Sunday, September 19, 2010

හිමි අහිමි

“ඒ වුනාට ඔයා මල්ලි කෙනෙක්නේ... මං වැඩිමල්“
“ අපෝ මාස හතයිනේ වැඩිමල් “
“ඒ වුනාට....“
“එහෙනං පිරිමි අවුරුදු පහ, දහය බාල කෙල්ලො බඳින්නේ....“
“අපිට අනික් අයගෙ එව්වා වැඩක් නෑනේ...... මං යන්නද?“
“ඇයි යන්න හදන්නේ....තව ටිකක් ඉන්නවද?“
“ම්ම්............“
“මම ඔයාට ෆෝස් කරන්නේ නැහැ... ඔයා කැමති දෙයක් කියන්න ඔයාට පුලුවන්“
“අපි වලව්නේ , ඔයා දන්නවනේ“
“ඉතිං අපිත් එහෙමනේ........ මගේ වාසගමත් ඔයාගෙ එකමනේ“
නිශ්ශබ්දතාවය.............................................
“හ්ම්ම්.......“
“ඇයි ?“
“අනේ මන්දා......................................“
මහ බඹා මගෙ නලලෙ කෙටුහැටි කියන එක හරි මදිද මන්දා
රටේ හැමතැන කරක් ගහලා නුඹට හිතගියෙ මොකද මන්දා
උපන් වසරට වසක් කලියෙන් නොඉපදුනේ කරුමයද මන්දා
ඒ වැරැද්දට අහිංසක මට ලැබුන පිළිතුර අනේ මන්දා..

ලියා එව්වේ - තීර්ථ යාත්‍රිකයා (www.tirthayathrava.blogspot.com)

11 comments:

  1. සුන්දරයි.... සුළඟ වගේම ඇවිත් නේ.....

    ReplyDelete
  2. අකමැති බව කෙලින්ම නොකියා..විවිධකාරනා ගෙනහැර දක්වනව ...

    ReplyDelete
  3. මහ බඹා මගෙ නලලෙ කෙටුහැටි කියන එක හරි මදිද මන්දා
    රටේ හැමතැන කරක් ගහලා නුඹට හිතගියෙ මොකද මන්දා
    උපන් වසරට වසක් කලියෙන් නොඉපදුනේ කරුමයද මන්දා
    ඒ වැරැද්දට මට ලැබුන පිළිතුර අනේ මන්දා.

    මේ කෑල්ලනම් පට්ටයි මචෝ..!

    ReplyDelete
  4. Why don't you update this at least once a day?

    ReplyDelete
  5. @anonymous ඊයේ දින මදක් කාර්යබහුල වුන නිසා සටහන එක් කිරීම පමා වුනා සමාව.. පෙන්වා දීම ගැන ස්තූතිය..

    ReplyDelete
  6. සීය ගණන් කරන මමත් නොදරුවාත් මුචලින්දත් පිලිතුරු සපයන්නේ අදාල බ්ලොගර් නමින් නිසා අපව නියෝජනය වන ලෙස ඇනෝනිමස් කමෙන්ට් දැමීම ගැන දමන්නාට අනුකම්පාව පලකරමි.. තවද මේ ගැන විවේචන ඇත්නම් වචන දෙකකට වඩා සවිස්තරාත්මක ලෙස අපේ ඊ මේල් ලිපිනයට එවන්නටද පුළුවන..

    ReplyDelete
  7. හයියෝ...! පව්..!
    අපේ යාළුවෙකුටත් පොඩ්ඩක් ඔය වගේ කේස් එකක් වෙලා තිබ්බා මේ ලගදි.. දුක තමා ඉතිං...! මොනා කලන්නද...!

    ReplyDelete
  8. මහ බඹා මගෙ නලලෙ කෙටුහැටි කියන එක හරි මදිද මන්දා
    රටේ හැමතැන කරක් ගහලා නුඹට හිතගියෙ මොකද මන්දා
    උපන් වසරට වසක් කලියෙන් නොඉපදුනේ කරුමයද මන්දා
    ඒ වැරැද්දට අහිංසක මට ලැබුන පිළිතුර අනේ මන්දා..

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...