Tuesday, September 7, 2010

එහා ඉවුර..

ගඟ ගලන්නේ ඉතාමත් සෙමිනි. එහා ඉවුරේ වූ ත්‍රස්තවාදි කඳවුර තුළ සිදුවන්නේ කුමක්දැයි මා බලා සිටියේ මා එය විමසිය යුතු වූ නිසාය. රාජකාරිය දේවකාරිය වු නිසාය. ඈ ගැන මා තුළ උනන්දුවක් ඇති වූ නිසාය.

ඈ ත්‍රස්තවාදිනියකි. මාද ඔවුන්ට ත්‍රස්තවාදියෙකි. දින කිහිපයක සිට මා ඈ දුටුවේ නැත.

ආණ්ඩුව පවසනා පරිදි යුද්ධය තව නොබෝ දිනකින් නිමා ‍විය යුතුය. ඉන්පසුව මා ඇයව විවාහ කරගත යුතුය. එසේ වීමට නම් හෙට දියත් කරනු ලබන ප්‍රහාරයේදී මා ඇයව රහසේ බේරාගත යුතුය. එවිට ඈ මා වෙත කැමති වනු ඇත. අපට රහසේම පැනයාගත හැකිවනු ඇත. යුද්ධය අවසානයේ පොදු සමාව හිමිවනු ඇත.

හදිසියේම ඇය මා වෙත තුවක්කුව මානනු දුටුවෙමි.

ඩෝං!

ලියා එව්වේ - සුදාරක (http://blog.sudaraka.com)

10 comments:

  1. හොඳ වැඩේ ඩියුටිය නොකර මනෝ ගහනවට...

    අනික මේ යුධමය තත්ත්වය යටතේ කියවෙන කතාවක් වුණාට ඇත්ත කතාව තිබුණේ කොළඹ නේද සුදා.

    මේකෙ මේ සීයට අහු නොවුන ටික මේ...

    මා ගැස්සී අවදි විය. ඇය මාගේ සයනයේ අනිත් කෙලවරේ නිදා සිටිනු පෙණුනි.

    ReplyDelete
  2. මල්ලී කතාව වචන සීයක් උනාට නම් වටිනාකම නම් සාගරයක් වගේ..!!
    අනික මම හරේගේ climax එකටත් කැමතියි.., ඒ කොටස දැක්කම විවෘත කතාව ආවෘත උනා වගේ දැනුණා..! :)

    ReplyDelete
  3. ""හොඳ වැඩේ ඩියුටිය නොකර මනෝ ගහනවට...""

    සිරා කතාව .... පේනව නේ රාජකාරි පැහැර හැරියාම වෙ දේ

    ReplyDelete
  4. නියමයි සුදා . . .. හරිම අපූරුයි

    ReplyDelete
  5. අගෙයි මචන්.. බොහොම අගෙයි.

    ReplyDelete
  6. මේක ගැන අනිත් අයට වඩා මට කියන්න දෙයක් නෑ.

    @ සුදාරක, නියමයි

    ReplyDelete
  7. මෙතන වචන සීයද තියෙන්නේ? කොල්ලෝ.. මේක පරම්පරාගානක කතාවක් බොල.. කොහොමද වචන සීයක කොටු කලේ? මරු!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...