“තව විනාඩි 3ක් තියෙනවා....”
ඇඟිලි සලකුණු යන්ත්‍රයට එබුණ මහේෂ් එහෙම කියාගෙන පුටු ඇන්දක වාඩි වුණා.
මම වරින්වර ඇඟිලි සලකුණු යන්ත්‍රය දිහා බලමින් හිටියෙ මේසයකට හේත්තු වෙලා.
අපි දෙන්නම ඕෆ් වෙන්න ලෑස්ති වෙලා...
කතාවක් පටන් ගත්ත. අන්තිමේදි හරියට කතාවක් කරන්න පුළුවන් තරමට නිශ්ශබ්ද වෙලාවක්...
“මේ පාර විතරයි ඕ.ටී. තියෙන්නෙ. සල්ලි ඉවරයිලු. ඊලඟ මාසෙ ඉඳන් වන් ඇන්ඩ් ඔන්ලි බේසික්.”
“හ්ම්... මම දැක්ක පත්තරෙත්... සැප්තැම්බර් වෙද්දි ආණ්ඩුවෙ සල්ලි හිරවෙනව කියල...”
“ආණ්ඩුවෙ වියදම්... තේරුමක් නැතිව හැම දේටම...”
“අපේ වියදනුත් එහෙම්මම තමයිනෙ බං” මට කියවුණා.
“උඹ නං කියයි. උඹ තනියනේ”
මට අමාරුවෙන් හිනා වෙන්න පුළුවන් වුනා...
“හරි! හයයි කාලයි. යමු” මහේෂ් ඇඟිල්ල දික් කරගෙන නැගිට්ටා...
ලියා එව්වේ - h (http://living.hartstuff.com/)
ෆ්‍රිජ් එකකුත් ගනිං එතකොට තව පඩි වැඩිවෙයි.. හික් හික්... තනිකඩයා කියලත් මිනිස්සු හිරවෙලා ඉන්නේ බං..
ReplyDeleteඒක ඇත්ත. සමහර වෙලාවට තනිකඩයෙකුටත් ජීවත් වෙන්න බැරි වෙලාවල් නැත්තෙම නෑ.
ReplyDelete