Tuesday, September 28, 2010

හීනෙකට නමක් දෙන්න බැහැ!

හීනෙකින් සැබෑ ලෝකයට ඇද වැටෙනවට වඩා හීනයේම ජීවත් වෙන එක හරිම ලේසියි... හීනෙකදී ඒ වගේ දේවල් හිතෙන එකත් ටිකක් පුදුමයි, අඩුවෙන් කිවුවොත්... හීනෙකදී දාර්ශනික අදහස් පහළ වෙන්න පුළුවන්ද? මගෙන් අහන්න එපා මම දන්නේ නැහැ. තාම හීනේ ඉවර නැහැ...

හීනෙකදී සීතල දැනෙන්න පුළුවන්ද? සීතල කොයි තරම්ද කියනවා නම් ඇට මිදුළු වලටත් කාවැදිලා පිච්චෙනවා. ඔන්න මගේ ඉස්සරහම, සීතල ගැන වගක් නැතුව හිටගෙන ඉන්නවා, ඈ... "සීතලයි"... මම කිවුවා...

"හදවත ආදරයෙන් උණුසුම් නම් හීතල දැනෙන්නේ නැහැ"... ඈ කියනවා, හිනාවෙවී...

ඇගේ මූණ හීනෙකදිත් ඒ තරමටම ලස්සනට පේනවද... මට හිතුනා. ඈ තාමත් හිනාවෙනවා... ඈ හිනාවෙලා හිනාවෙලා මොනවද කිවුවා... ඒත් ඒ කියපු දේ අහගන්න කලින් මම මැරුණා...

ලියා එව්වේ - හිපියා  ( http://hippiesjournal.blogspot.com/ )

8 comments:

  1. එළ.... මැරු‍ණෙ හීනෙන් නම්

    ReplyDelete
  2. හීනෙන්ම මැරුණ එක හොඳයි නේද මචෝ... මොකද ජීවත් වෙන්න ගත්තමනෙ තේරෙන්නේ ජීවිතේට වඩා හීන සුන්දර බව.... අඩු තරමෙ නිදහසේ මැරෙන්නවත් පුළුවන් :D

    ReplyDelete
  3. සමහර වෙලාවට සමහර මිනිස්සුන්ට හීන සහ යථාර්තය පැටලෙන්න ගන්නවා... ඒ අයට තමයි පිස්සන් කොටු තියෙන්නේ... මට තාම ආරාධනාවක් ලැබුනේ නැහැ... ඒත් අනාගතේදී නොලැබෙයි කියලා විශ්වාස කරන්නත් බැහැ... :D

    ReplyDelete
  4. හීනයේම මැරුණු එක නම් අපූරුයී...
    යථාර්තයට මූණ දුන්නා නම් හීනෙටත් කලියෙන්ම මැරෙන්න තිබ්බා......

    ReplyDelete
  5. හීනෙන් මැරෙන එකනම් නියමයි. හීන නැත්නම් වැඩක් නෑ :-D

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...