අම්ම තාත්ත, අක්කල, මල්ලිල, යාළුවෝ... රස්සාව.. හැම දේකින්ම ගැලවිල අන්තිමේ මගෙනුත් ගැලවෙන්නයි මට ඕන කලේ...
මම කැලේට වැදුණ දවසක් එපාම වුණ වෙලාවක ආයෙ නොඑන්න හිතාගෙන...
ගල් ගුහාවක සීතලේ ගැහි ගැහී දවසක් හිටිය. තවත් දවසක් ගහක් යට වැස්සෙ තෙමෙමින් ගුලි වෙලා හිටිය. කූඩැල්ලො මදුරුවො එක්ක තවත් සත්තු ගොඩකට මම ලේ දන් දුන්න. ඵල වැල තියා වැලේ වැල්වත් නැති කැලේ කන්න දෙයක් හොයාගෙන තවත් දවස් දෙකක් ඇවිද්ද...
මට මාවම එපා වුණා. ඒත් මම අතහැරපු අනිත් දේවල් ඕන වුණා...
මම ආයෙත් ගමට ආව...
ගම කෙලවර පිට්ටනියෙන් ගමට මතුවෙද්දි මගේ යාළුවො ටික හිනා වෙවී ෆුට් බෝල් ගහනව මම දැක්ක.
(කේ.එස්.ගනේගොඩ මහතාගේ අදහසක් ඇසුරින් )
ලියා එව්වේ - h (http://living.hartstuff.com/)
හ්ම්ම්ම්.. හොදයි.
ReplyDeleteමොකෝ මේ එක්කෙනක්ගේ කතා විතරක්.. මගේ බවලත් විරෝධය..!!!!!!!
මේක මගේ කතාව වගේ නේ..
ReplyDelete:))
ජීවිතේ කියන්නේ වට රවුමක් වටේ යන වාහනයක් වගේ..!
ReplyDelete