වසන්තයම නොවුනී.
හිරු පහන් කල දින සොදුරුවිය.
වෙනසක් තිබුනා නම් ඒ ඔබව මුණගැසීම පමණකි.
ඉන් එහාට හිස්ය.
කාලය ගෙවී ගියේ මදකුදු වෙනසක් නැතිවමය
පිටුවෙන් පිටුවට දළ රූප සටහන් තිබුනා මතකය.
එහෙත් ඒ මොනවාදැයි මතක නැත....
දිනය නිමා වීමට තවත් හෝරා කිහිපයකි..
සියල්ල සමාන්‍යය උවද හිත නම් එතනමය......
නුඹ සොදුරු දසුනකි…. පන්සලක් බෝධියක් තරම්ම නිසසලය…
හිත නිවන සුළුය.
ආසා කළෙමි නුඹ ලඟ රැදෙන්නට ,... දැවටෙන්නට
"මොකුත්ම කියන්න එපා තව ටිකක් ළං වෙන්න
මගේ උරහිසේ ඔලුව රදවගෙන ඇස් පියාගන්න"
හිත නැවතුනු තරමක්
හුස්ම එකින් එක පැටළුනු තරමක් ...
“ඇයි” අසන්නට ඉතිරි වුයේ එපමණක් පමණි...
පන්සලත් එක්ක ඇවිල්ල රහත් උණාද?
හැදින ගත්තෙමි “ප්‍රේමය”
ලියා එව්වේ - අහිංසකී (http://ahinsaki.blogspot.com/)
සමස්ත ප්‍රේමයම අඳුනගන්නෙ මේ විධියටනම් පරිස්සමින්... ඔය නිසල බව එපා වුණ දවසක ප්‍රේමය රොක් ඇන්ඩ් රෝල් කරගන්නත් එපායැ... ;-)
ReplyDeleteපූජණීයයි ආදරේ වගේ කතාවක් නේ.. හොදයි..!
ReplyDeleteයුගල ප්‍රේමයට පන්සල හොද තැනක් නෙමෙයි නේද? උරහිසක හිස තියගෙන ඉන්න පන්සලක ඉඩක් දෙයිද?
ReplyDeleteබලන අය නියාවි " හහ් මුන්ට තියෙන තෙලේ. පන්සලක ඇවිත්වත් හැසිරෙන්න දන්නෙ නැහැ නේ"
කියල වයසක උපාසක අම්මල බැන බැන යාවි..
හරියට තමන්ට තරුණ කාලයක් තිබ්බෙ නැහැ වගේ..
මම නම් පන්සල් යාම නතර කරා...
සුපිරි..!
ReplyDelete0wath---> සහෝ
ReplyDeleteපොඩි සිතුවිලි නිවැරදි කිරිමකට අවසරයි
"පන්සලත් එක්ක ඇවිල්ල රහත් උණාද?"
කිව්වට පන්සලක ඉන්නවා නෙවෙයි සහෝ