Thursday, September 23, 2010

අනේ අපිටත් කොම්පියුටරයක්..

ලොක්කට වෙනසක් කරන්න හිතිල එක එක්කෙනාව කැ‍ඳවනව පුද්ගලික සම්මුඛ සාකච්ඡා වලට.
සෙක්ෂන් එකේ සෙට් එකම තම තමන්ගෙ වාරෙදි අළුත් කොම්පියුටරයක් ඉල්ලලා. දැන් මගේ වාරය.
“අනුෂ්ක අයියත් අළුත් කොම්පියුටරයක් ඕනෙ කියල කියන්න ඕන හරිනේ...?”
නංගි කෙනෙක්ගෙ ඉල්ලීමක්.
මට ගෙදර ඉන්ටර්නෙට් තියෙනව වුණාට මුන් සේරම මේල් චෙක් කිරීම්, බුකියෙ රේස් දැමීම් සහ අනිත් සියළු දේ කරන්නෙ සෙක්ෂන් යන්තරේ වෙනුවෙන් මරාගෙන. ඇත්තටම දවසකට ලියුම් 5-6ක් ටයිප් කරනව ඇරුණම ඒකෙන් වෙන වැඩෙත් එච්චරයි. ටෙන්ඩර් ගුලි ගිලල ගත්තු ලියුම් ගහන යන්තර නිසා ඉන්ටර්නෙට් වැඩේට ප්‍රමාණවත් මදි.
..................
මම ලොක්ක ඉදිරියෙ ඉඳගත්තා. ලොක්ක ප්‍රශ්ණ අහල ඉවර වුණාම දාගත්ත හිනාවක්.
“සර් අපටත් අළුත් කොම්පියුටරයක් තියෙනවනම් හොඳයි”
 ලියා එව්වේ -  h (http://living.hartstuff.com/)

3 comments:

  1. ඔව් වෙලාවකට පෞද්ගලික යහපතට වඩා පොදු යහපතට වැඩ කරන එක හොදයි.. එක්තරා විදියකට ඒක හැමෝමත් එක්කම ශේප් එකේ ඉන්න කරන මරිසියක්..! ඒ කොහොම උනත් ඉතිං ආයතන වල නෙට් තියන එක කාර්යකෂමතාවට හොදයි ඒත‍් ඉතිං ඒ වැඩ වලට නැතුව කට්ටිය මේල් ෆෝවර්ඩ් කරන්නයි ෆේස් ‍බුක් යන්නයි නම් කම්පියුටර් ඉල්ලන්නේ මං හිතන්නේ දෙනවට වඩා නොදී ඉන්න එක හොදයි..
    වැඩ කරන තැන් වල කතා සෙට් එකක්ම තියනවා වගේ ‍ඔයාට නම්..

    ReplyDelete
  2. වැඩ කරන තැන කතා ඕන තරම්... දන්නවනේ ඕපදූප විමානෙ කියල...

    කොහොමත් අපට කොම්පියුටරයක් හම්බ වෙන එකක් නෑ... අනිත් එක අර කිව්ව වගේ අපේ කට්ටිය ඕක ඉල්ලන්නේ දැනට තියෙන යන්තරේ යූස්බී පෝට් අවුල් නිසයි. වයර්ලස් ​ඩොංගලේ ගැහුවට ගන්නෙ නෑ...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...