Wednesday, September 29, 2010

අවාසනාවට ඇත්ත කතාවක්!


ඇගේ ප්‍රාණය නිරුද්ධ සිරුර දැණුදු මා ඉදිරිපිට සියුම් ජල පහරේ වැදිවැදී සැලෙයි. මා හට කෙතරම් රිදෙව්වද ප්‍රාණයක් නොවෙත්දැයි යලිත් වරක් සිත මිමිනුවේය. නැවතත් බඩ රිදීමට ගත් බැවින් සියලු සංස්කාර ධර්මයන් පසෙක දමා එම වැඩෙහි නියැලිය යුතුව ඇත.

*******************************************************************************

තකහනියක් සරම කඩාගෙන වැසිකිලියට දුවගත්තේ පෙර දින රාත්‍රියේ කෑ හන්දියේ කඩේ කොත්තුව, බඩේ කනු කුනු ගාන්නට ගත් නිසාවෙනි. නිදහස් නිවහල් රාජ්‍යයක අතරමංව සිටි මට ඇගේ මල වද ඉවසිය නොහැකි විය. දවසේ සොඳුරුම මොහොත ඈ කා දැමුවේය.

********************************************************************************
මනස තවත් නොකැලඹෙනු පිණිස ඝන ටැප් වතුර පහරක් ඇය දෙසට හරවා ඇයව දෘෂ්‍ය පරාසයෙන් ඉවත් කලෙමි. ඈ නම් වූ තවත් එක් මදුරුවාට මට නොවිදිය යුතුව තිබුනි.
ලියා එව්වේ - මුචලින්ද ( http://muchalindha.blogspot.com/ )

7 comments:

  1. නියමයි රචියෝ... මට මතක් වෙන්නෙ දුක්ගන්නාරාළගේ "මදුරි" කෙටි කතාව. මේක ඒකත් එක්ක කිසිම සම්බන්ධයක් නැති වුණත් මදුරුවොත් එක්ක මෙහෙම නිර්මාණාත්මක ගනුදෙනු කරන්නෙ නෑ මිනිස්සු.

    දාල තියෙන මාතෘකාවත් මල් 7යි.

    චොර එෆ් එම් එකේ ප්‍රචාරය වුණ කතාවක්ද?

    ReplyDelete
  2. මරු නියමේට ලියලා

    ReplyDelete
  3. තැන්කියු තැන්කියු!

    ReplyDelete
  4. ගති ගති.. දුකා ගේ මදුරි කතාව මතක් උනා...!

    ReplyDelete
  5. නියමයි! එක කතාව ඇතුළෙ කතා කීපයක් තියනව වගේ

    ReplyDelete
  6. රචියෝ... මරු කතාව... මුලින් මට හිතාගන්න බැරුව ගියා මේක tragedy end එකක්ද comedy end එකක්ද කියලා. මම හිතන්නේ උඹ තත්පට කීපයක් හැඟීම් කීපයක් වචන සීයකට ගොනු කරලා.

    මේක කියවනකොට තව කතාවක් මතක් වෙනවා. ඒක උඹ හම්බුවුනහම කියන්නම්...

    ~ හිපියා

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...