Friday, September 24, 2010

ආදරේට කෝටු කෑලි..

මට මුලින්ම ආදරේ දැණුනෙ ඒ ගෑණු ළමයට තිබුණ සුන්දර මුහුණ නිසා... ඒ ඇස් දෙක ම‍ගේ ඇස්වල ගැටුණ හැම මොහොතකම මගේ ඇඟ පුරා සියුම් විදුලියක් දිව්වා.
ඊලඟට මට දැණුනෙ වෙනත් ගෑණු ළමයෙක්ට තිබුණ දිගත් නැති කොටත් නැති කේෂ කල්‍යාණයක දැවටීමේ ආසාවක්.
දිනපතා උදේ බස් එකේ පැයකට හමුවුණ තව කෙනෙක් එක්ක යහන්ගත වෙන්න තදින් උවමනාවක් තිබුණත් ඒක ආදරේ තිරයෙන් වැහිල තිබුණ.
අධ්‍යාපනික මට්ටමෙන් හමුවුණ ආදරයක් තුල දැණුමත් ඒ එක්කම ආපු තරගයත් නොඅඩුව තිබුණා.
දුරකථන ප්‍රේමය අසාර්ථක නොවුණත් ඒක ලිංගිකව දැණුනෙ නෑ.
ඔහොම ගියා මම...
දැන් ඉතිං ආදරේ ඔය හැම දෙයක්ම...
ඇත්තටම ඒක වචනයක්...
ඒක වචනෙකින් කියවෙන ජීවිතේදි හමුවෙන බොහෝ දේ අඩංගු සම්බන්ධයක්...


ලියා එව්වේ -  h (http://living.hartstuff.com/)

5 comments:

  1. මේක නම් ටිකක් තේරුනා මදි..
    ගොඩක් දේවල් වලට පස්සේ වර්තමානය ගැන නම් කියන්නේ.. ඒක සතුටක්..
    ඊට වෙනස් දෙයක් නම් පොඩි අවුලක්...

    ReplyDelete
  2. @malee_msg

    "දැන් ඉතිං ආදරේ ඔය හැම දෙයක්ම...
    ඇත්තටම ඒක වචනයක්...
    ඒක වචනෙකින් කියවෙන ජීවිතේදි හමුවෙන බොහෝ දේ අඩංගු සම්බන්ධයක්.."

    වර්ථමානය ගැන තමයි මේ කියන්නේ, ඒ මිනිහව කන්න හදන්න එපා..
    හික් හික්
    :D

    @h
    සිරා පෝස්ට් එක..!!

    ReplyDelete
  3. මේ කියන්නේ H කියන බුවා විසින් අත්විඳි දෙයක් නෙමෙයි හුදෙක් නිර්මාණකරුවෙකුට සංවේදී වෙක සංසිද්ධියක් වෙන්නත් පුළුවන්.. ගැහැණියෙක් හමුවුනා කියලා සංවේදනය වන සෙක්ස් කියන එක අදාල ගැහැණියට විතරක් සීමා වෙනවා කියලා කියනවානම් ඒක බොරු කතාවක්.. ඒක ආදරය කියලා අරථකතනය කරන්නේ කොහොමද කියන එක නම් ප්‍රශ්නයක්.. ආදරය අරථකතනය කොහොමත් ලංකාවේ ටිකක් වෙනස්..

    ReplyDelete
  4. මේක ඇත්තටම මගේ පුද්ගලික සහ වෙනත් මිතුරන්ගෙ අත්දැකීම් ඇසුරින් ලියවුන එකක්. අර කියනව වගේ ආදරේ තුල සිද්ධ වෙන ගනුදෙනුව ඇතුලෙ අපට විවිධ සම්බන්ධතා ගොඩක් තියෙනව. ඒ දේවල් ප්‍රමාණය අනුව තමයි ඒ සම්බන්ධයේ ස්ථාවර බව රැ‍ඳෙන්නේ... මොනව වුණත් ආදරේ කියන එක ගැන මගේ තියෙන රුදුරුම අදහස වෙන පෝස්ට් එකකින් ලියන්න හිතාගෙන ඉන්නවා...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...