“හිතෙනකොට එන්නයි
හිතෙනකොට යන්නයි
අම්බලමක් කියල හිතුවද මගේ හිත?”
“මගෙන්ද අහන්නෙ?”
“නෑ.. ඔය මගේ කවියක්, ඕකට නිමිත්ත වුනේ ඉතින්..”
“මොකටද?”
“ඔය සිතුවිල්ලට”
“ඔයා මාව පටලවනව”
“අපෝ එක එක දේවල් පටලගන්නෙ බලාගෙන..”
“ඉතින් ඔය සිතුවිල්ලට මූලික වුනේ මොකද්ද?”
“මගේ අතීත ප්‍රේමයක්”
“ඇයි එයාට ගෙයක් තිබුනෙ නැද්ද?”
“තිබුන. ඒ වුණාට එයාගෙ හිතට ගෙයක් තිබුනෙ නෑ.”
“ඉතින් එයාගෙ හිත කොහෙද හිටියෙ?”
“හැමතැනම.. කාලයක් මගේ හිතේ, ආයෙත් වෙන කෙනෙකුගෙ හිතේ.. ආපහු මගෙ හිතේ..”
“එකපාරක් දාල ගියහම ඇයි ආපහු වැද්ද ගත්තෙ.”
“ආදරේ කළා ගොඩාක් මං...”
“අමතක කරන්න තිබ්බෙ දාල ගියහම.”
“ඒක කවදාවත්ම කරන්න බැරි වුණා මට.”
“ඒ ඇයි..?”
“ඒ මුරණ්ඩු හිතට මං තාමත් ආදරේ හින්ද.”
ලියා එව්වේ - ධනංජි පෙරේරා
superb..!
ReplyDeleteකියන්න වචන නැ
ReplyDeleteලස්සනයි
This comment has been removed by the author.
ReplyDeleteනියමයි!
ReplyDeleteඅරිට වඩා හොඳ අළුත් හිතක් හම්බවුණොත්?
එහෙම වෙන වෙලාවල් තියනවා.. ඇත්තටම ලස්සනයි..!
ReplyDelete