Saturday, September 11, 2010

හුදකලාව


ඈතින් ඇසෙනා සියුම් ගී හඩ
මා සිතට ජීවිතයේ අමිහිරිම වූ මතකයකට මග පාදයි
පෙර දිනයන්හි මා සිහින ලෝකයන්ට ගෙන ගිය ඒ ගී හඩ
අද ඉතා අසුන්දරවූ මතකයක් ගොඩගන්නට සැරසෙයි
ජීවිතයේ බොහෝදේ කියාදුන්
හුදෙක් භෞතික දේකෙරෙහි පමනක් ආලය කල මා
ඉන් මුදවා බොහෝදේ ගැන සිතන්නට හුරුකොට
මා ජීවිතය වෙනස් කල ඔබ

මගේ අසීමිත ආදරය ලබාගත් ඔබ
යලිත් මා දිවිය නොසිතූ සේ උඩු යටිකුරු කොට ඇත
වසර ගනනක් පෙරුම්පිරූ
දිනය උදාවූ පසු ඔබ මා අතැර ගොස් ඇත
වසර ගනනක් සිතමින් පතමින්
 ඔබ වටා ගෙතූ ඒ මගේ ජීවිත කතාව
ඔබත් මමත් ඒක්වූ දා
දුෂ්ටයා ලෙස පැමිනි බීමත් රියදුරු තැන අතින් වෙනස් විය !!

ලියා එව්වේ - සහෝදරයා (http://sahodaraya.blogspot.com/)

7 comments:

  1. කියනකොට දැනෙනවා වේදනාව..!

    ReplyDelete
  2. බොන එවුන් කොයි තරම් හොඳ වුණත් බීල ඩ්‍රයිව් කරන එවුන් නම් හෙනම චාටර්... හයියෝ...

    ReplyDelete
  3. හ කිව්වා වගේ බොන එක අවුලක් නැති උනාට බීලා ඩ්‍රයිව් කරන එක නම් හෙනම අවුලක්!!!

    ReplyDelete
  4. kiyawana kotath adenawa

    ReplyDelete
  5. සමිත් වීරසිංහDecember 21, 2012 at 11:34 AM

    අනේ මන්දා

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...