Monday, September 6, 2010

රවුම සහ කොටුව

මම වැල්ලෙ රවුමක් ඇන්ද. එයා වැල්ලෙ කොටුවක් ඇන්ද.

"ඇයි ඔයා කොටුවක් ඇන්දෙ?" මම ඇහුව.

"ඇයි ඔයා කොටුවක් ඇන්දෙ නැත්තෙ?" එයා මගෙන් ඇහුව.

"රවුමකට කෙළවරක් නෑ හරියට ආදරේ වගේ." මම එහෙම කිව්ව.

"දැන් කියන්න ඇයි ඔයා කොටුවක් ඇන්දෙ?" මම ආයෙත් ඇහුව.

"විසේස හේතුවක් නෑ. ඔයා රවුමක් ඇන්ද, ඉතින් මම කොටුවක් ඇන්ද. ඔයා මට කිව්ව නම් ආදරේ සංකේතවත් කරන දෙයක් අඳින්න කියල මම වෙන මොකක් හරි අඳිනව."

"මම එහෙම කිව්ව නම් ඔයා මොකද්ද අඳින්නෙ?"

"දන්නෙ නෑ. ඒත් මම කවදාවත් රවුමක් අඳින්නෙ නෑ."

"ඒ ඇයි?"

"රවුම එක තැන කැරකෙනව, හරියට අපේ ආදරේ වගේ"

එකපාරටම ආපු රැල්ලකින් අපි රටා ඇන්ද මුහුදු වැල්ල අලුත් වුනා.

ලියා එව්වේ - නොදරුවා (http://nikamatawage.blogspot.com/)

12 comments:

  1. patta blog eka... ela idea

    jaya wewa...

    ReplyDelete
  2. උපරිමයි සඳුනෝ... හොඳ වෙලාවට අපි නම් වැල්ලෙ කොටු රවුම් අඳින්න යන්නෙ නෑ... ඔය බිලොග් වල නම් ලිව්වොත් මිසක්... හැඩතල අඳින්න ගත්තොත් මොනව කියවෙයිද මන්දා...

    ReplyDelete
  3. රවුම් කොටු ඇඳිල්ල නවත්තලා ත්‍රිකෝණයක් ඇන්දොත්... මොනා වෙයිද ????

    ReplyDelete
  4. මාතෘකාව දකිද්දිම මම හිතුව මේක ලිව්වෙ නොදරුවම තමයි කියල...

    ReplyDelete
  5. ආදරේ කියන මාතෘකාවේදී අපි හැමෝම රවුමක දුවන්නේ කියලා මගේ පරන මිත්‍රයෙක් ඉස්සර මම ස්කෝලේ යන කාලේදී කිව්වා කියලා මතකයේ තාම තියෙනවා . . . මම ආදරේ කරන කෙනා ආදරේ කරන්නේ මට නෙමේ වෙන කෙනෙකුට . . ඒ කෙනා ආදරේ කරන්නේ මේ දෙන්නටම නෙමේ වෙන කෙනෙකුට . . ආදරේදී අපි හැමෝම රවුමක දුවනවා මල්ලී කියලා ආදරේ නිසා හිත රිදෝ ගත්තු ඒ මිත්‍රයා කිව්වා . .. . අදටත් මතකයි .. .

    ReplyDelete
  6. උඹ කෙටියෙන් කැමති නිසා මං කෙටියෙන්ම කියන්නම්.. සිරා!

    ReplyDelete
  7. උඹ කෙටියෙන් කැමති නිසා මං කෙටියෙන්ම කියන්නම්.. සිරා!

    ReplyDelete
  8. උපරිමයි නොදරුවා............

    ReplyDelete
  9. රවුම එක තැන කැරකැවුනත් පිටින් බලද්දි එක ඉස්සරහට ගිහිල්ලා....
    එත් එක මැද ඉදන් බලද්දි එක තැන කැරකිලා.......
    මේක තාමා ලෝකේ හැටි.......

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...