"කෙනෙක් ඈත්වෙන්න හදනවානම් එයාට යන්න දෙන්න. ඒ වගේම කෙනෙක් රැඳෙන්න හදනවනම් එයාට රැඳෙන්න දෙන්න."
අපි දෙන්නා වෙන්වෙන දවසේ ඔයා මට අන්තිමට කිව්වේ මේක.
"ඔයා ආයිත් මගේ ළඟට එනවද?"
මම එහෙම ඇහුවට ඔයාගෙන් ඒකට උත්තරයක් ලැබුණේ නෑ. ඔයා මගෙන් ඈත්වුණේ ඇයි කියලා අදටත් මම කල්පනා කරනවා. මගෙත් වැරදි ඇති. ගොඩාක් මිනිස්සුන්ට වගේ මටත් දෙයක් නැතිවෙනකල්ම ඉන්නවුණා ඒකෙ අගය තේරුම් ගන්න. අවුරුදු ගාණක්ම හිතේ හිරකරන් ඉඳපු හැඟීම තමා මේ එළියට දාන්නේ. ඔයා ආයිමත් මගේ ළඟට එන්න කියලා මට කියන්න බෑ. ඔයාට කියලා දැන් ඔයාගෙම ලෝකයක් ඇති. මට ඒ ලෝකෙ කිසිම ඉඩක් නැතුවත් ඇති. ඒත් ඔයා ආයිමත් මගේ ළඟට එනකන් මම බලාගෙන ඉන්නවා.
ලියා එව්වේ - සජිත් රූපසිංහ
දෙවියනේ මෙච්චර සරලව හිත රිද්දන්න එපා සහෝ...
ReplyDeleteමැරි මැරි උපදින්නේ කොහොමද.......?
මං මගේ ඇසි පියට ලිවුවා වගේ මට කියන්න තියෙන්නේ මෙච්චරයි...
"ඔයා මගෙන් ඈත් උන දවසේ, මම මැරුණා
එත් ඔයාව කවදාවත්...
දාල යන්න හිතාගෙන නෙමෙයි
ඔයා ඒවි කවදාහරි
මම දන්නෙ එච්චරයි..."
හෆොයි...! අකුරක් අඩු නැතිව හැම දේම මට කියන්න තියෙන විදියටම ලියලා.. මේක ගැන මොනවා කියන්නද මන්දා. මේක කියෙව්වට පස්සේ මගේ හිතේ හැංගිලා තිබුණු ලොකු දුකක් එළියට අවා වගේ දැනෙනවා..
ReplyDelete2010-12-4...matath une oyawage deyak thamai.........mage kella mage langa indaddi mata mage kellawa mage karaganna ba......
ReplyDeleteහ්ම්ම් තවථ් කියන්න දෙයක් නම් ඉතුරු වෙලා නැ මගෙ හිතේ තිබ්බ දේ එහෙමම ලියවිලා ..
ReplyDeleteම්ම් හිතේ ඇත කොනක රැදිලා තිබුනු දෙයක්
ReplyDeleteහිතුවක්කාරකම නිසා යන්න දුන්නට මොකද ආයෙමත් එවී කියලා බලන් හිටියා මම
ඒත් "ඔයාට කියලා දැන් ඔයාගෙම ලෝකයක් ඇති. මට ඒ ලෝකෙ කිසිම ඉඩක් නැතුවත් ඇති"
හ්ම්ම් සත්තකින්ම ලස්සනයී සහෝ
මම නම් යන්න යන අය ආපහු එනකම් බලාන ඉන්නෙ නෑ ඒකෙන් වෙන්නේ අපි අළුතින් බලාපොරොත්තු තියාගන්න එක විතරනේ....
ReplyDeleteඅපෙන් වෙන් වෙලා ගිය, අපි ආදරේ කරපු කෙනෙක් සතුටින් ඉන්නවා අපිට සතුටින් බලන් ඉන්න පුළුවන් නම් නියම ආදරේ අර්ථකතනය එතන ඇති කියලා මං අදටත් විශ්වාස කරනවා.. ඒ නිසා මම කවදාවත් මම දාලා යන අය දිහා දුකින් වත් තරහකින් වත් බලන්නේ නෑ.. එහෙම කලොත් මගේ ආදරේ බාල්දු වෙයි කියන බය නිසා.. මට නැති උනාට කමක් නෑ.. කැමති තැනක සතුටින් ඉන්නවා නම් ඇති..!
ReplyDeleteප්‍රතිචාර වලට බොහොම ස්තූතියි. එයා මා ළඟ නෑ කියලා එයාට තිබුන ආදරේ පොඩ්ඩක්වත් අඩු වෙලා නෑ. එයාව අමතක කරන්නත් බෑ. මම හිතන්නෑ කාටවත් තමන්ගේ පළවෙනි ආදරේ අමතක කරන්න පුළුවන් කියලා.
ReplyDeleteහොඳ සටහනක්... මටත් ඔය දෙයම අවුරුදු කීපයකට කලින් වුනා.. ඒකෙන් ලද විරාමයෙන් ඇය මට උරුමද නැතිනම් ඇයට මාව උරුමද කියල හොයල බලද්දි මට තේරුම් ගියා අපි කවුරුවත් අපි කාටවත් අයිති නෑ කියන එක.. හැමදේම සාපේශ්‍යයි.. වේදනාව පවා .. හරිම අමාරු වුනත් ජීවත් වෙන්න, ගිය කෙනෙක් එනකම් බලන් ඉන්න එක මෝඩකමක්... මොකද එයා අයිත් ආවත් මේ එක සැරයක් මාව දාල ගිය කෙනානේ කියල හිත කියන දේ හංග ගන්න අමාරුවෙයි.. එහෙම නැත්තම් එයාට ආයිත් සැරයක් ඔයාව දාල යන්න ඕනෙනම් ඒකට ඕන කරණ සේරම අත්දැකීම් ඇය සතුව තියෙනව.. ඉතින් ඇයි ඔයා විතරක් ඔහොම නැවතිලා ඉන්නෙ එයා එනකම්...
ReplyDeleteසටහනට පරිභාහිරව මේ රූපසිංහ සහෝදරය 'ආනන්ද විද්‍යාලයේ' අධ්‍යාපනය ලැබූවෙක්ද කියල දැන ගන්න කැමතියි.
ප්‍රේමයත් එක්ක විරහව පස්සෙ පසුතැවීම හැමෝටම පොදු දෙයක් වගේ.. අපි විවිධ හේතු නිසා විවිධ අයට යන්න දෙනවා.. නැත්නම් යන්න කියනවා.. ඒත් පස්සෙ අපිම ඒක නිසා පසුතැවෙනවා.. ජීවිතයේ කොටසක්..
ReplyDeleteසජ්ජා? මේ උඹද?
ReplyDelete@Dilan daDevil Samathilake; නෑ. මම ඉගෙනගත්තේ රාජකීය විද්‍යාලයේ...
ReplyDelete@Shaan 'ෂාන්' Project-X; ඔව්... මම සජ්ජා තමා...
-එළ-
ReplyDeleteඅනේ මන්දා සජියෝ... පලවෙනි ආදරේ අමතක කරන්න බෑ තමයි. එත් ඉතින් නොලැබෙන ආදරයක් වෙනුවෙන් දුක් වෙවී ඉන්න එකෙත් තේරුමක් නෑ නේද... ?
ReplyDelete