Wednesday, September 8, 2010

ඈ මගේ දෑසින්

මගේ ඉදිරියේ ඇගේ පින්තූරයක්!

පැන්සල් තුඩ කඩදාසියේ එහෙ මෙහෙ යවමින් මම ඈව කඩදාසිය මතට ගන්න උත්සාහ කලා.

“අපෝ ඒක කැතයි”

ඇය ගත් කටටම කියාවි.... මගේ හිත කිව්වා.

කඩදාසිය පොඩි කරල විසි කලා. එතන පුංචි කඩදාසි ගුලි කන්දක්!

ඒත් මක්වෙනවද? හිත ආයෙත් කිව්වා.

“උඹ ඇඳපන් උඹට පෙනෙන ඈව. ඈට ඈ එහෙම නොපෙනුනට උඹ මොනව කරන්නද? ඉතිං ඇඳපන්”

පැන්සල ආයෙත් දුවන්න ගත්තා.

මට පේන ඈ කඩදාසියේ සිනාසුනා.

මගේ හිතේ සතුටක්!

මම දන්නව මේ ඔයා නෙවෙයි කියලා. සමහර විට මට තාම ඔයාව ඔයා විධියට පේන්නෙ නැතිව ඇති. කවද හරි දවසක මම ඔයාව ඔයා විධියට අඳින්නම්. අඩු තරමෙ උත්සාහයක් දරන්නම්.

මම කොලේ යටින් ලිව්වා.

ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

7 comments:

  1. මේක මේ ඇනිවසරි විශ් එක වෙන්න ඇති නෙව?

    අපිට හරියටම කෙනෙක්ව දකින්න බැරි උනත්
    උත්සාහයක් දරන එකත් ලොකුම දෙයක්...
    ඒ අස්සේ අපිට පේන එයාවත් ඉන්න ඕනේ...

    ReplyDelete
  2. ගැඹුරුයී
    සංකීර්ණයී
    එ වගෙම ලස්සනයි

    ReplyDelete
  3. අපිට පේන කෙනාව දකින එක ලොකු දෙයක්.. අපිට ඕනි කෙනාව දකින්න හදන්නේ නැතුව...

    ReplyDelete
  4. ගොඩක් විට ආදරේදි අපි හොයන්නෙ අපිට ඕන කෙනාව. ඒත් ඈත්තටම ආදරේ තියෙන්නෙ අපිට පේන කෙනා අපට ඕන කෙනා වුනොත් තමයි නේ...

    ReplyDelete
  5. ලස්සනයි... සතුටුයි.. ස්තූතියි..! ;-)

    ReplyDelete
  6. හොද උත්සහයක්... ඇය කියාවි.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...