Saturday, September 18, 2010

(ගෑණු) පිරිමිකම.

මේ...!
ඇයි...?
මොකෝ අපි එක්ක කතානැත්තේ..? අපි කලුද..?
නෑ..! අලුපාටයි..!
ඔයාට මාව දැනෙනවද..?
නෑ. මගේ හදවත ගලක් වෙලානෙව.
හ්ම්ම් ඒකත් එහෙමද..?
මගේ ළඟ තියෙනවා සැනසිල්ලක්..! ඕනෙද?
"හා..!"
මා එක්ක බුදියන්න වේවි.
ඒ මොකටද..?
සැනසිල්ල ගන්න.
බුදියගත්තම මොන සැනසිල්ලක්ද?
එහෙනං..?
කළකිරීම් රොත්තක් එක්ක වෛරයක් එනවනෙව..!
එහෙනං මොකද කරන්නේ අපි..?
මොනා කරන්නද.., වෙන්වෙමු.. .
වෙන්වෙන්න අපි එකතුවෙලා හිටියැයි..?
එහෙනං බුදියගන්න හැදුවෙ මා එක්ක..?
ඒ ඔහේට සැනසිල්ල දෙන්නනෙව..!
බොරුකාරයා.!
වල්ගෑණි..!
වල්ගෑණි..? තෝනෙ බොල මා එක්ක නිදිවදින්න හැදුවෙ..?
මම නිදිවදින්න හැදුවේ තොට සැනසිල්ල දෙන්න නෙව..!
එහෙනං මට වල්ගෑණි කියන්නේ..?
මට තෝ එක්ක බුදියන්න නොලැබුණු හින්දා..!
ඔන්න පැන්න..!
දැං කියහං කවුද වල්කං කොලේ..?
තෝද ..?
මම ද..?

ලියා එව්වේ - ලිෂාන් පුවක්ඕවිට(http://lishwish.blogspot.com)

13 comments:

  1. ෂුහ්... නියමයි... ගොඩක් විට කාන්තාවන්ට පද හදන්නෙ එයාලව දිනාගන්න බැරි වුණ පිරිමි නේද ලිෂෝ....

    අර ෆෝන් වලින් කරපු වීඩියෝ, පින්තූර එහෙම එලියට එන්නෙ වැ‍ඩේ වැරදුණාම තමයි. එකට ඉන්න කාලෙ සුන්දරී... කෙලවුණාට පස්සෙ වල් ගෑණි...

    වචන 100ක් වුණත් මේක හොඳ විග්‍රහයක්.

    ReplyDelete
  2. ඕක මම හිතන්නේ වෙනම එකක් ඒකට ඉරිසියාව කියලත් විග්‍රහ කරගන්න අමාරුයි... මරු වචන සීයක් ...

    ReplyDelete
  3. මිදි තිත්තයි බොල. :D

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මේ වගේ දේවල් අපිට එදිනෙදා අනන්තවත් අහන්න වෙන ඒවා. කොටින්ම කීවොත් කටින් ගැහැණු නිරුවත් කරන පිරිමි හැමතැනම. ඕවා වැඩියම තියෙන්නේ ප්‍රබුද්ධ අය අතර. සමහර වෙලාවට හරිම කළකිරීමක් දැනෙනවා.

    මට නම් ඔය වගේ කතා අහන්න ලේසියෙන් ලැබෙන්නේ නෑ මම නැති තැන කීවොත් මිසක්. මම ඉස්සරහා කීවොත් දන්නවනේ ඉතින් හැමෝම අහගන්න වෙන දේ...

    ReplyDelete
  6. ඕක තමයි ගොඩක් වෙලාවට ඇත්ත කතාව.. තමන් එක්ක බුදියගන්නවනම් කමක් නෑ. තමන්ට දිනාගන්න බැරි නම් "වල් ගෑණියෙක් වෙන්න ඇති"... තමන්ට දිනාගන්න බැරි වුනත් වෙන එකෙක් දිනා ගත්තොත් "වල් ගෑණියෙක්ම තමයි"....

    හොඳ විග්‍රහයක්...

    ~ හිපියා

    ReplyDelete
  7. වෙනස් වු නමුදු ඇත්ත කතාවක්

    ReplyDelete
  8. සිම්ප්ලි සුපර්බ්...! ලිශෝ...!!!

    ReplyDelete
  9. පිස්සු කොර ලිෂාන් අයියා :D

    ReplyDelete
  10. ඇත්ත කතාවක් වහෙන් ඔරෝ කියල. :) මට මේක හරියට තේරුන නම් මේකයි තේරුම හොඳට හිටියත් වැරදියට හිටියත් අන්තිමට ගෑණු තමා වැරදි.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...