කාලයක් තිස්සෙ නොලියපු බ්ලොග් එක ආයෙත් ලියන්න උවමනාවක් සෑහෙන්න ඈතක ඉඳන් ළඟටම ඇවිත්.
බ්ලොගර් වලින් වර්ඩ්ප්‍රෙස් වලට import කලාම දාල තිබුණ සටහන් සේරම uncategorized කියන ප්‍රවර්ගයට එකතු වෙලා තිබුණ.
මනෝ තෘප්තියටත් එක්ක මම category cloud කියන විජට්ටුවත් දැම්ම.
මුලින්ම ඒකෙ uncategorized කියල විතරක් ලොකුවටම තිබුණ.
එක එක සටහන නැවත කියවන ගමන් එක එක ප්‍රවර්ග වලට වෙන් කලා.
එතකොට වෙනත් ප්‍රවර්ග එකතු වෙලා uncategorized කියල ලොකුවට පෙන්නපු ප්‍රවර්ගය පුංචිම වුණා ටිකෙන් ටික.
................
මමත් මටවත් අයිති නැති මනුස්සයෙක් වෙලා හිටිය ජීවිතේ එක කාලයක්!
දැන් මම එක එක වෙලාවට එක එක අයට ඕන විධියට.
මගේය කියන ලෝකය දැන් ටික ටික පුංචි වීගෙන යනවා...
ලියා එව්වේ - h (http://living.hartstuff.com/)
"මගේය කියන ලෝකය දැන් ටික ටික පුංචි වීගෙන යනවා.."
ReplyDeleteඕකට නම් පුතෝ සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ අපේ %&#%&@ නඟා ද මන්දා..
හික් හික්..
:D
සම්පූර්ණයෙන්ම නෙමෙයි. එයත් ටිකක් වගකියන්න ඕන. ඇයි හරේෂ් අයියගේ ගෙදර උදවිය. අපි, අනිත් යාලුවෝ. . . ඔක්කොම!
ReplyDeleteමරු කතාව!
මටත් බ්ලොග් එකක් ලියන්න කියල ඩෙනවඩ මත් කමති විඩ්ය ප්‍රබන්ඩයක් ලියන්න බ්ලොග් එකක් විඩියට
ReplyDelete:)
මේක තේරුම්ගන්න ඕන කරන තාක්ෂණික අවබෝධය ගැන කියන්න ඕන. කට්ටිය දැකල ඇති බ්ලොග් වල තියෙන tag cloud, category cloud කියන විජට්. ඒවයෙ එක අයිතමයක් ප්‍රමාණයෙන් කියවෙන්නෙ ඒ අයිතමය යටතේ තියෙන ලිපි ප්‍රමාණය ගැනයි. උදාහරණෙකට මම මගේ බ්ලොගේ ලිපි 50කින් 45ක් "ඕප දූප" කියන ටැග් එක යටතේ දාල තියෙනව නම් ටැග් ක්ලවුඩ් එකේ ඒක ලොකුවටයි පෙන්නන්නේ. ඒ වගේම අදාල අනුපාත අනුව එක එක සයිස් වලට තමයි ටැග් පෙන්නන්නේ...
ReplyDeleteමම, කතාව පොස්ට් කල වෙලාවෙ ඉදලම මේ ඉසව්වට එන වතාවකට මේක දෙතුන් වතාවක් කියෙව්වා
ReplyDeleteඑත් ඔලුවට ආවේම නෑ.. පස්සෙ තමා මම මේකේ ඇතුල් කතාව හිමින් සැරේ ගලපගත්තේ...
හුගාක් ලස්සනයී මේ වචන ටික නම් මම නම් පට්ට ආසයි
"මමත් මටවත් අයිති නැති මනුස්සයෙක් වෙලා හිටිය ජීවිතේ එක කාලයක්!
දැන් මම එක එක වෙලාවට එක එක අයට ඕන විධියට.
මගේය කියන ලෝකය දැන් ටික ටික පුංචි වීගෙන යනවා..."
මං හිතන්නේ නෑ කාටවත් අනිත් අයගේ ලෝක ලොකු කරන්නවත් පුංචි කරන්නවත් පුළුවන් කියලා කවුරු කොහොම උනත් තමන්ගේ ලොකේ කොයි තරම් කොයි දේ වෙනුවෙන් වෙන් කරනවද කියන එක තීරණය කිරීම තම තමන්ට බාරයි.. ඒකට නගාලා පලි නෑ මං හිතන්නේ.. තමන්නේ ලෝකෙට ඉඩ මදි නම් තනිව ජිවත් වෙන්න පුළුවන්.. එත් අපි මිනිස්සු ගෝත්‍රිකයි.. සමාජීයයි.. ඉතිං පවතින තැන් අස්සේ තමන් තුල කූඩු වෙලා හිර වෙනවට වඩා හොදයි තමන්ගේ කූඩුවේ දොර ඇරලා තියන එක.. යතුර තමන් අතේ තියන්.. කැමති වෙලාවක එළියට යන්න.. කැමති වෙලාවක තනි වෙන්න..
ReplyDeleteකම්පියුටර් ක්‍රම හැමවෙලේම ජිවිත වලට ආදේශ කරන්න බෑ යාළුවනේ...!
අම්මෝ මලීට බ්ලොග් විතරක් නෙවෙයි කමෙන්ට් කරන්නත් පුළුවන්නේ.... අර කිව්ව වගේ අපේ වටපිටාවෙන් මිදිල අපට ඉන්න තියෙන අපහසුවත් එක්කම අපි අපේ ජීවිතය අනිත් අයට අවශ්‍ය විධියට වෙනස් වෙන එක ගෝත්‍රික සාමාජිකයෙක්ට අනිවාර්යයක්. ඒ ගැන බොහෝ විට අපි සවිඥ්ඥානික නෑ. නමුත් අපේ ඉතිහාසය අපට මතක නම් අපට තේරෙනවා ඉස්සර අපි කොයි තරම් නිදහස්ද කියල... ඒ කියන්නෙ හැමෝටම ඒ වගේ... මොකද දවසක් ජීවත් වෙනව කියන්නෙ තවත් බැඳීම් ටිකක් හැදීම නිසා...
ReplyDeleteඅනිත් අතට ඔය නිදහස වගේ හිතට කූල් හැඳීමක් දෙන වචන පවා ජීවිතේ බැලන්ස් එකට හැදුණ ඒව මිස අපි ඒවයෙ හැබෑ අර්ථ ගැන දන්නෙ නෑ. නැත්තං මම හිතන නිදහස අනිත් එකාට අවුලක් වෙන්න බෑනේ.. නිදහස් වුණා කියල කිව්වට ඈත්තටම මිනිහෙක්ට ලබන්න පුළුවන් වෙන්නෙ සාපේක්ෂ නිදහසක් විතරයි... සැබෑ නිදහස කියල අපිට තියෙන්නෙ මනසින් විතරක් තේරුම් ගන්න හෝ නොගන්න, කවදාවත් ළ්‍රඟා වීමක් ගැන හිතන්න බැරි අදහසක්...
අනිත් එක භාෂාව කියන්නෙ ඈත්තට දැණෙන දේවල් තේරුම්ගන්න මාධ්‍යය මිස ඈත්තම දේ නොවෙන්න පුළුවන්නේ....