Monday, September 6, 2010

ලියන්නයි තියෙන්නේ...

සීය, සෙන්චරිය, හන්ඩ්‍රඩ්, ශතකය, ඔය මොන නම කිව්වත් එකයි බින්දු දෙකයි එකතුකරලා ලියන ඉලක්කමේ අගය එකවසරෙ පොඩි එකෙක්ගෙ ඉඳන් චක්කරේ පාඩම් කරන අටවසරේ එකාවත් පහුකරගෙන ලෝකයේ හොඳම ගණන්කාරයත් දන්න ප්‍රසිද්ද මෙව්වා එකක්. තැඹිලිපාට කලය සාක්කුවේ දාගෙන මාකේස්ගේ සියක්වසක හුදකලාව කියවගෙන එනගමන් ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් බලලා ටී එම්ගෙන් සියක් ආයු ලැබ මගෙත් ආයු ලැබුවත් සීය කියන එක අදත් හෙටත් සීයම තමා. අවුරුදු සීයක් ජීවත් වෙලා ඉන්න සීයලාගේ කාලෙ මේ වගේ මලසමයං සිද්ද නොවුනත් මුල මැද අග කෝක කියන්නත් තියෙන්නේ වචන සීය නිසා කෙටියෙන්ම කිව්වොත් මේ බ්ලොග් එක ලියවෙන්නේ මාතෘකාව ඇරුනාම වචන සීයකින් ලියවිලා තියෙන පෝස්ට් විතරයි, ඉතිං හැමෝටම ලියන්නයි තියෙන්නේ.

1 comment:

  1. සීය ඔහොම කියද්දි සිය සිය සිය දහස අතෑරලා සීයේ ඒවා ලියන්නමයි හිතෙන්නේ. ඉස්කෝලෙ යද්දි (හික්... අපරාදෙ ගියේ) විභාග කාලෙ සීයේ හීන හඹා යද්දි නොහිතුණ ඒවා සීය ගැන හිතන්නයි දැන් තියෙන්නේ.... ලියමු බලන්න...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...