Thursday, September 9, 2010

"සියක්" ආයු ලැබ.

නිදිගැනුමට මා දොර වසාගත් වනම දොර ලඟට වන් ඈ මතුරන්නට වන්නාය.
"සංසාර සරෝග විනීත නීසං"
ගෙන් පටන්ගෙන තවද දහසකුත් ඈ මුමුනනවා ඇත. මෙය කන වැකුනේ තාත්තා නැන්දා සමග පවසද්දීය.
තවමත් උදෑසන තේ කෝප්පය ඇඳ ලඟට ගෙනත් දෙන ඈ ගෙන ඒමට පෙර එය වතුර භාජනයක තබා නිවයි. ඒ මා උණු කිරට නොකමැති බැවිනි.
කෙදිනකවත් ඈ ඇස නොගැටී මා නිවසින් පිටව නොමැත.
"බිව්වට කමක් නෑ. ගඟේ මූදේ නාන්නෙපා"
ඈ අපල විශ්වාස කලාය. ඈ මට ඇති ආදරයට දේවාල කපුවන් පොහොසත් කලාය.
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වන්නට නොපතමි. ඒ දරු දුක ඔබට දුකක් නොවන නිසාවෙනි.

ආදරෙයි අම්මේ!

ලියා එව්වේ - මුචලින්ද (http://muchalindha.blogspot.com/)

12 comments:

  1. අම්ම ගැනත් අම්මගෙ ආදරේ ගැනත් දුක් වෙන්න කිසිම දෙයක් නෑ නේද මුචා...

    අම්මට තමන් නැති වෙනවා දරුවො නිසා. ඒක ඒ විධියට විඳගන්න එක එයාලට තමා තමන්ට ඉන්නවට වඩා වටිනවා...

    ඈත්තම කිව්වොත් තාත්තා කියලත් ඒකෙ වෙනසක් නෑ...

    ReplyDelete
  2. නෝ කමන්ට්ස්...
    අම්මා = ආදරේ...

    ReplyDelete
  3. මෙහෙම කියලා නාන්නේ නැති එක ට නිර්වචන දෙන්න හදන්න එපා.

    පට්ට ලියමන මුචො

    ReplyDelete
  4. @Rangi akka: හිහී. . . අයියෝ එහෙම එකක් නෙමෙයි අක්කේ! ඒක තමයි ඇත්තම හේතුව.

    @Set එකට: තැන්කියු වේවා!

    ReplyDelete
  5. "කෙදිනකවත් ඈ ඇස නොගැටී මා නිවසින් පිටව නොමැත"

    මේකනම් ඇත්ත නොබලා මිසක් යන්නත් බෑ වගේ

    ReplyDelete
  6. "අම්මා" කියන්නෙ ඇයට තමයි...

    "අම්මට තමන් නැති වෙනවා දරුවො නිසා. ඒක ඒ විධියට විඳගන්න එක එයාලට තමා තමන්ට ඉන්නවට වඩා වටිනවා..."
    h කීව මේ කතාවනම් ඇත්තම ඇත්ත. අම්මල දරුවො නිසා තමන්ට තමන් නැතිකරගන්නෙ කැමැත්තෙන්මයි. මවක් වෙන හැම ගැහැණියක්ම වගේ මේ තත්වෙට පත්වෙනවා.

    ReplyDelete
  7. මං ම‍ගේ අම්මට වගේම මුචාගේ අම්මටත් ආදරෙයි.. ඒ වගේම අපේ අනිත් උන්ගේ අම්මලටත් ආදරෙයි.. ‍අපේ නොවන උන්ගේ අම්මලටත් ආදරෙයි.. හේතුව ඒ "අම්මා"ලම වෙන නිසයි.. මං දන්නවා අම්මා කෙනෙකුගේ ආදරේ කොයි තරම්ද කියලා.. වෙලාවකට කොයි තරම් වදයක් උනත්.. ඒ ආදරේ නැති කරගන්න අපි කාටවත් හිතෙනවද?

    ReplyDelete
  8. ආදරයේ උල්පතවු අම්මා...

    ReplyDelete
  9. මේ කතාව කියෙව්වෙ, ටික දවසකට කලින් උනත් කමෙන්ටුවක් දැම්මේ නෑ. කීප විටක්ම කියෙව්වා, ඒත් ඒ හැම වෙලාවේම මට ලියන්න මුකුත් හිතට අදහසක් ආවේ නැහැ.

    හරිම සංවේදියි. හිතට හොඳටෝම දැණුනු කතාවක් මුචා. උඹ දන්නවා ඇති මම එහෙම කියන්නේ මොකද කියලාත්.
    මේක බලන හැම පාරම හිත රිදෙන නිසා ඔන්න මෙදා පාර කතාව නැවත් නොකියවා, කමෙන්ටුත් නොකියවාම ඇවිත් මේ ටික කොටලා ගියා.

    ReplyDelete
  10. පිස්සු ආහ්!!!

    මේක නැන්දට පෙන්නන්න එපා......

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...