Saturday, September 11, 2010

මණරය

 ඊයේ රෑ මොනා බිව්වද මන්දා….
නැගිටිනකොට මුළු ඇඟම සැහැල්ලුයි හරියට පාවෙනවා වගේ…
මොකද මේ අද කවදාවත් නැතුව ගෙදර කට්ටිය පිරිලා….
සේරම අස් පස් කරනවා, මන් දන්නෙත් නැහැනේ, දානයක්වත් තියෙනවද????
එළ එළ අයියලා සේරම ඉන්නවා දවල්ට සෙට් වෙන්න පුළුවන්…
ආ නැන්දේ කොහොමද??? 
තාම ගඳ එනවද මන්දා කවුරුත් මාත් එක්ක කතා කරන්නේ නැත්තේ?
අන්න මිනිය ගෙනාවා කියාගෙන හැමෝම කලබලෙන් ඉස්සරහට ගියා මාත් පස්සෙන් ගියා…
“ හොඳටම බීලා ඉඳලා තියෙන්නේ.. “  “බයිසිකලේ ගන්න දෙයක් නැහැලු…” 
කවුදෝ කියනවා ඇහුනා….
මාත් ඉස්සරහට ගියේ කවුද අපේ ගෙදර මාත් නොදැනුවත්වම මැරුනේ බලන්න….
පෙට්ටිය ගෙනත් ඇරියා….
මොනවා……
මන් අර මගුල් ගෙදරකට මහපු සූට් එක නේද මිනියට අන්දලා තියෙන්නේ….

ලියා එව්වේ - (http://magemaranaya.blogspot.com)

14 comments:

  1. මේ බොකු රත් කරන කතා ලියන්න එපා යකෝ..!

    ReplyDelete
  2. මේවා ලියන්නේ බඩ පපුව සීතල වෙන්න වෙන්න. උඹේ බොක්ක රත් වෙනවනම් ඕය බොක්කේ අවුලක් බන් :-D

    ReplyDelete
  3. මිනිහෙක් මැරෙනව කියලා ඇහුවම බඩ පපුව සීතල වෙනවනම් ඒක උඹේ අවුලක්.., මොකද උඹේ නම මරණේ නෙව..,උඹ කොහොමත් හිටියත් මැරිලා වගේ නෙව මම මේ කියන්නේ ජීවත් වෙන අය ගැන..! ;)

    ReplyDelete
  4. මේ කතාවෙ පුදුම සමාන කමක් තියෙනවානේ අර 'මගේ මරණය' බ්ලොග් එක ලියන එකාගේ ගතිගුණ එක්ක.
    :D

    කතාව නම් මල් හතයි.

    ReplyDelete
  5. අඩේ මරනේ ... උබද දන්නෙ නෑ මගේ වෙඩින් කාරෙකේ හැප්පුනේ ... ඒ වගෙයි පේන්නෙ
    'දුෂ්ටයා ලෙස පැමිනි බීමත් රියදුරු ඔබද' ? හිහි
    :D ;) ...
    සහෝදරයා

    ReplyDelete
  6. බොන මිනිස්සු නෙමෙයි, නොබොන අපෙත් බොක්ක සීතල වෙනවා මේක කියෙවුවහම.. =|

    ReplyDelete
  7. රස්නෙ වචන 100ක සීතල සංයෝජනයක්...

    ReplyDelete
  8. ෂා.....
    මරණේ මරු කතාවක් මේක නම් සුපිරි

    ReplyDelete
  9. පට්ට!
    සේරම කියවලයි දැම්මේ...
    ලියන වෙලාවෙ මොනව බීල හිටියද මන්දා...

    ReplyDelete
  10. මේකනම් නියම පබැඳුමක්. එතකොට මනෝකායක් කතාව කියන්නෙ.

    ReplyDelete
  11. මේ කතාව වටින්නේ මොකුත් හින්දා නෙවෙයි උඹම ලිව්ව හින්දයි..!!

    ReplyDelete
  12. ඔමට ණඹ් බිෂ්ෂු

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...