"කළුවරට බය නිසා
එළියට යන්නේ නැතුවම.....
අහසෙ තියෙන තරු....
මගේ අත්දෙකට අරන් දෙන්න කියලා
මම ඉස්සර අඬනවලු......
ඒත් අද....
මම ඒ කළුවරට
බය නැහැ....
රෑට එළියට බැහැල
අහස දිහා බලන් ඉන්න
මට පුළුවන්.....
අම්මා හිතන්නේ....
රාජ ඇතාගේ බඩ යටින් ගිහින්
මගේ බය නැතිවෙලා කියලා......
ඒත්.....
ඈත්ත ඊට වඩා ගොඩක් වෙනස්....
කුළුඳුලේම ඈති වුණ ආදරය
උපන්ගේම මියදුන දවසෙ ඉඳන්ම
මාව තනිකරල නොගිය නිසාද,
ඒ ආදරයේ ශේෂයක් විදියට
හිතේ තැන්පත් වුණ නිසාද,
හිතේ තියෙන
කඳුළු
ඇස් දෙකට ආවම
හංගගන්න....
මට උදව්වෙන නිසාද,
කියලා මම දන්නෙ නැහැ......
මොනාහරි හේතුවකට....
මම දැන් අන්ධකාරෙට
ආදරේ කරනවා ........
ඉස්සරම ඉස්සර දවසක....
අපි අපිට ආදරේ කල තරමටම...."
ලියා එව්වේ - නුවනි නිසල්යා ඉරුගල් බණ්ඩාර
එලියට වඩා අඳුර හොඳයි වගේ ඒ අතින් නම්... අලියෙ ඉන්නකොට හොඳට පේන නිසා යම් දවසක එපා වෙන්න පුළුවන්. කළුවරේදි කොහොමත් පේන්නෙම නෑනේ.....
ReplyDeleteහරේ කියල තියනව වගේ අන්ධකාරයත් හොඳ රැකවරණයක් තමයි.
ReplyDeleteස්තුතියි අදහස් වලට... :)
ReplyDeleteමිනිස්සු පෙම්කරලා පෙම්කරලා එපා වුනාම අන්ධකාරයට පෙම් කරන්න ගන්නවා. විඳවලා ආතල් එකක් ගන්නවා... වේදනාවේ සෞන්දර්ය තියෙන්නෙ ඔතන තමා...
ReplyDelete