Monday, September 6, 2010

දේදුන්න

ඈත අහසෙ දේදුන්නක් පායල.
මල් වැහි පොද එක දෙකකුත් එක්ක.
අපෙ සුපුරුදු ලොවි ගහ යට බන්කුවෙ මම වාඩි උනේ හිතේ හුස්මක් හිර කර ගෙන.
මම ගහට ඔළුව බර කලා.
වෙනදට නම් ඔලුව තියන්න ඔයාගෙ උරහිස තිබ්බා.
ඔයාට වාරු වෙල ඉන්න වෙලවේ ඔයාගෙ ඇඟිලි තුඩු වලින් මගෙ ඔලුව පිරි මදින කොට මට දැනුනෙ නිරාමිස සුවයක්.
එත් අද ඔයා නෑ මන් ගාව.
ඔයා හිටියනම් ඔයාට පෙන්නන්න තිබුනා දේදුන්නෙ ලස්සන.
දවසක් ඔයා කිව්වා ඔයා තරම් දේදුන්න ලස්සන නෑ බබෝ කියල.
මගේ හිත් අහසෙ පාට පාට රටා මවල හදිසියේම අතුරුදහන් වෙලා ඔයා ගියෙ ඇයි කියල තාමත් මන් හිතනව.
හරියට අර අහසේ පායපු දේදුන්න වගෙ.

ලියා එව්වේ - උපේක්ෂා (http://gurupara.wordpress.com/)

8 comments:

  1. ඉස්කෝලෙ නොගිහිං ලව් කරන්න ගියාම වෙන්නෙ ඕකයි. අඩු තරමෙ හය වසරටවත් යනකල් ඉගෙනගෙන තිබුණ නම් උඹට තේරුම් යන්න තිබුණ දේදුන්න වැඩි වෙලාවක් පායල තියෙන්නෙ නෑ කියල.

    හොඳ වෙලාවට මම ගල් ගැනයි මල් ගැනයි කතා කරන්නේ...

    ReplyDelete
  2. හුටා මේක ලිව්වෙ පොරක් නොවෙයිද? විනාසයි!

    ReplyDelete
  3. ගණන් ගන්න එපා බුවා... මම නෙමෙයි උපේක්ෂායි ලිව්වෙ.. ලස්සන පෝස්ට් එකක් පැහැදිලි වෙනසක්...

    ReplyDelete
  4. මටත් පොරක් වගේ හිතුනා මුලින්ම.
    මොනවා උනත් මේ වැඩේ නම් මල් හතයි

    ReplyDelete
  5. නියමයි. තවත් ලියන්න.

    ReplyDelete
  6. දුක මෙහෙමවත් හිර කරලා තියන්න උත්සහ කරන එක හොදයි..
    ලියලා තියන දේ ලස්සනයි.

    ReplyDelete
  7. දුක මෙහෙමවත් හිර කරලා තියන්න උත්සහ කරන එක හොදයි..
    ලියලා තියන දේ ලස්සනයි.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...