Wednesday, December 22, 2010

ආවර්ජනා

මුහුදෙන් හමාපු ගිණියම් සුළඟ ඇගේ රැළි සම වේලා දැමුවා.... ලඟින් ඇසුණු රළු හඬ කාගේදැයි බලන්න ඇස් හීන් කරපු මැහැල්ල දැක්කේ හුරු යුවලක්.

සති කිහිපයකට කලින් මේ දැරිවිම ආ අයුරු ඇයට මතක් උනා....

"ආච්චිට බොන්න මොකුත් ගේන්නද?"
මැහැල්ල එපා කියූ විට රුපියල් විස්සක් මෙලවූ ඈ ගියේ මොහුගේම දෑතේ වෙලීයි.

"තමුසේ මහ ජරා ගෑනියෙක්. දන්නවා නම් ආශ්‍රය කරන්නෙත් නැහැ."

"මම මොකද කලේ? ඔයාගේ අනිත් කෙල්ලට කෝල් කරලා බැන්න එකද?"

"තමුසේ මහ ............ ගෑනියෙක්! මොන අමාරුවක්ද? පාරමී මගේ යාලුවෙක්"

කඳුලක් පිසිමින් තරුණිය ඉවතට දිව්වා.

"ඔයා වෙනුවෙන් කරපුවට ඔහොමමයි අහගන්න වටින්නේ"

මැහැල්ලගේ අවධානය බිඳුනේ අලුත් හඬකින්.

"ආච්චි දවල්ට කාලද?"

"ඔව්..."

ඈ වේලුන දෑස වැසුවා.


ලියා එව්වේ - පොපී (http://somethingfromeverything.blogspot.com/)

14 comments:

  1. මේ තරුණිය ගැන අනුකම්පාවක් දැණෙනවා... ඇය බොහොම හොඳ කෙනෙක් බවයි පේන්න තියෙන්නෙ... ඒත් ඇයට මොනව වෙයිද කියල හිතාගන්න බෑ....

    මොනව වුණත් දැණෙන්න ලියල තියෙනවා... තවත් ලියන්න සුභ පැකුම්..

    ReplyDelete
  2. Tharuniyata mokuth un na.dan eyaa nidahase eyage paaduwe jeewath wenawa.edaa thama eyage boywa meet una anthima dawasa :-) a girl hondama na.welawakata hari napurui.eth achchilata aasai

    ReplyDelete
  3. කොයි දේත් වෙන්නේ හොදටයි කියනවනේ...

    ReplyDelete
  4. Oka story1ta mul une bambalapitiya hariye ehema nitharama inna ara kudu gahuna achchi :-)

    ReplyDelete
  5. පොපී දැරිවිගෙම පෞද්ගලික අත්දැකීමක් වෙන්නැති මයෙ හිතේ... මෙතන පෙරළිකාරම හරිය තියෙන්නෙ අර 'ආච්චි කාලද?' කියල අහන අලුත් හඬේ...දිගටම ලියන්න.

    ReplyDelete
  6. මම ආදරය කියලා අඳුරගන්න එක මොකක් වුනත් එතන අනුකම්පාව පව් කියන එක තියෙන්න බෑ... මොකද එහෙම වෙනවානම් ඒක අනිකාට කරන අසාධාරණයක්.. අපිට එපා නම් ඒක එතනින්ම නවත්තන්න වෙනවා.. ලස්සන වචන සීයක් පොපී..

    ReplyDelete
  7. mata podi prashnayak thiyenawa ! ay a girl achita salli dunnama boy kagahanne?

    ReplyDelete
  8. kiyala saha ay a girl boyta wena kellek innawa kiyala dana danath a boy passema yanne ?

    ReplyDelete
  9. @ D-Yep.something like that
    @aaganthukaya-thanks...:-) oya qwa de aththa.& anthimata ahena aluth kata handa aluthma girl kenekta.achchi susumak helamne history repeat wei kiyala hithila.
    @nipz-boy baninne achchita salli dunna kiyala neme.eyage yaluwata call karala banna kiyala.othana atheetha saha warthamaana siddi 2k thiyanawa...girl passen yan na.mulin eya hithuweth ara girl yaluwek kiyala.oya a 2na meet wena anthima dawasa :-)

    ReplyDelete
  10. දිලාන් කිව්ව වගේ අර අළුත් හ‍ඬේ තමයි ටර්නින් පොයින්ට් එක තියෙන්නේ... :D

    ReplyDelete
  11. @mucha-thanks
    @h- :-D mmm...glad u like it...

    ReplyDelete
  12. මට සමාවෙන්න !! මට තරහ ගියාම පාලනය කර ගන්න බැහැ!

    A

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...