තමයි ඒ කණගාටුදායක ආරංචිය දැන ගත්තෙ. සිංහල බ්ලොග් අවකාශයෙ හැමෝම හිනැස්සූ ඒ සුන්දර මනුස්සය කාටත් නොකියම, අද අපිව හඬවල නික්මී ගිහින්. මේ අවුරුද්දෙ ඔබ මාතර ආවත් මුණගැහෙන්න බැරිවුණ නිසා ලබන අවුරුද්දෙ අනිවාර්යයෙන්ම හමුවෙන්න හිටියෙ. ඒත් නොසිතූ දේ ම අද සිද්ධවෙල.
ReplyDeleteසදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා!!!
ඔබා මාමේ. නැවත හමුවෙමු!!!
ReplyDeleteවිවෘත මනසකින් ලෝකේ දිහා බලපු, නිතරම හිනා වෙලා උන්නු අපූරු මනුස්සයක්!
ReplyDeleteඔබා මාමට නිවන් සුව !
ReplyDeleteඅපි කිසිවිටකත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත් දයාබර ඔබා මාමාට නිවන් සුව.......!
ReplyDeleteඔබ මෙලොව හැර ගියත් ඔබගේ මතකය සදා කල් අප සමග රුදෙනු ඇත ඔබට අජරාමර නිවන් සුව අත් වේවා!
ReplyDeleteඔව් ඇත්තටම එහෙම මිනිහෙක්!!!!
ReplyDeleteඔබා අයියාට සුව අත්වේවා!!!විජේවර්ධන පවුල වෙත මගේ කනගාටුව.
ReplyDelete. සිංහල බ්ලොග් කියවන්නෙක් විදියට මම හදවතින්ම වැලදගත්ත අව්‍යාජ ෙසාදුරු මිනිසෙක්. කමෙන්ටුවකින්වත් කවදාවත් කාෙගවත් හිත රිෙදන යමක් ලියනවා දැක්ෙක් නැහැ විවාද වලදි කවදාවත් පැත්තක් ගෙන ෙකාෙමන්ට් කරලා නැහැ. කවදාවත් හමුවෙලා කතාකරලා නැතිවුනත් ලඟම හිතවතෙක් විදයට දැනුනා. ඒනිසා හිතට ලොකු දුකක් දැනෙනවා.
ReplyDeleteසිංහල බ්ලොග් අවකාශයෙ සොදුරුම මිනිසා....
ඔබා අය්යට නිවන් සුව!
මොකෙක්වත් කොමෙන්ට් නොකරන හෝදාපාලු බ්ලොග් එකක් තුල වුණත් සුන්දරත්වයක් දුටු බ්ලොග් කලාවේ තල්මසුන්ගේ සිට හාල්මැස්සන් දක්වා කාගේත් හිතවතා වූ ඔබ, කුණු ගොඩගහන කුණු අවුස්සන මහත්තුරුන්ට වඩා මනුස්සකමින් සයිබර් අවකාශය තුල අපට සමීප වුණා.... නුදුටු සුන්දර මිනිසාණෙනි! ඔබට සුබ ගමන්..!
ReplyDeleteඔබට නිවන් සුව ලැබේවා. සනත් අයියා ඔබ සදාකල් අප හදවත් තුල ජිවත් වෙනු ඇත .මා ලියු අද නොලියන blog එකේ පළමු comment දැමුවේ ඔබයි අයියේ.
ReplyDeleteඅක්‍රියව ගෙවුනු පහුගිය බ්ලොග් ජිවිතයේ මඟ හැරි ගිය වැඩිය මුණ නොගැසුනු ඔබා මාමේ.. සුභ ගමන්..!!!!
ReplyDeleteලඟදි බොහෝ දෙනෙක් මරණය ගැන කතා කළා. නමුත් කව්ද හිතුවේ මරණය හොරෙන්ම ඇවිත් අපේ සහෘද ඔබා මාමව අරගෙන යයි කියල. මට නං හිතාගන්නවත් බැහැ. ඔබා මාමා නොමැති සිංහල බ්ලොග් ලෝකය තුළ කිසිවකුට මැකිය නොහැකි මහා පාළුවක් ඇතිවේවි.
ReplyDeleteසදාදරණීය ඔබා මහතාණනි, ඔබට නිවන් සුව පතමි!
Oba [Sanath]oba miya giya bawa dannemi,oba giya maga apa sawoma kawada ho ya yuthuya,eya loka sobhawaya bawa danimi.Obata Nivan Suva Athwewa Pathami!
ReplyDeleteඔහු මියගියේ ද සිත සතුටින්. එයින් කොටසක් බ්ලොග් ලෝකය නිසායි.
ReplyDeleteහොඳ මනුස්සයෙක්.. ඔබට නිවන් සුව පතමි..!!
ReplyDeleteඔබා මාමේ ඔබට නිවන් සුව!!
ReplyDeleteආදරනීය ඔබා මාමට නිවන් සුව අත්වේවා....
ReplyDeleteඅදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............
ReplyDeleteසුබ ගමන් ඔබා මාමේ!
ReplyDeleteඔබා මාමාට නිවන් සුව වේවා !!
ReplyDeleteඅපූරු මිනිසෙක්..
ReplyDeleteඔහුට නිවන් සුව!!