Friday, June 10, 2011

මට පිස්සු නෑ....


පාර්ක් එකේ අපි උන්නෙ අපේම ලෝකයක..
ගාර්ඩ් අයියලා කොච්චර බැන්නත්
අපි අපේ ලෝකෙක තනිවෙලා උන්නෙ
මේ ලොකේ අපි දෙන්නාගේ විතරක් නම්
කාගෙන් වත් කරදරයක් නෑනේ කියලා...
ඔයා හැමදාම කියන්නෙ ගල් බංකුව උඩට වෙලා
මං ඔයාගේ තොල් පෙති වල රස බැලුවාම...
ඒ උණුසුම් හාදු වලට ඔයත් හරි ආසාවෙන් පණ පෙව්වා..
එත් ලැජ්ජාවට ඇඹරෙනවා වල් කොල්ලා කියලා..

හික් හික්.. හරිම සුන්දරයි නේද ඒ අතීතය?
ඔයාගේ ඇඳුම මාරම ලස්සනයි අද...
පහන් එළියට ඇඳුම දිලිසෙනවා
මට හිතෙනවා දැන් ඔයාගේ දුඹුරු පාට තොල් පෙත්තෙ
රස බලන්න වෙනදා වගේම..
ඒත් කොහොම කරන්නද ?
එව්වා ෆෝමලිං රහ ඇති
මිනිස්සු හිතයි මට පිස්සු කියලා..
නෑ මට පිස්සු නෑ...!



ලියා එව්වේ - බනියා (http://freeanushka.blogspot.com/)

17 comments:

  1. ස්තූතියි පොටෝ එකත් දැම්මට.. :D

    ReplyDelete
  2. බනියටත් හිතෙන දේවල්....

    ReplyDelete
  3. මම දෙමල ෆිල්ම් එකක් බැලුවා, නම හරියට මතක නැහැ එකේ තියෙනවා කෙල්ල මැරිලා කියලා පිලිගන්නේ නැතුව කොල්ලා කෙල්ලගේ මිනිය අරන් දවස් ගානක් යනවා කාටවත් මිනිය ගන්න දෙනෙන නැහැ ඒ තරම් ඌ නපුරු වෙලා ඉන්නේ. ඒක මතක් උනා මේක දැක්කම
    එළ බනියා

    ReplyDelete
  4. harima sanvedei :) aadaraya....

    ReplyDelete
  5. බනියාටත් හිතෙන්නේ මාර එව්වා... නියමයි :)

    ReplyDelete
  6. :| නෝ කමන්ට්ස් කිව්වලු!
    සිරා ආදරයට ඕනෑම දෙයක් (විනාශ) කරන්න පුලුවන්!

    ReplyDelete
  7. බනී උබටත් හිතෙන ඒවා මරුවට ලියලා තියනවා....

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ඒ ටැමිල් ෆිල්ම් එකේ අන්තිමට මෙන්න මෙහෙම එකකුත් තිබුනා. ''අහිමු වූ ආදරයත් ප්‍රතික්ෂේප වූ ආදරයත් මරණයට වඩා දරුණුයි ''

    ReplyDelete
  10. බනියො කෙල්ල වහ බීලද මලේ?

    ReplyDelete
  11. මල ඉලව්වයි මොකද මේ .........
    කවුද මැරිල තියෙන්නෙ .......

    ReplyDelete
  12. හුටා..
    පොඩ්ඩක් රහ බලපන්. එච්චර අවුලක් වෙන එකක් නෑ..

    ReplyDelete
  13. තොල් පෙත්තෙ රස ෆෝමලින් කියල තේරුණා කියන්නෙ උඹට පිස්සු නෑ... The Three Burials of Melquiades Estrada කියන ෆිල්ම් එක පුළුවන්නං හොයාගෙන බලන්ට. ආදරේ කරපු මිනිහෙක්ගෙ මලමිනියට ආදරේ පෙන්නන හැටි දැනගන්ට!

    ReplyDelete
  14. ආදරය අපිව ජීවත් කරනවා වගේම...ආදරය අපිව මරලත් දානවා.

    ReplyDelete
  15. හැමෝටම බොහෝමත්ම ස්තූතියී.. :-)

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...