Tuesday, June 7, 2011

ෆොටෝෂොප් වල ඖෂධීය සාරය

අක්කා ෆාමසියට ආවා. සුදුවෙන ක්‍රීම් එකක් ඉල්ලුවා. රුපියල් තුන්දාහෙ ඉඳන් රුපියල් හැට වෙනකන් ක්‍රීම් වර්ග. අක්කාට පිස්සු වගේ. හැබැයි ඉතින් වැඩිපුර ජනප්‍රිය එකසිය විසිපහේ ක්‍රීම් එකනෙ. ඉන්ටවිව් එකකින් තේරෙන්න, නිළියක් වෙන්න, බැංකුවෙන් ඉක්මනට වැඩක් කරගන්න, නිවේදකයෙක් වෙන්න, කසාදයක් බඳින්න, මේ හැමදේටම හොඳම දේ තමයි ඒ ක්‍රීම් එක.

අක්කාගෙ එකම හීනෙත් නිළියක් වෙන එකනෙ. ඉතින් අක්කාත් ගත්තා ක්‍රීම් එකක්.

සීතා අක්කගෙ ලොකු මල්ලි හොඳ ඇඩ් කොම්පැණියක ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. එයාට ආවා හදන්න කියලා පත්තරේට ඇඩ් එකක්. මේ අර අක්කා ගාන ක්‍රීම් එකනෙ. එකසිය විසිපහේ ක්‍රීම් එකට පියවරෙන් පියවර සුදු කරන්න එකම නිළියව.

බැලින්නම් මේ සුදු වෙන්නෙ ඖෂධීය සාරයෙන් නෙවෙයි ෆොටෝෂොප් වලින්...


ලියා එව්වේ - නීනු (http://neranji-sulakkana.blogspot.com/)

13 comments:

  1. නෙරංජි එහෙමයි සුදුවෙන්නේ ඈ? :D

    ReplyDelete
  2. හාහා..!! කතාවට වඩා ටොපික් එක මරු!!!

    ReplyDelete
  3. ඔය කියන්නෙ ෆෙයා ඇන්ඩ් ලව්ලි ගැනද ? ඕව ගාන්න හොඳම නෑ. හැම තැනම සුදු වෙනව.

    ReplyDelete
  4. කතාව ඇත්ත.. ඔය මූන බලන කන්ණාඩි ටික ෆොටෝෂොප් කරා නම් වැඩේ හරි.

    ReplyDelete
  5. මරු.....:)

    ReplyDelete
  6. හෙහ්..හෙහ්...හෙහ්...

    ReplyDelete
  7. මෙලෝ රහක් නැ

    ReplyDelete
  8. මට මගේ ඉතිහාසෙත් මතක් වුණා ඕං... ඔය පොඩි කොල්ලො නිකොන් අරන් සුදු කිරීමේ විශේෂ අඥ්ඥයො වෙන්න කලින් අපිත් පින්තූර සාප්පුව පාවිච්චි කරලා මිනිස්සුන්ව සුදු කොරපු ඈයොනේ... ;-)

    ඔය නම් ඇඩ් එක සම්බන්ධව විතරයිනේ.... ඇත්තටම මිනිස්සුන්ට සුදු වෙන්න තියෙන පිස්සුව දැක්කම අපටත් පිස්සු හැදෙනව තමයි!

    ReplyDelete
  9. එල එල..නියම මඩක්

    ReplyDelete
  10. මෙලෝ රහක් නෑ කී ඇනෝ ට විශේෂ ස්තූතිය....සමග අනික් අයටත් ස්තූතියි

    ReplyDelete
  11. හික් හික්.... ඔය ක්‍රීම් එක අත්දුටුයි ප්රත්යක්ශයි

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...