Wednesday, September 15, 2010

හරිද තොප්පිය

ඩෑඩ් පලමු වරට නිවසට ගෙන ආවේ ලිනක්ස් වැඩ කරනා කම්පියුටරයකි.
එතැන් පටන් වින්ඩෝස් මා සතුරෙකු වූ අතර, ඔපීසියේ එක්ස් පී කම්පියුටරයක වැඩ කරන ඩැඩාද ජන්මාන්තර වෛරක්කාරයෙකු විය.
බිරිඳ යහනට ඇද ගැනීමටත් වඩා උබුන්ටු ට'මිනලයට මා ආශා කරමි.
බ'ගරයක් කමින් කෝක් තොල ගාන මා, විකුණන වින්ඩෝස් හට වෛර කරමි. ඒවා හොරෙන් ගන්න උන්ටද වෛර කරමි.
මා පලමු වරට කම්පියුටරයක් භාවිතා කලා යැයි සිතන්නේ එයට ලිනක්ස් දැමූ පසුය. ඊට පෙර සිදුවූ කිසිවක් මාගේ මෙමරියේ ඉතිරිව නොමැත.
ඇත්තට හඳුනන්නේ පාසැල් පන්තියේ මිතුරන් කීප දෙනෙක් පමණි. ව'චුවල් මිතුරන් තොගයකි. මැෂබල් ඇතිකල් මගේ බ්ලොග ගොඩය.
ආනේ මට කමෙන්ට්ස් ගොඩකි. බියරයක් උස්සා ෆේස්බුක් හිදී සැමරිය යුතුය.

ලියා එව්වේ - මුචලින්ද (http://muchalindha.blogspot.com/)

16 comments:

  1. මට නම් හරි යන්නෙ නෑ... අපේ බ්ලොටාට නම් ටිකක් හරි යනවා... ඒ වුණාට තොප්පිය හරියටම හරි යන එක්කෙනෙක් දෙන්නෙකුත් ඉන්නවා.... :D

    මේව දාල අපිව බ්ලොගර්වලින් පන්නන ගානට අංචියක් අදියිද?

    ReplyDelete
  2. අනේ මන්දා හිතිච්ච දේයි කිව්වේ අයියේ. බ්ලොටාත් ඔය සිද්ධියට විරුද්ධයි. මමත් හරි කැමතියි උබුන්ටු වැඩේට. අවුල තියෙන්නේ කට්ටිය කෑ පතේ පැහරන කොටනේ. ඒ මදිවට දෙන පොර ටෝක්!

    ReplyDelete
  3. ඇත්තට හඳුනන්නේ පාසැල් පන්තියේ මිතුරන් කීප
    දෙනෙක් පමණි. ව'චුවල් මිතුරන් තොගයකි.

    කතාව ඇත්ත අයියා...

    හිකිස්.. ලිනක්ස් සීන් එක ගැන කියනකොටනං. අනේ මංද. ජනේලේ නැතුව මොන කතාද. නිදහස් කිව්වට ලිනකස් දාගත්තම ඔපිසියෙ වැඩ විතරයි, වෙන මොනවනම් කරන්නද ඒකෙ. ඒත අතඇරලත් බෑ... හිකිස්....

    ReplyDelete
  4. තෙරුම් ගත්ත වැරදියි සහෝ! මම ලිනක්ස් වලටවත් ඕපන් සෝස් වලටවත් බැන්නා නෙමෙයි!

    ReplyDelete
  5. මේක ලිනක්ස් පාවිච්චි කරන එකට බනිනවා කියලා වරදවා ගන්න එපා. මේක කියන්නේ කාටද කියලා බුවෙක්ගේ නමින් කිව්වොත් නම් හරියටම හරි. ඒත් ඉතිං එහෙම කියලා බෑනේ ..

    ReplyDelete
  6. මෙලෝ දෙයක් තේරුනේ නෑ.. කූජීතයි...!

    ReplyDelete
  7. තොපි සේරගේම බ්ලොග් සිංහල බ්ලොග් සින්ඩියෙන් ගලවනවා. කෑ පතේ පහරන පාහර වල් බල්ලො.

    ReplyDelete
  8. පහරන්න කලින් දිරවන්න එපැයි ආයුබෝං දිරවගන්න අමාරුනම් ජාපාල ඇටයක් කටේ දාගන්න කුක්කු පැටියෝ...

    ReplyDelete
  9. මුචා, මේක සුපිරි..
    මම නම් දන්නවා අග මුල මේකේ..
    :)
    හික් හික්

    ReplyDelete
  10. @ෆස්ට් ඇනෝ: ගලවනවා කිව්වේ?

    ReplyDelete
  11. එලකිරි වචන සෙට් එක !

    ReplyDelete
  12. ගලවනවා කිව්වෙ උගේ දැනට ගැලවිලා උඹලාගේ ගැලවෙන්නෙ නැතුව තියෙන එක ගලෝනවා කියලා වෙන්න ඇති...

    ReplyDelete
  13. මොකද මේ වෙලා තියෙන්නේ @හ මට නම් ඔය තොප්පිය කොහොමත් හරියන්නේ නෑ.. ඕක හරියනම ඩයල් දෙක තුනක් ඉන්නවා..

    ReplyDelete
  14. @ ආ - උඹ අර ලිෂාගෙ තොප්පියත් දාගත්තු එකේ උඹට ඕන තොප්පියක් හරියනව ඇති කියලයි මම හිතුවේ... මමත් ඔය Citizen, Omega, Rolex, Seiko වගේ ඩයල් තුන හතරක් දන්නවා.... :D

    ReplyDelete
  15. මේකට තව ඇඩ් වෙන්න ඕන කෑලි වගයක් තියෙනවා..

    ෆොක්ස් නම් චාටර්..
    ක්‍රෝම් නම් දෙවියකි...
    ඇපල් කකා හිටපු එකා
    කවුලුවෙන් පැන ඇත.
    දැන් ඇපල් අල ය.

    දැන් තොප්පිය කැරකෙනවෝ....

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...