සුපුරුදු බස් නැවතුමේ සිට අතරැදි ඔරලෝසුවට නෙත යැවුනේ කීවෙනි වරට දැයි මතක නැත. දැන් දින 3කින්ම ඇය නැත. කතාබහ කර නැතත් නමගම නොදැන ගත්තත් ඇගේ එක දසුනක් මාගේ දවසම නැවුම් ප්‍රබෝධයකින් පුරවා තබයි. දින තුනක්ම ඇය එන තෙක් බලා සිටි නිසා කාර්යාලයට ගියේද ප්‍රමාද විය.
ඊළඟ බසය පැමිණුනි. එයින් බැස ගත් පිරිසකි. සියල්ලෝම වාගේ ඇගේ වයසේ පසුවූ තරුණියන්ය.
"පොල්වත්ත පාර කොහෙද"
"ම්..."
"අර තියෙන්නේ දැන්වීමක්. කොඩි තියෙන දිගේ යමු"
"ක්ෂණිකව මගේ දෑස ද ඒ දෙසට යොමු විය"
මගේ දුටුසතුටු මල මට සිනා සෙමින් බිත්තියේ ඇලවී සිටියේ අද දින අවසන් ගමන් යන බව මට දන්වමිනි.
ඒ බසය ද මට මඟ ඇරුණි.
ලියා එව්වේ - වත් ( http://www.sodurusitha.blogspot.com/)
හප්පා.... :O
ReplyDeleteහම්...
ReplyDeleteසංවේදී සටහනක්
ReplyDeleteනන්නත්තාරයි... පව් සීන් එකක්නේ..
ReplyDeleteඅන්තිමට තමයි වැඩේ තේරුනේ... මරු!!!!!!!!
ReplyDeleteහ්හ්ම්ම්ම්..........
ReplyDeleteහිතට දැනෙන හරිම සංවේදී සටහනක්... සීය ඇතුලේ කථා ගොඩක් එකට ඇමිණිලා තියෙනවා කියලා තමයි මට දැනුනේ... සමහරවිට ඒ මට දැනුනු හැටි වෙන්න ඇති...
ReplyDelete~ හිපියා
sira!
ReplyDelete