හීනෙකින් සැබෑ ලෝකයට ඇද වැටෙනවට වඩා හීනයේම ජීවත් වෙන එක හරිම ලේසියි... හීනෙකදී ඒ වගේ දේවල් හිතෙන එකත් ටිකක් පුදුමයි, අඩුවෙන් කිවුවොත්... හීනෙකදී දාර්ශනික අදහස් පහළ වෙන්න පුළුවන්ද? මගෙන් අහන්න එපා මම දන්නේ නැහැ. තාම හීනේ ඉවර නැහැ...
හීනෙකදී සීතල දැනෙන්න පුළුවන්ද? සීතල කොයි තරම්ද කියනවා නම් ඇට මිදුළු වලටත් කාවැදිලා පිච්චෙනවා. ඔන්න මගේ ඉස්සරහම, සීතල ගැන වගක් නැතුව හිටගෙන ඉන්නවා, ඈ... "සීතලයි"... මම කිවුවා...
"හදවත ආදරයෙන් උණුසුම් නම් හීතල දැනෙන්නේ නැහැ"... ඈ කියනවා, හිනාවෙවී...
ඇගේ මූණ හීනෙකදිත් ඒ තරමටම ලස්සනට පේනවද... මට හිතුනා. ඈ තාමත් හිනාවෙනවා... ඈ හිනාවෙලා හිනාවෙලා මොනවද කිවුවා... ඒත් ඒ කියපු දේ අහගන්න කලින් මම මැරුණා...
ලියා එව්වේ - හිපියා ( http://hippiesjournal.blogspot.com/ )
cool
ReplyDeleteඑළ.... මැරුණෙ හීනෙන් නම්
ReplyDeleteහීනෙන්ම මැරුණ එක හොඳයි නේද මචෝ... මොකද ජීවත් වෙන්න ගත්තමනෙ තේරෙන්නේ ජීවිතේට වඩා හීන සුන්දර බව.... අඩු තරමෙ නිදහසේ මැරෙන්නවත් පුළුවන් :D
ReplyDeleteසමහර වෙලාවට සමහර මිනිස්සුන්ට හීන සහ යථාර්තය පැටලෙන්න ගන්නවා... ඒ අයට තමයි පිස්සන් කොටු තියෙන්නේ... මට තාම ආරාධනාවක් ලැබුනේ නැහැ... ඒත් අනාගතේදී නොලැබෙයි කියලා විශ්වාස කරන්නත් බැහැ... :D
ReplyDeleteහීනයේම මැරුණු එක නම් අපූරුයී...
ReplyDeleteයථාර්තයට මූණ දුන්නා නම් හීනෙටත් කලියෙන්ම මැරෙන්න තිබ්බා......
gathi
ReplyDeleteමරු..!
ReplyDeleteහීනෙන් මැරෙන එකනම් නියමයි. හීන නැත්නම් වැඩක් නෑ :-D
ReplyDelete