Tuesday, September 21, 2010

ආත්මයක වියෝ ගීය..

“වෙඩින් කාර් එක යනවා”.....
ජිල් බෝල වගේ ඇස් දෙකෙන් කඳුළු බින්ඳු කඩන් වැටුනා..
පාරට වෙලා මෙච්චර බලන් හිටියේ මම ඔය කෙහෙල්මල් කාර් එක එනකන් තමා..
දැං ඉතින් ආපු වාහන ඔක්කොම ආයෙමත් යනකන් බලන් ඉන්න ඕනේනෙ...
"ඔයා අඩනවද?"
"නෑ මට දුකයි"
මගෙන්ම අහල මටම උත්තරත් දී ගත්තා..
වාහන ටික පල්ලෙහා පාරෙන් ඇදිලා ගියේ හුගාක් දවල්…..
එතකන් උන්නු මම හිමි හිමින් හිතට හයිය අරන්
මඟුල් ගේ පැත්තට ගියා.. මට මතක් උනේ "අම්මා"
උදේ ඉදන් හිතේ තද කරගේන හිටපු දුක දෙදරලා ගියේ ආත්තම්මා හැමොම පෙරළගෙන දුවාවිත් මාව බදාගෙන අඩන්න ගත්තාමයි.
මඟුල් ගේම මළ ගෙයක් වගේ වෙලා.
"පුතේ"
මගේ සුබ පැතුම් “අප්පච්චී ඔයාලට”

ලියා එව්වේ - අහිංසකී (http://ahinsaki.blogspot.com/)

15 comments:

  1. ඊයේ දිනයේ මදක් කාර්ය බහුල වුන නිසා ඊයේ දිනයේ දැමීමට තිබුන මෙම සටහන අද දිනයේ එකතු කරන ලදී.. ඒ පිළිඹඳ අපහසුතාවයක් වූයේ නම් අහිංසකී මහත්මියගෙන් සහ පාඨකයින්ගෙන් සමාව භජනය කරමි.

    ReplyDelete
  2. ඇත්තම කිව්වොත් මට නම් මේක ටිකක් තේරෙන්නෙ නෑ... අපේ පොර කමෙන්ට් කරල තියෙන්නෙත් පෝස්ට් එකේ අන්තර්ගතය සම්බන්ධයෙන් නොවෙන
    නිසා උගෙන් උදව්වක් ගන්නත් බෑ වගේ.

    @ සබා - උඹ ඔය පට්ට කෑල්ල මැෂින් එක ඔන් කරපු ගමන් මෙමරියට කොපි කරලා බ්ලොග් සේරම ඕපන් කරල කමෙන්ට් වල පේස්ට් කරනව නේද?

    ReplyDelete
  3. නෑ, බොල...
    මම පට්ට කියලා කියන්නේ ඒක ඉහළම ගණයේ, හිතට ඩෝං ගාලා වැදුනොත් විතරයි. නැත්නම් වෙන මොකක් හරි වචනයක් කොටනවා.
    :D

    මේ කතාව පොඩි කෙල්ලෙක් බලාන ඉන්නවා දෙවෙනි වතාවටත් එයාගේ තාත්තා විවාහ වෙනවා. එතනදි එයාට එයාගේ අම්මාව මතක් වෙනවා, අත්තම්මා තමයි දැන් මේ ළමයාගේ දුක බෙදා ගන්න ඉන්නේ. ඔහොම සීන් එකක්...

    මම හරිද???
    :)

    ReplyDelete
  4. තේරුණේ දැන් තමයි... ඒ අර්ථකථනෙ ගැලපෙනවා... හොඳ වෙලාවට මම තේරෙන්නෙ නැති බව කිව්වේ... තේ‍රුණා වගේ පොර ටෝක් දෙන්න ගියා නම් විනාසයි... එක අතකට සබාගෙ කමෙන්ට්ං ක්‍රමවේදයත් හොඳයි.... කොහොමත් එතකොට පට්ටයි නේ.... තැංකූ සබා අක්කේ...

    ReplyDelete
  5. මම කවද්ද h අක්කා වුණේ?? මිනිස්සුන්ට වැරදි අර්ථකතන සපයන්න එපා..
    :P

    ReplyDelete
  6. උඹට මට වඩා තේරෙන්නෙ උඹ මගෙ අක්කා නිසානේ... වැඩිහිටියන්ට ගරු කරන්න කියල දෙකේ පන්තියෙදි දාං පාසලේ ලොකු සාදු තමයි කිව්වේ... අපි ඉඳල හිටල හරි ඒ ඔවදං පිලිපදිනවනේ...

    ReplyDelete
  7. මට නම් පැටලිලා.
    Ansh Lucky Sri Jay ගෙ අර්ත දැක්වීමට මට ටිකක් අවුල් ගියා
    මොකද අප්පච්චි නම් ආය සැරයක් බැන්දෙ අම්මා මගුල් ගෙදර ඉන්නවා කියන එක ප්‍රායොගික නෑ නේ

    ReplyDelete
  8. @AmilaArt: අම්මා මගුල් ගෙදර නෑ මචං! ආත්තම්මා තමයි මගුල් ගෙදර ඉන්නේ!

    මේක මරු වචන සීයක්!

    ReplyDelete
  9. ආගන්තුකයා-->>පරක්කු උනාට කමක් නෑ
    පොස්ට් කල එකට ස්තුතී..
    Ansh Lucky Sri Jay--->> ස්තුතී..
    සහ සිස් "h" ට කල පැහැදිළි කිරිම නිවැරදී..
    සහ මුචලින්ද ඔබගේ පැහැදිලි කිරිමත් නිවැරදී
    AmilaArt සහ "h" ස්තුතී...

    ReplyDelete
  10. මේකෙ ශෛලිය පට්ට මම මේ පොස්ට් එක දාන වෙලාවේ පොඩ්ඩක් අවුල් වෙලා හිටියේ.. ඒක නිසා පොස්ට් එක දැම්මා මිසක් මුකුත් කිව්වෙ නෑ.. අළුත් කතාවක් ලස්සන ස්ටයිල් එකක්..

    ReplyDelete
  11. ආගන්තුකයා--->>
    හිතුවට වඩා හුගාක් හොද වෙලා මගේ කතාව
    ගොඩාක් ස්තුතී සහෝ

    ReplyDelete
  12. සබා නිසා ‍පැහැදිලිව තේරුම් ගත්තා

    දකෂ විදියට ලිව්ව ලස්සන කතාවක්.. දිගටම ලියන්න.. වචන ටිකකින් මේතරම් හරඹ කරන්න පුළුවන් කියන්නේ ලොකු දකෂ කමක්...!

    ReplyDelete
  13. කාලෙකට පස්සෙ කියවපු හොදම වචන 100.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...