දෙයියනේ මගෙ පර්ස් එක නෑ.
දැන් මොකද කරන්නෙ.
මෙහෙම කරනවා. බස් එකට නගිනවා, කොන්දොස්තරට සිද්දිය කියනවා.
ඒත් අනිත් මිනිස්සුන්ටත් ඇහෙයි. ඒක ලැජ්ජාවක්.
නැහැ. මෙහෙම කරනවා. බස් එකට නගිනවා, කොන්දොස්තර සල්ලි ඉල්ලද්දි බෑග් එකේ පර්ස් එක හොයනවා, " මගෙ පර්ස් එක නෑ. අනේ මගෙ පර්ස් එක නැතිවෙලා. මං දැන් මොකද කරන්නෙ." එහෙම අසරණ විදියට කියනවා.
ඒක හරියයිද? නොයයිද?
කොහොමහරි ගෙදර යන්න ඕනි.
හෝල්ට් එකේ තව කට්ටිය ඉන්නවා. එක්කෙනෙක්ගෙන් සල්ලි ඉල්ලගන්නවා අසරණකම කියලා.
මට සල්ලි දෙයිද? නොදෙයිද?
ෂික්! රුපියල් පණහක්වත් බිම වැටිල නෑනෙ.
අහ්! බස් එක එනවා.
සෙනග අතරෙන් කොන්දොස්තරට නොපෙනෙන්න නැගල ටික්කො නොපනීවායි හිතාගෙන හොරට යනවා. වාඩිවෙන්න ලැබුණම මූණ හංගන් නිදාගන්නවා.
ලියා එව්වේ - මගේ ජීවිතය (http://apedupatha.blogspot.com/)
හම් දිල් දේ චුකේ සනම් එකේ වගේ තත්ත්වයක් තිබුණ නම් ලේසියෙන්ම ෂේප් වෙන්න තිබුණා...
ReplyDeleteඅනිත් අතට සල්ලි අරන් ටිකට් නොදෙන බස් එකකට නැග්ගනම් ලේසියෙන්ම වැඩේ ගොඩ.
කොන්දොස්තර සල්ලි ගන්න කියද්දි "ඈයි දුන්නෙ" කියල මූණ නොරොක් කරගෙන කිව්වනම් හරි...
ඒ උපදෙස් ටිකනම් හරිම ප්‍රයෝජනයි
ReplyDeleteඅපෝ.. හොර හිත!
ReplyDeleteඅපෝ.. හොර හිත!
ReplyDelete