Monday, September 13, 2010

ධූරාවලි


එයාට අක්ක කියල කියන්න එපා

කාන්තා කාකාසවරියකට අක්කායැයි ඇමතූ විට විජේසේන මහත්මිය මාගේ කණට කර කීවාය.

ඔයාල අළුත් නිසා මේව දැනගන්න ඕන. එයාලව කරට ගන්න එපා.

අළුත් රාජකාරියට හුරුවන්නට මාස ගණනක් ගතවීමට ඉඩ ති‍බේ. සියල්ලට වඩා මේ බල ධූරාවලිය වටහාගැනීම දුෂ්කරය.

කාර්යාලයේ වසරක් සේවය කර අත්දැකීම් ලැබ මම පසක් කලෙමි.

කණිෂ්ඨ තනතුරුලාභීන්ට මහතකු හෝ මහත්මියක වීමටද වරමක් නැත.

තම මවගේ අභාවයට සහභාගි වූ කාර්යාලයේ සැමට ස්තූති කර ඊයේ එක් කණිෂ්ඨ සේවිකාවක් දැන්වීම් පුවරුවේ දැන්වීමක් පල කර තිබුණි.

දැන්වීම අවසන,
ස්තූතියි
එම්. චන්ද්‍රතිලකා මිය’ 

යනුවෙන් ඇගේ නම සඳහන් විය. 

අද එහි වූ මියකොටස කවුරුන් විසින් හෝ කුරුටු ගා තිබුණි.

ලියා එව්වේ -  h (http://living.hartstuff.com/)

7 comments:

  1. සමහර වෙලාවට පහල මට්ටමේ අයගෙන් වැඩ ගන්න ගියාම කරදරයි ඔය ක්‍රමේ නැත්නම්

    ReplyDelete
  2. ඕකෙන් හරි ලස්සනට ප්‍රයෝජන ගන්න කොටසක් ඉන්නව. ඒ තමයි පුද්ගලික අංශය සහ පදික වෙලෙන්දෝ...

    "එන්න මිස්, එන්න මැඩම්, එන්න සර්"

    මොකෝ අතින් පයින් යනවද ඇගේ කැල්ලක් යනවද? සමහර නෝනල ඒ ඇමතුම නිසාම එතනින් දේවල් අරන් යනව....

    තමන්ගේ මේසේ ඉස්සරහ හිටගෙන ඉන්න අහිංසක ගැමියට ඉදගන්න සර් කියල කියන්න බැරි නම් අඩුගානේ ඔලුව උස්සල හිනහවෙන්න හරි ඕනි...

    කණිෂ්්‍ය සේවකයෝ කියන්නේ අමුතුම ජාතියක් .. ඒක සැබෑව. ඒත් ඒත් මිනිස්සු.....

    අර්ථවත් වචන 100 ක්....

    ReplyDelete
  3. මේක තමයි අපේ රටවල තියෙන වැරැද්ද. මෙහෙ (USA)නම් අතුගාන කෙනාට උනත් කියන්නෙ සර් කියල. කාගෙවත් බොරු අහංකාරකමක් නැහැ...

    ReplyDelete
  4. ප්‍රධානියා ප්‍රධානියෙකු වීමට අවශ්‍ය පරතරය බාධක වලින් නිර්මාණය කිරීමක් තමයි තියෙන්නෙ. සාමාන්‍ය කෙනෙක්ට ලොකු ලොක්කො හම්බවෙන්න ආයතනයකට යනකොට කොයිතරම් බාධක තරණය කරන්න වෙනවද.

    ReplyDelete
  5. අනේ මන්දා‍ ඔය වගේ සංවේදි කාරනා අපිට දැනුනට සමහර අය ඉන්නවා ඒක එයාලගේ රස්සාව ඒ නිසා අපි ඒ අයව වැඩිය මායිම් කරන්න හොද නෑ කියලා හිතන.. ඒත් මට හිතෙන හැටියට නම් එයාලා වගේ පහත්ම පෙලේ යැයි සැලකෙන අය හින්දා තමයි ආයතනයක් පහසුවෙන් ගෙනියන්න ලේසි‍වෙන්නේ.. එහෙම නැත්තං වැඩ කරන්න ආස වෙන්නේ... උදා හැටියට අපේ ඔෆිස් එකේ වොශ් රූම් ‍එක හොදන්නේ අපි නෙවෙයිනේ..ඒ අයව ගණන් නොගන්න අය වැඩි උනාට එක වරුවක් සෝදන්නේ නැතුව මඩ වෙලා තියන වොශ් රූම් එකකට යන්න අනිත් කවුරුවත් කැමති නෑ.. ඒ අතින් බලන‍කොට සුළු සේවකයෝ කියන්නේ වැදගත්ම අංශයක්!

    ReplyDelete
  6. මලී කියන කතාව නම් සහතික ඇත්ත..

    ReplyDelete
  7. මේක ටිකක් සංකීර්ණයි ලංකාවෙ සංස්කෘතිය එක්ක. හොඳින් හිටියොත් කරේ නගින්න එන එක ඇත්ත කතාවක්. එහෙම වෙලා තියෙන්නෙත් තමන්ට හිමි ගෞරවය නොලැබීම නිසා කණ්ෂ්ඨයෙක්ට දැණෙන හැඟීම නිසා වෙන්න පුළුවන්.

    නමුත් හොඳින් කතා කරල බොහොමයක් ප්‍රශ්ණ විසඳගන්න පුළුවන්. එතකොට අදාල අයත් ඉබේම හැදෙනවා.

    මුන්නා භායි MBBS බලපු අයට මතක ඇති මුන්නා අර කැම්පස් එක අතුගාන මනුස්සයව වැලඳගන්න මොහොත. කෙනෙක්ට හිමි ගෞරවය ලබාදීමෙන් ඔහුගෙන් අපට අපේ ගෞරවය දිනාගන්න පුළුවන්...

    මේව ලංකාවට හරි නොයන එකයි අවුල...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...